1 කොටස

9.7K 809 537
                                    

[ නම් සහ ගම් සියල්ල මනකල්පිත බව කරුණාවෙන් සලකන්න. කිසිම චරිතයක් සැබෑ නොවන අතර , කිසිදු අවස්ථා නාමයන් ද සැබෑ නොවන වග තේරුම් ගෙන හැසිරෙන්න . ]

************************************

'' ගිය පාරත් දුන්නා බැටේ...
මේ පාරත් දෙනවා බැටේ... ''

පපර සද්දයත් එක්ක, වාහනවල නලාත් එකතු වුනාම ඒ දවස් දෙකට මුලු ටවුන් එකම  එකම එක පෙළපාලයයි. ලොකු පොඩි කියලා නෑ හැමෝම කොහෙන් කොහෙන් හරි හොයාගත්ත වණ්ඩිවල , වාහනවල නැගලා , ජනේලෙන් ඔළුව එළියට දාගෙන ගැම්මෙන් කෑ ගහ ගහ යන්නේ අවුරුද්දටම එහෙම අවස්ථාවක් එන්නේ එකම එකම පාරක් නිසා.. තඩි කොඩියක් ලොකුවට උස්සගෙන හැමෝම උගුරු ලේ රහා වෙනකම් කෑගැහුවේ තම තමන්ගේ ඉස්කෝල වෙනුවෙන්..

වෙනදාට නැති පාරේ අද සද්ද වුනාම කෙල්ලෝ ටිකත් ඉස්කෝලවල්වල තාප්ප අස්සෙන් හොරෙන් හොරෙන් එබිකම් දාන්නේ , අවුරුද්දකට සැරයක් පෙන්නන ඒ මහා සර්කස් එක දකින්න.. හැබැයි ඉතින් එහෙමයි කියලා කොල්ලෝ ටික කෙල්ලෝන්ට නොපෙනන්න බුම්මැඩියෝ වගේ ගියා කිව්වොත් නම් ඒක මේ මහා පොළොව කම්පනය වන්නා වූ අමූලික මුලාවක්.. උන්ගේ සද්දේ වැඩිම වෙන්නේත් බාලිකා පාසල් ගාවදී තමා...

මුළු ටවුන් එකම කම්පනය කරන්නේ වෙන මොකක්වත් නෙවේ , '' පක්ෂීන්ගේ සටන '' කියලා එයාලම නම් දාගත්ත , වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා තරගය තමා.. ඒ දවස්වලට ඉදින් අමුතු අමුතු පක්ෂී සටන් ඇති වෙනවා කියලා කව්දෝ කාට ද කියනවා මාත් අහගෙන...

මුහුදේ දාපු ලොකුම ලොකු ෆස්ට් ෆ්ලෑග් එක හැමෝටම වඩා උඩින් දාන්න තමා දෙපාර්ශවයටම ඕන වුනේ.. රථ පෙළපාලි යනකොට , දිගම පෙළපාලිය තියෙන්නේ අපිටයි කියලා පෙන්නන්න එකම වාහන ටික ආයේ ආයේ හරව හරව පෙළපාලියට එන අවස්ථා නැතුව නෙවේ... ගැම්මට , ඉස්කෝලෙන් ගහලා දීපු ටීෂර්ට් එකයි ඩෙනිම් එකයි ඇදලා , හැමෝම මෙහෙම කෑ ගහ ගහ පෙළපාලියේ යන්න එන දවස එනකම් බලාගෙන ඉදියේ , ඉස්කෝලේ පිටට දාලා පාරේ ආතල් ගන්න එකම දවස මේක නිසාම විතරක් නෙවේ...

'' අඩෝහ් බන් කෙයාන්.... ඕක පැත්තකින් තියලා කෑගහල්ලා.. ''

ග්‍රවුන්ඩ් එකක් එක්ක කොට තාප්පයක් තියන ගර්ල් ස්කූල් එක ගාවට කිට්ටු කරපු ගමන් ඇහුණ ආමන්ත්‍රණයට කෙයාන් එයාගේ අයි ගණයේ ගඩොල් කැටේ පැත්තකින් තියලා ගැම්මට ඉස්කෝලේ කොඩිය අතට අරගෙන එයා එක්ක කෑ ගහන සහෝදරයෝ එක්ක එකතු වුනේ සද්දේ උපරිමේටම වැඩි කරමින්...

_Lost Eyes_Where stories live. Discover now