දිවයුරු අවසානය

224 43 7
                                    

සිත තෙමා වට බිනර මහ අකල් වැසි
උයන් දිය කෙලි මවන සඳ
දුරින් හිඳ බලා ඉන්නම්
දෑගිලි පටලා යනෙන නුඹ දෙස

සීමා නොමැති වග සෙනෙහසට
නිමල හැඟුමක වරදක් නොමැති වග
කියා දුන්නේ නුඹම නම්
ඉතින් වැරදිද මේ මමත්

අවැසිමද හැඳුනුම් නාම
නොදැනිම සිත බැඳුනු තැනට
අන් සතු කුසුමකට බැඳි සෙනේ සිත
මුදවාගත යුතුද මා

අනවැසි වුව හිමි කම්
අවැසි නෑ අතැර යන්නත්
සිත නිවන රුව නුඹ දකින්නට
අවසර ඇවැසිමද හිමි බඹරිඳුගෙන්

සහස් ගව් දුර සුවඳ දෙන
කුසුමට ලොබ නොබැන්ඳෙමි
එනමුදු සිතින් බැඳි වග
සඟවන්නම් දිවිතුරා

බිනර කුසුමතර මැවුණු රුව
මකාලිය නොහී නම් සිතෙන්
කුමක් කරන්ද පතනු හැර
දකින්නට එකම එක වරක හෝ

අවසරයි බඹරිඳුනි
දැකගන්න එක් වරක්
නුඹට හිමි බිනර කුසුමෙහි සොබා
ඈත සිට...

 
Min_Kisha -

ඇඩුනානේ... හුවෑෂ්....තැන්ක් යූ... මිධුනාථ - සුලෝධජ කැලේ සුග්‍රිව ථිත... අනේ්ව්..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now