පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්

224 67 51
                                    

Fact 1 - පොඩි කාලේ , සුලෝධජ ඕනවට වඩා වගකීම් ඔළුවට අරගෙන ඉන්නේ , අවුරුදු 7, 8 විතර ඉදන් ලොකු කෙනෙක් වගේ හැසිරෙනවා.. වැරදියි කියන්න බෑනේ රජකුමරුනේ...

Fact 2 - නාථ හරිම හුරතල් පොඩි කාලේ.. කිතා දේවිය නාථව ගොඩක් ගොඩක් හුරතල් කරලා.. කොහොමත් මිධුනාථ සාපේක්ෂව ටිකක් සුදුයි.. පොඩි කාලේ සූකිරි බෝලයක් වගේ.. අඩාගත්ත ගමන්ම ඉන්නේ මූණත් රතු කරගෙන.. [ ඒකට දැන්.. චහ් ] ..

Fact 3 - නාථ මුලින් අනුකිතා දේවිය එක්ක අසපුවට අාපු වෙලාවේ සුලෝධජට නාථව පේන්නම බෑ,. එදා රෑ කොහොමහරි සුලෝධජ අම්මාට හොරෙන් කුටියෙන් එළියට එන වෙලාවක නාථ ගහක් යට වාඩි වෙලා වස්දණ්ඩකට බටයක් සුද්ද කරනවා නළලත් රැලි කරගෙන තොලුත් හපාගෙන.. නිකන් බරවැඩක් කරනවා වගේ..

ඉතින් කොහොමහරි නාථ ඕක සුද්ද කරගන්න ගිහින් බටේ දෙකට මැදින් කපා ගන්නවා... ඊට පස්සේ තනියම අඩනවා.. ඒ වෙලාවේ තමා සුලෝධජ එතනට යන්නේ.. කොහොම හරි අන්තිමට සුලෝධජට සිද්ධ වෙනවා නාථව නලවගන්න අලුත් බට පතුරක් හොයලා දෙන්න.. ඒක හොයන්න දෙන්නා එක්ක යනවා අසපුව එහා පැත්තේ කැලේට.. අන්තිමට එයාලා එනකොට ප්‍රධාන අසපුවේ ඉස්සරහා දොර අගුළු දාලා..

සුලෝධජ නම් දන්නවා තාප්පෙන් පනින්න.. මුලින් එයා නාථට ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇතුළට ගිහින් නිදාගන්න හදලා පස්සේ , ඉතින් නාථ එක්ක දොරට හේත්තු වෙලා ඉන්නවා රෑම... එදා රෑ තමා අර හෙම්බිරිස්සාව හදාගන්නේ දෙන්නා එක්ක..

Fact 4 - කොහොමහරි දෙවෙනි දවසේ සුලෝධජ උපරිම ට්‍රයි කරනවා නාථ මගහරින්න.. කොහේ ද නාකි කකුලුවා සෙල්ලම් කරන්න අඩගහා ගන්නවා.. කොහොමහරි සුලෝධජට යකා නගින පාර මිධුනාථ කැලේ මැද්දට එක්කගෙන ගිහින් හැංගිලා දහයට ගණන් කරන්න කියලා එයා එනවා ආයේ පුහුණුවීම් කරන්න..

Fact 5 - ඉතින් මිධුනාථ හිතනවා සුලෝධජ ඇත්තටම එයි කියලා.. එයා ඇස් දෙකත් වහගෙන දහයට ගණන් කලාට සුලෝධජ නෑ.. පස්සේ එයා සුලෝධජ එයි කියලා බලාගෙන ඉන්නවා , කළුවරට බය නිසා ඇස් දෙකත් පියාගෙන සීතලට ගුලි වෙලා.. කොහොමහරි පුහුණුවීම් ඉවරවෙලාත් සුලෝට මතක් වෙන්නේවත් නෑ නාථව... එයා රෑ වෙනකම්ම කැලේ ඇතුලේ.. කොහොමහරි සුලෝට හම්බුවෙනකොට නාථට අසාධ්‍යයි සෑහෙන්න.. වාගිෂ්ඨ මුනි දක්ෂ නිසා තමා බේරෙන්නේ එයා..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now