අපි අපේ 3

1.8K 321 101
                                    

# හරිනෙ....දැන් සේරම අර යකාට සැක හිතෙන දේවල් උනේ...ගත් කටටම ඇහුවනෙ උඹ සුදු අප්පුද කියලා...ඕන මගුල්ක් හිතාගත්තෙන්...ඔප්පු කරන්ඩ සාක්කි නෑ නෙ...හිටපන්කො මේක බ්ලොක් කරලා දානවා #

මං කිසිම උත්තරයක් නොදී ඇටි කුකුලව බ්ලොක් කලා...මම් බයේ හිටියෙ මූ කොයෙ වෙලේ හරි මක් ගැන ගෙදරට කියයි කියලා....හිතාහන්න බැරි උනා ඉස්සරහට මොනවා වෙයිද කියලා..
ඔහොම ඉද්දි තමා අපේ අම්මා කා එක්ක හරි රණ්ඩු වෙන සද්දයක් ඇහුණෙ.

" අනේ මේ....ඔය ළමයා බෝඩිං වෙන්ඩ ආවා නං ඒ විදිහට ඉන්ඩ...මට මගෙ එකා ගැන විස්සාසයි...මගෙ එක ගැන මං බලාගන්නං...කාටවත් කරදර වෙන විදිහට අපි ළමයි හදල නෑ..."

"ඔව් ඔව් ...ඒක හොඳට පේනවා ඇන්ටි...මම කොහොමත් වැඩි දවසක් ඉන්නෙ නෑ...හෙටම මම යනවා...මම දුන්න සල්ලි මට ආපහු ඕනෙ "

" එහෙම කොහොමද කරන්නෙ.... ඔයැයිට ඕන ඕන විදිහට අපි නටයි කියලා වෙන්ටැ හිතාන ඉන්නෙ"

" හරි එහෙනම් බලමුකො...අම්මා බෝඩින් කාමර දීලා සල්ලි කඩා ගන්නවා...පුතා රෑට හොල්මන් නටලා පන්නගන්න දත කනවා...එතකොට තව එකෙක්ට කාමරේ දීලා අන්දන්න පුලුවන්නෙ .. හොර හැත්ත...මහ උන් වගේ තමයි පැටවුනුත් හැදෙන්නෙ "

මට බැන්නා නම් ඉවසන් ඉන්න පුළුවන් ..ඒත් මම කරපු වැඩ නිසා අම්මට අර විදිහෙ බැන්න එකට මට කට වහන් ඉන්න බැරි උනා...ඕන දෙයක් වෙද්දෙන් කියලා මම අරූට බනින්න පටන් ගත්තා..
ඒත් එක වචනයක් වත් පිට වුනේ නෑ...කොයි තරම් බැනගන්න ඕන වුනත් බැන ගන්න බෑ....

" සුදු අප්පු...සුදු අප්පු...මොකද යකෝ හීනෙන් බෙරිහන් දෙන්නෙ....ඒපාර තේ එක බීලා ආයෙ ඇඳට වුනාද දපන්න...පළයං ගිහින් මූණ හෝදගං...මගෙන් කොස්සෙන් පාරක් නොකා "

" කෝ අර යකා..."

" මොන යකාද "

" උඩ බෝඩිමේ ඉන්නෙ....ඌ අම්මට බැන්නද "

" අහවල් එකකටද බන් ඒ කොල්ලා මට බනින්නෙ...මේ ටිකකට කලියෙනුත් ඇවිල්ලා අගේට කතා කරලා ගියෙ...."

" මොකද්ද කියන්නෙ...."

" ඒක කියන්ඩත් එක්ක මං කාමරේට එද්දි තමා උඹ මොකාද එකා වගේ කියෝ කියෝ හිටියෙ..."

අපි අපේWhere stories live. Discover now