දේදුණු පාලම

3.3K 296 22
                                    

අද වගේ වැදගත්ම දවසක අම්මෙක්ගෙ තාත්තෙක් ගෙ ආශිර්වාද එක්ක එලියට බහින්න තියෙනවානම් අනිවාර්‍යෙන් ම හැම දේම ලස්සනටම විසදෙයි....ඒත් ඉතින් ජීවිතේට කවුරු හිටියත් නොහිටියත් අපි අපේ ගමන යන්න ඕනෙනෙ....අම්ම තාත්තා නැතුව අවුරුදු විස්සක්   ළමා  නිවාසෙක හැදුන මම වගේ කෙනෙක්ට ඒගොල්ලො නැතිව ජීවත් වෙන්න බැරි අඩුවක් කවදාවත් දැනිලා නෑ...ඒත් අනික් මිනිස්සු ඒ ආදරේ ගැන කතා කරනකොට, ඒ දේවල් අත් විඳිනවා දකිනනකොට , මටත් ඒ ආදරේ විඳින්න තිබ්බනම් කියලා හිතුන වාර නම් එමටයි...වැරැද්දක් කරනකොට සැර දාන්න අප්පච්චි කෙනෙක් නැතුවට, අප්පච්චි සැර කලාම අඬනකොට නලවගන්න අම්ම කෙනෙක් නැති උනාට ලෝකෙට බරක් නොවී වැරදි දේ මොකද්ද හරි දේ මොකද්ද කියල  තෝර බෙරාගෙන ජීවත් වෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න මට බැරි උනේ නෑ...කාගෙ ආශිර්වාද නැතත් කරන කියන හොඳ වැඩ වල ආශිර්වාදය හරි මට තියෙයිනෙ... ඉතින් අනිවාර්‍යෙන් මම අද යන ඉන්ටවිව් එකෙන් පාස් වෙයි...අනික මම කියන කෙනා  ගැන මට ලොකු විස්වාසයක් තියෙනවා...මේතාක් ජීවිතේට ලබාගත්ත අද්දැකීම් , වටිනාකම් එක්ක ජීවිතේ ඕනම දේකට මූන දෙන්න මට පුළුවන් කියලා මම දන්නවා...
ම්ම්ම්...හෙටින් පස්සෙ මමත් උදේ වැඩට  ගිහින් හවස බෝඩිමට එන, ඉරිදට දවල් වෙනකන් නිදාගන්න, සතියෙ දවසක පෝයක් එනකන් ඇඟිලි ගනින, මනුස්සයෙක් වීමට නියමිතයි...මේ තාක් ඉතින් මහපොළ තිබ්බ හින්දයි එහෙන් මෙහෙන් ක්ලාස් එකක් දෙකක් කරපු නිසයි සල්ලි කියන දේ අඩුවක් නොවී ඔහේ හිටියා..සල්ලි නිසාම නෙමේනෙ ඉතිස් රස්සවක් කරන්නෙත්... ඒවගේම ඉතින් කීයක් හරි ඉතුරු කරගෙන පොඩි ගෙයක් දොරක් හදාගෙන, වන්ඩියක් අරන් පාඩුවෙ ඉන්න නම් රස්සාවක් නොකර බෑ නෙ.. නෑ නෑ අනික් අයගෙ පිටපත් වල වගේ පවුලක් පන්සලක් වෙන දෙබස මගෙ එකේ නෑ... ජීවිතේ ගැන මොනතරම් සැහැල්ලුවෙන් හිතන්න හැදුවත් ඔය වගේ තැන් වල උත්තර නැතුව ඉතින් නවතිනවා...බලමුකො...අනාගතේ මොනවා වෙයිද කියලා අපිට කියන්න බෑ නෙ...
බුදු පහන තියලා ඒ පහන් හිතුවිලි එක්ක බෝඩිමෙන් එලියට බැස්සෙ බස් නවත්තන තැනට පයින්ම යන්න...ලාහිරු කිරන එක්ක මනමාලකම් කරන මල් කැකුලු හිතට තවත් අලුත් හැගීම් එකතු කලා...ඒක ටිකක් සාහිත්‍යමය වැඩිද මන්දා...කෝම හරි මේ පාන්දර මගෙ හිතේ අලුත් හීන, බලාපොරොත්තු ගොඩක් තියෙන අලුත් දවසක් ...
බස් එක නවත්තන තැනට ආවෙ ඔය වගේ දේවල් දාහක් හිත හිත, මොන දේ උනත් , මොන දේ නැති උනත් පොඩි හේතුවක් හරි අල්ලගෙන සතුටින් ඉන්න ලොකු පුරුද්දකට මම ඇබ්බැහි වෙලා ඉන්නෙ...පොඩි කාලෙ ඉදන්ම ඒ දේ පුරුදුයි .  හැමදාම තිබ්බෙ ඉතින් දුක හිතෙන දේවල් විතරයි, ඉතින් කොහොම හරි සතුටු හිතෙන පොඩි දෙයක් ගැන හිතලා, අනික් අය එක්ක කියලා මම හිනා උනා, සතුටින් හිටියා නෙමේ ,සතුටින් ඉන්නවා කියලා හැමෝටම පෙන්නුවා...ඒක හරියට මාවම රවට්ටගන්නව වගේ බොලඳ දෙයක් තමයි ,හැබැයි ...බොරුවක් උනත් එක දිගට එක විදිහට කියනකොට ඇත්තක් වෙනවා කියනවනෙ, දැන් ඕන දුක හිතෙන දේකදි උනත් පුංචිම හේතුවක් හොයන් සතුටින් ඉන්න එක මගෙ ආයාසයකින් තොරව ඉබේම වෙන දෙයක්....
ම්ම්ම්ම්....පාන්දර ඔෆිස් යන්න ආපු අයියලා දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඉතින් අහල පහල...මං එයාල දිහා බලනවා වගේම මගෙ  දිහාත් ඉතින් එයාලා නොබලන්නෙ නෑ...
ජෙන්ටා ඇදලා ඉන්නකොට ඉතින් ටිකක් මනුස්ස පාටට ඇතිනෙ..කවුද දන්නෙ ඉතින් මේ කවුරු හරි හිතින් කියනවා ඇතිද කියලා අනේ මේ වගේ මල්ලි කොල්ලෙක් මටත් හිටියනම් කියලා...
දවලුත් නොවන පාන්දරත් නොවන හීන කියන්නෙ ඒවට, මොනවා උනත් මේ විදිහට ලෝකෙට අසම්මත වෙලා ඉපදුන එක මගෙ හිතට වදයක්, දුකක් නෙමෙයි කිව්වොත් ඒක අමූලික බොරුවක්...
හොරකම් කරන, අනියම් හුට පට තියෙන, පව් වැඩ ඔක්කොම කරන උන් දිහා හිනාවෙලා බලන සිරිලන්කන් පීපල් ලා කොල්ලෙක් තවත් කොල්ලෙක් එක්ක ජීවිතේ බෙදාගන්නවා කිව්වොත් කියන්නෙ
අපෝ සංස්කෘතික විනාසයි, අපේකම කනවා, ඉදකින් සමනල්ලු..
තව ඒවා කියනවා ඇති මම අහගෙන  තියෙන්නෙ ඔය ටික විතරයි, හැබැහින් නම් නෙමේ...මගෙ ෆේක් එබ් බී එකෙන්...
හැබැහින් ,මම වගේම උන් එක්ක ජීවිතේ ගැටුනු තැන්, විදපු තැන්, විදවපු තැන් නැතුවම නෙමෙයි...
හැබැයි ඒ හැමදේම මම ලෝකෙට අසම්මතයි කියන එක ආයෙ ආයෙ මතක් කලා මිසක් අනේ මූටත් අනික් උන්ට  වගේම ආදරේ දැනෙන දුක සතුට දැනෙන එකෙක් නේද කියලා මතක් කරන්න්  කාටත් මතක් උනේ නෑ....එහෙම කිව්වා කියලා ඉතින් දකින දකින කෙනා එක්ක නිදාගත්ත එකෙක් නෙමෙයි මම...සීයක් එක්ක හිනා උනා , දහයක් එක්ක කතා කලා, එකෙක් ගෙ අතින් අල්ලගත්තා. ....
එයාට ඕන උනේ ශාරීරික බැඳීමක්...මට ඕන උනේ ඊට එහා ගිය හිත් වල බැදීමක්...පාරවල් දෙකක යන්න හදන දෙන්නෙක් කොහොමද එකම පාරක යන්නෙ...
ඌ මයි ආවේ ඌමයි යන්නෙ
මා එතනම එහෙමයි...
හැබැයි ජීවිතේට තුවාල පැල්ලමක් ඉතිරී...මිනිස්සු ගැන අවබෝධයක් තියනවා දැන්...සමහරවිට මගෙ තේරිම වැරදි ඇති....
බස් එකක් ආවා....බස් එකට නැග්ගට ඉදගන්න සීට් එකක් නම් තිබුණෙ නෑ...

දේදුණු පාලමWhere stories live. Discover now