ස්වර 3

881 156 57
                                    

අරමුනක් නැති, බලාපොරොත්තුවක් නැති, හව්හරනක් නැති මනුස්සයෙක් වෙලා මේලෝකේ ජීවත් වෙන්න අමාරුයි, කමක් නෑ..ජීවිතේ ඉදිරි කාලෙ මම ජීවත් වෙන එකක් නෑ.. මැරි මැරි ඉපදෙනවා මිසක්,අර වදකයගෙ හැම තිරිසන් ආශාවකටම ගොදුර වෙන්න මට සිද්ද වෙයි.නූල කැඩුන සරුංගලේ ඉහලටම පාවෙලා ගියත් ඒකෙ අන්තිම ඉරනම වෙන්නෙ කොහෙ හරි අතු රිකිල්ලක්  නැත්නම් කටු ගොල්ලක්...ඒ හැමදේටම මූනදෙන්න මම සූදානම් , මම පොරොන්දුවක් උනා...දැන් මොනම දෙයක් උනත් ඒ දේ වෙනස් කරන්න බෑ ....
කාලය ගෙවිලා ගියා..පවන් සාමාන්‍ය තත්වෙට ආවා , මේ හැමදේකටම කමාවක් තියන්න තවත් අලුත් දවසකට හිරු උදා උනා..අද දවස මගෙ ජීවිතේ දුක සතුට හැමදේම තීර්නය කරයි. මොකද අද මම ඉල්ලා අස්වීමෙ ලිපිය බාරදෙනවා....
මම කම්පැනි එකට ගියා...ඇතුලට යන්න කලින් ටිකක් නැවතිලා ඉදලා ඒ දිහා බලන් හිටියා..ජීවිතේදි මම වැඩියෙන්ම  ආදරේ කරපු තැනක්...මම ඇතුලට යනකොට කල්තියාම භූමි සර් ඇවිත්....මට ඒ වියරු ස් දෙක දකිනකොට හදවත ටිකක් වේගෙන් ගැහෙන්න ගන්නවා, තව ටික දවසකින් මේ මිනිහගෙ මරු කටට යන්න ඉන්නවා කියලා දැන දැනත් ඇයි මම මේ හැම දෙයක්ම දමලා ගහලා නොයන්නෙ, නැ ..මට ඒම කරන්න බෑ...මොකද මම පොරොන්දුවක් දුන්නා...මොන දේ උනත් ඒ දේ මම ඒ විදිහටම කරන්න සූදානම්...මගෙ ඉල්ලා අස් වීමේ ලිපිය බාරගන්න උන එකට ලොකු සර් ට ගොඩක් පුදුමයි , මම කිව්වෙ මගෙ ඉගනීම් කටයුතු නිසා අයින් වෙනවා කියලා...පොඩි පඩියක් ලැබුනත් මේ රස්සාවට මම ගොඩක් ආදරේ කලා..හැම උත්සවේකම එනවුසින් බාරදුන්න දවසෙ ඒක තවත් වැඩි උනා...මොකද  ඒ දේ මගෙ ජීවිතේ ආස කරපු දේවල් වලින් උඩින්ම තිබ්බ දෙයක්..කොහොමහරි ..මගෙ ජීවිතේ තවත් එක තැනකට මේ විදිහට මම සමුදීලා පාරට බැස්සෙ ජීවත් වෙන්න රස්සාවක් හොයන උසස්පෙල සමත් වයස 23 තරුනයෙක් විදිහට...දිග හුස්මක් ගත්තා. ජීවිතේ අලුතින් පටන් ගන්න හදපු තැනිනුත් මට සිද්ද උනේ පරනමතක ගොඩේම ආයෙ ගොඩ එන්න බැරි විදිහකටම හිරවෙන්න...ජීවිතේ හරිම පුදුම දෙයක්, ඇතිවීම් නැතිවීම් එක්ක ගලාගෙන යනවා...මොන දේ කොහොම උනත් ඒක අපිට මගින් නවත්තන්න බෑ...බඩගින්නක් ආපු නිසා කඩේකට ගොඩ වෙලා මොනවහරි බඩට දාගන්න හිතුවා. ඒත් දැන් හැම සතයක්ම වියදම් කරන්න වෙන්නෙ පරිස්සමෙන් , මොකද මම දැන් රස්සාවක් නැති නිකමෙක්, වෙනසකටත් එක්ක සයිවර් කඩේකින් තෝසෙ දෙකක් කාලා පාරට බැස්සෙ කිසිම අරමුනක් නැතුව..බෝඩිම පැත්තට යන්න කලින් මට මේ දුක ටිකක් නිමාගන්න තැනක් ඕන උනා...

ස්වරWhere stories live. Discover now