දේදුණු පාලම 5

1.2K 246 18
                                    

දේදුණු පාලම-5

" ආ....මෙයා බලන්න එපැයි...මොරාල් වෙලා තියෙන තරම, මෙතන ඔය මොන දේ කිව්වත් පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් තමුන් ආපහු පරන පිස්සු ටිකම නටන් නැද්ද බලනවකො...මට නම් ශුවර් නෑ"
මට ඕන උනේ අයියව අධෛර්යමත් කරන්න නෙමේ...එයාට අභියෝග කරන්න...
-" මොනවද ඔට්ටු?"
-" ම්ම්ම්....මොනවද ඔට්ටු අල්ලන්නෙ...සතියනෙ ඉතින් තමුසෙ ඉන්නෙත්...මාසෙක කාලයක් වත් බලන්න ඕනෙ ඉතින් ඔට්ටුව සාදාරන වෙන්න නම්"
-"එහෙනම් ඉතින් මම මාසයක් ඉන්නම්...."
-"ගෙදර යන් නැද්ද...ඇයි ?"
-" තව ටික දවසක් ඉන්න ඕනෙ මෙහෙම"
-" මගෙ බෝඩිමේ සතියක් තියාගන්න කියලා එක්කන් ආවේ..දැන් මාසයක් ඉන්න කතාව"
-" අකමැති නම් මම යන්නම් ඉතින්"
-"කවුද තමුසෙ ඉන්නවට අකමැතී කිව්වෙ....වෙලාවකට කටින් කියන දේම නෙමේ හිතේ තියෙන්නෙ.. හිතේ තියෙන්නෙ ඊට වඩා වෙනස්ම දෙයක් වෙන්න පුලුවන් ...ඒක ඉතින් අනික් කෙනා තේරුම් ගන්න ඕනේ..."
-" මට හිත් කියවන්න බෑ නෙ".
-" හිත් කියවනවයි කෙනෙක්ව තේරුම් ගන්නවයි කියන්නෙ දෙකක්...මොකද මේ හැමදේම කෙරුවෙ මටත් හිත් කියවන්න පුලුවන් වෙලා නෙමේනෙ"
-"කෙලිම්ම කියනවකො ඉතින් වටේ නොයා
-" මොනවද ?"
-" අනේ යන්න එපා අයියෙ ඉන්න කියලා...."
-"වෙන වැඩ නැත්නම් හොදයි...ඔයා මම එක්ක හිටියත් එකයි මට නැතත් එකයි..මේ තරම් කල් තනියෙන් හිටපු අනාතයෙක්ට ඕක මොකද්ද අයියෙ...කොහොම හිටියත් ඉතින් කවදම හරි ඔයා යනවනෙ..."
-" මල්ලි....ආයෙ කවදාවත් උඹ අනාතයෙක් කියලා කියන්න එපා බන්....උඹ වගේ එකෙක්ට එහෙම ජීවිතයක් ගැලපෙන් නෑ"
-" ජීවිතේ වෙන්නෙ ගැලපෙන දේවල් විතරක්ම නෙමෙයිනෙ අයියෙ...කොහොම උනත් අන්තිමට වෙලා ය්හියෙන්නෙ ඒකනෙ"
-"ඉතින් උඹට දැන් අයියා කෙනෙක් ඉන්නවනෙ....උඹ මට හැමදේටම ඉන්නවා වගේ...උඹ හිතනවද දැන් මම උඹට ඕන වෙලාවෙදි උඹ එක්ක ඉන්න එකක් නෑ කියලා..."
" මට එහෙම ඉන්න කියන්න අයිතියක් නෑ නෙ...".
-"අයිතිය කියන දේ දෙන්නම ඕනෙද? අයිතියක් හදා ගනින් ඉතින්"
-" ත්‍රීවිල් එකක් ගන්න තැනක් බලන්නකො...තව දිහාකට ඔයාව එක්කන් යන්න ඕනෙ..."
මම ඒ දේ කිව්වෙ අයියා කියාගෙන ආපු දේවල් වලින් මගාරින්න...මට ඕන දේමද අයියා කියන්නෙ...ඒ දේම එයා කියනවානම් ඇයි ඒ දේ අහන්න මම බය වෙන්නෙ...මේ වගේ දාහක් දේවල් හිත හිතා මම සුපාර් මාකට් එකකට ගියා...අයියා වීල් එකක් අරන් එන්න ගියා....
ටික වෙලාවකින් අයියා වීල්.එක අරන් ආවා...
" ඒ බොස්...නගිනවා"
මම ගත්ත බඩු ටිකත් අරන් වීල් එකට නැග්ගා
-" මොනවද මේ මල්ලක් පුරෝලා"
-"චොක්ලට්"
-" මේ තරම් ගොඩක්"
-"ඔව් ඇයි.... "
-"මෙච්චර කාට කන්නද...කොහෙද මේ යන්නෙ"
-"යන්කො කටවහගෙන..."
මම වීල් එකේ අයියට හරවන්න ඕන තැන් පෙන්නුවා...ඒ අතරේ තාමත් අර යකාගෙ ප්‍රශ්න පත්තරේ දිගෑරගන්නවා...
-" උඹ එදා මිස්ලගෙ ගෙදර ගියෙ ඇයි..එයාල ගෙදර හිටියෙ නැද්ද කොහෙද ඒ දවස් දෙක තුනේ"
-" ම්ම්...හිටියෙ නෑ මම ගියෙ මිස් ට කතා බහ කරලා එන්න..හොද ගමනක් යන්න කලින් මට වැදලා යන්න වෙන වැඩිහිටියො නෑ නෙ...උගන්නපු ගුරුවරුන් ගෙන් ලග ඉන්නෙ මිස්...තැන විතරක් නෙමේ...මිස් මගෙ හිතට්ත් ලගයි "
" හොද ගමනක් යන්න කිව්වෙ?"
මලා....මමත් ගොනා වගේ ඒක කිව්වනෙ...දැන් මම කිව්වොත් මම ඉන්ටවිව් එකකට යන්න ගියෙ කියලා මූ නිසා ඒක  නැති උනා කියලා මූ අවුල් ගනි
-" මේ....මම මොකටද ඒ හැමදේම ඔයා එක්ක කියන්නෙ.. ඒක ඒ තරම් වැදගත් ගමනක් නෙමෙයි...එකනෙ ඒක පැත්තකට දාලා හරකෙක් නිදහස් කරන්න ගියෙ"
-"වැදගත් නැත්නම් මිස් හම්බෙලා වැදලා කරලා යන්නෙ නෑ නෙ...දැන් උඹට මට කියන්න බෑ නේද?"
-" අනේ කට වහන් යන්කො අප්පා වද නොදී..."
-" මල්ලි....ඉස්සරහින් වීල් එක නතර කරපන්කො පොඩ්ඩක්..."
අයියා එහෙම කිව්වාම වීල් එකේ අයියා ඒක නතර කලා...අයියා මොකාද එකා වගේ බැහැලා ගියා....
මේ මොන විකාරයක් කරනවද...
මටත් ඉතින් ඒ පස්සෙන් යන්න උනා
-" අයියෙ විනාඩියක් ඉන්න....මම අයියට මොකද උනේ කියලා බලලා එන්නම්.."
-" හරි මල්ලි..."
...........................................................
"මොකද මනුස්සයො එක පාරට වීල් එකෙන් බැහැලා ආවේ...."
මම  කතා කලාට අයියා එයාට නෙමේ වගේ අහක බලන් හිටියා
" මේ...මිස්ටර් නාලාගිරි...මන් ඉයාට කතා කරන්නෙ..හෙලෝ...."
-"යන දිහාක උඹ පලයන් මල්ලි..මගෙ දේවල් හැම එකම උඹ එක්ක කිව්වට උඹ මට සලකන්නෙ පිට එකෙක් වගේ...උඹට අර තරම් දෙයක් මං එක්ක කියන්න බැරි නම් මොකටද මම තව උඹෙන් උදව් ගන්නෙ ?"
-" හරි අනෙ....මම කියන්නම් ඉතින්...යන්කො .."
-" බෑ...කියනකන් එන් නෑ-"
-" මෙ ගස් බල්ලා යකො..වුර්තීය සමිති කාරයෙක් වගේ...මම එදා ඉන්ටවිව් එකකට යන්න ගියෙ අනේ...ඒක ඒ තරම් වැදගත් එකක් නෙමේ"
අයියා මොකුත් නොකියම මම දිහා ටික වෙලාවක්  බලන් හිටියා
-"කොහොමද බන් ඒක වැදගත් එකක් නෙමෙයි වෙන්නෙ..."
-" මේ...වදයක් නොවී එනවද..ත්‍රීවිල් එකේ අයියා බලාගෙන ඉන්එ අපි එනකන්..."
අපි අතරෙ ඊට පස්සෙ වැඩි කතාවක් තිබ්බෙ නෑ...යන්න ඕන තැනට ඇවිත් අපි වීල් එකෙන් එලියට බැස්සා,මම සල්ලි දෙන්න හදනකොට ඊට කලින් අයියා සල්ලි දුන්නා

දේදුණු පාලමWhere stories live. Discover now