සක්

3K 360 124
                                    

සක් 1

#ගම්පහ අවට කාටහරි පුළුවන් නම් මට අද රෑට නවතින්න දෙන්න. මං ගෙදර යාගන්න බැරුව අතරමං වෙලා ඉන්නෙ#

ගම්පහ සමරිසීන්ගේ පිටුවකට මං මේ වගේ පණිවිඩයක් තිබ්බේ ගෙදර යාගන්න බැරි නිසා. වෙලාව රෑ 9 පහුවෙලා කියලා මතක කොහෙ හරි දාලා තිබ්බ පොකට් රේඩියෝවක නිවේදිකාවකගෙ හඬින්. ඒක තහවුරු කරගන්න ඕන නිසාම මං ඉස්ටේසමේ ඩිජිටල් ඔරලෝසු පුවරුව දිහා බැලුවෙ බෑග් එක ලී බංකුවෙන් තියලා නැගිටින ගමන්. ගම්පහ ටවුම හරි ආගන්තුකයි, එහෙ මෙහෙ දුවන මිනිස්සු රොත්ත හින්දද මන්දා මට දැණුනෙ කළුවර එක්ක ආපු මූසල ගතියක්.

විනාඩි ගණක් ගෙවිලා යද්දි ලයික් එක දෙක වැටුණට කාගෙන්වත් උත්තරේකින් මට බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ. ලයික් අතරට කීප දෙනෙක්ගෙ සමච්චල් හිනාව ඉමෝජි ගාණකින් එකතු වෙලා තිබ්බෙ මොකක් හින්දද කියලා මට කල්පනා කරන්න වෙලාවක් තිබ්බෙ නෑ. මගෙ ඔළුව යකාගෙ කම්මලට වඩා ටිකක් වැඩියෙන් පිස්සු වැටිලා තිබ්බා වගේ මට දැණුනෙ. කමෙන්ට් එකක් දෙකක් ආවත් ඒවගෙ අහලා තිබ්බෙ මම ටොප් ද බොටම් ද, වයස කීයද කියලා විතරයි. බුදියගන්ඩ එකෙක් නෙමේ හෙව්වෙ රැයක් බුදියගන්ඩ තැනක් දෙන්ඩ පුළුවන් ඓකෙක් කියලා කියන්ඩ කට නලියෑවා. ඒත් නිකන් රණ්ඩු දාගන්නෙ මොකටද කියලා හිතන් ලියපු කමෙන්ට් පවා ආපහු කපලා දැම්මෙ පළ නොකරමයි.

කතා කරන්න උදව් ඉල්ලන්න තරම් වත් කාත් කවුරුත් නොදන්න නිසා මම ඉද හිටලා නැගිටලා අඩි කීපයක් ගිහින් කරපු එකම දේ ආයෙත් ඉඳගන්න එක.
කවුරු හරි කෙනෙක් පැත්තක ඉදන් රේඩියෝ එකක සින්දු වැඩසටහනක් අහනවා....සැරෙන් සැරේ ඒ රේඩියෝවෙන් වෙලාව කියද්දි මගෙ නොසන්සුන් ගතිය තව වැඩි වුණා.
ඒ අතරකදි මං පළ කරපු පෝස්ට් එකට අමුතුම එකවුන්ට් එකකින් කමෙන්ට් එකක් වැටිලා තිබුණා.

" ඉන්බොක්ස් බලපන්"

මම පුළුවන් ඉක්මනට අදාළ එකවුන්ට් එකෙන් මට තිබ්බ පණිවිඩේ දැනගන්න ඇඟිලි ඉක්මන් කලේ ඔහුගේ පණිවිඩයට ලයික් එකක් හෝ දැමීම නොතකාය.

" මගෙ බෝඩිමේ ඉන්න දෙන්න පුළුවන් , ඉන්න තැන කියලා මැසෙන්ජර් කෝල් එකක් දීපන් "

සක්Where stories live. Discover now