කුසුමි

175 46 1
                                    

පෙරුම් පුරන්නට තවත් දිනක් නෑ
නෙතින් විදින්නට තව මොහොතක් නෑ
උනුහුම වියැකෙන බඹරිඳු රුව ළඟ
සිතේ කිසිදු පැතුමක් ශේෂව නෑ

රුහිරු වැකුණු මුව සිප සනහන්නද
තුරුලු කරන් ගත උනුහුම දෙන්නද
නිසලව නිහඬව සැතපෙන නුඹෙ සිත
චංචල කරනට කුමක් කරන්නද

මොහොතක් තනිකර පලා ගියේ මා
ජීවිත ඉරණම ලෙයින් ලියන්නද
සිතුමක් පාසා රිදවන කඳුළැලි
සුසුමන් මැද නුඹෙ රුව දැකගන්නද

මගෙත් හුස්ම ගෙන යන්න ගියා නම්
නෙක තුරු මැද විකසිත වී උපදින්නට
නුඹේ නමින් සුපිපුණ කුසුමක් වී
මා මතකයෙ වූ විත පහස සොයන්නම්

සීමා ඉම් බිඳ හෝ එරෙහිව ගොස්
මගේම වූ රුව නුඹම පතන්නට
බලා සිටිමි හද ගැහෙන තුරා යලි
හිමි නුඹ ළඟ මුළු ලොවම දකින්නට

#සුග්‍රීව

Min_Kisha

( මේ කවි මම ආයේ දිවයුරු වෙර ලියන්න ඕන කියලා මතක් කරවනවා )

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now