ඔයා තනිවෙලා නෑ...

2.6K 332 32
                                    

මගේ කතාව සත්‍ය කතා ගොන්නක එකතුවක්... ඒක මගේ කතාව මුල ඉදන් අගට කියවපු ඕනෙම කෙනෙක් දන්නවා ඇති.

ඒ වගේම...

මේ කතාවට සමාන අසමාන කතා ගොඩක හිමිකාරයෝ මට හම්බවුනා.

තවත් සමහරු ඇති ඒ දේ සමාජෙට වසන් කරන් මැරි මැරී ජීවත් වෙන...

මම දෙයක් කියන්නම්...

ඔයාගෙ ශරීරයේ අයිතිය තියන්නේ ඔයාට. ඔයාගෙ අවසරයකින් තොරව කවුරුහරි ඒ ශරීරයට අතක් තිබ්බත් ඔයාට නීතිමය පිළිසරණක් තියනවා.

ඇයි ලැජ්ජා වෙන්නේ...

ඔයාට ඒ දේ කරපු අයයි ලැජ්ජා වෙන්න ඕනෙ. බය නැතුව කතා කරන්න. හිතට ධෛර්යය ගන්න. අද ඔයා කතා නොකළොත් හෙට තව කෙනෙක් ඒ විලෝපිකයන්ගේ ගොදුරක් වෙනවා.
ඔයා වගේම...🍂

ගෑනු ලමයින්ට විතරක් නෙවෙයි. පිරිමි ලමයින්ට පවා නීතියෙන් පිළිසරණ ලැබෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තියෙන්... හිතේ ධෛර්යය විතරයි ඕනෙ...

ඔයා වෙනුවෙන් මම ඉන්නවා...අපි හැමෝම ඉන්නවා...

තමංගේ ජීවිතේ ඉතිරි කාලෙ එකම දෙයක් ගැන වද වෙවී... ලෝදිය වලක දුක් විදිනවද... නැත්නම් තවත් දාස් දෙනෙක් ඒ අපායෙන් ගලවගෙන ඒ සතුට සමග ජීවත් වෙනවද කියන දේ තීරණය කිරීම ඔයාට භාරයි

ඔයා තනිවෙලා නෑ🤍

ඔයා තනිවෙලා නෑ🤍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නීතිය කාටත් ඉහලින් බව අමතක කරන්න එපා...
කට අරින්න බය වෙන්න එපා...🤍

🤍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now