දේදුණු පාලම 12

1K 218 18
                                    

දේදුණු පාලම 12

පහුවදා දෙන්නම වැඩට ගියෙ එකම එක වචනයක්වත් කතා නොකර..එදා මම හාෆ් ඩේ දාලා තිබ්බේ...අයියට නොකියම මට එලියට යන්න ඕන උනා...ඒ විශේශ කෙනෙක්ව හම්බෙන්න....ඒ වෙන කවුරුත් නෙමේ...නිමන්ත අයියගෙ තාත්තා ....කෝල් කරලා එන්න කියපු තැනට වෙලාවටම මම ගියා...තාත්තා එන්න ටිකක් පරක්කු උනා...විනාඩි 10 විතර යනකොට තාත්තා ආවා..
-"සොරි...බැක් ටු බැක් මීටින්ග්ස්...මේකට වෙලාව වෙන් කරගත්තෙ ගොඩක් අමාරුව්‍ර්න්...ගොඩක්ම වැදගත් දෙයක් කිව්ව නිසා...."
-" අන්කල් කියන්නද සර් කියන්නද මන්දා....මම මුලින්ම එක ප්‍රශ්නයක් අහන්නම්....මාව හෙලන්කා ඇපරල් එකේ වැඩට ගත්තෙ සර් ගෙ පුතා කියපු නිසාද නැත්නම්.මම ඒකට සුදුසු නිසාද"
-"මෙහෙමයි....ඔයට ආපහු ඉන්ටවිව් කෝල්.කලේ අපෙ පුතා කිව්ව නිසා...හැබැයි...ඔයාව ඇත්තටම වැඩට ගත්තෙ ඔයාගෙ සුදුසු කම් නිසා...ඇත්තටම පුතා මීට් උන එක හොදයි...නිමන්ත මට කිව්වා..පලවෙනි දවසෙ පුතාගෙ ඉන්ටවිව් එක මිස් උනේ නිමන්තව බේරගන්න ගිය නිසා කියලා...ඇත්තටම හරි නම්.මම පුතාව හොයන් ඇවිත් තෑන්ක් කරන්න ඕනේ....ඒත් නිමන්ත මට එහෙම කරන්න එපා කිව්ව නිසා මම මේ දේ නොකලේ.."
-"නිමන්ත අයියා තාමත් හිතාගෙන්  ඉන්නෙ එයා හෙලන්කා ඇපරල් එකේ ඕව්නට් ගෙ පුතා කියලා මම දන් නෑ කියලා...සර්...මම අෆ්හ ආවේ ගොඩක් ගිඩක් පුද්ගලික දෙයක් කතා කරන්න"
-"මොකද්ද පුතා....කියන්න...මට තව විනාඩි 43 ඔයා වෙනුවෙන් දෙන්න පුලුවන්...අනිකතව දෙයක්...පුතාට කියන්නම ඕනෙ...එදා නිමන්ත ඔයා එක්ක ගහපු සෙල්ෆියක්.මට එව්වා...මෙයා තමා අද ඉන්ටවිව් එන කෙනා කියලා...එදා ඉදන් මම ඔයා ගැන වගේම මගෙ පුතා ගැන කෙනෙක් ලව්ව හොයලා බැලුවා...ඇට්ග්තටම්  පුතා මට මගෙ පවුල විනාස නොවී එකතු කරගන්න බැරි උනා...මගෙ පුතාගෙ ජීවිතේ  මට මගෑරුනා...එයාගෙ පවුල්.ජීවිතේ පරිස්ස්න්.කරගන්න උදව් කරන්න මට බැරි උනා...එයාට මාසයක් ගානෙ සල්ලි දැම්ම මිසක් එයා මිනව කලාද හියන්න මට වෙලාවක් තිබ්බෙ නෑ...ඊට වඩා උවමනාවක් තිබ්බෙ නැ...මොකද දුව ගෙ ගෙදරින් ඩිවෝස් එක ඉල්ලුවෙ අපේ පුතාගෙ වරද නිසා කියන මතේ මම තාමත් ඉන්නෙ...ඒනිසා මම හරියට තරහින් හිටියෙ...මේ දේවල්.එක්ක එයාව මට සම්පූර්ණයෙන් ම මගෑරුනා...අන්තිමට එයා ක්ලබ් ගානෙ යන...රස්තියාදු කාරයෙක් වෙලා...ඒ මදිවට එයාට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැතුව බේබද්දෙක් වෙලා...ප්‍රශ්න එක්ක..ජීවිතේට මුන දෙන්න බැරි තැන ජීවිතෙන් පැනලා යන්න තරමට ඒ අහින්සකයා පත් වෙලා තිබ්බා...මේ හැමදේම මගෙ වරද පුතා...හැබැයි...පුතාගෙ පිනකට එදා ඔය පුතා එතනට ගිහින් තිබ්නෙ...ඔයාගෙ හැම දේම් කැප කරන් මගෙ කොල්ලගෙ ජීවිතේ බේරගෙන තිබ්බා...ඒ මදිවට..එයාගෙ ජීවිතේ හැම දේම ඔය ලමයා වෙනස් කලා...ඒ හැම දේම්.මම දන්නවා පුතා...ඇත්තටම මම පුතාට ණය ගැතී..."
-"හම්මෝ...ලොකු පාපොච්චාරණයේ වගේනෙ සර්...විනාඩි 43 න් ගොඩ වෙලාවක් සර් ම ගත්තා...මට නොදි..ඒක් හරි අසාදාරනයි නේද"
සර් හිනාවුනා....
-"ම්ම්...මම මීටින් එක කල් දාගන්නම්..පුතාට ඕන දෙයක්.කියන්න...අනික මට සර් කියන්න ඕනෙ නෑ....තාත්තෙ කියලා කතා කරන්න...පුතත් මගෙ පුතෙක් වගේ...මේ හැම දේම දැනගත්තාම මට පුතා ගැන ලොකු පැහැදීමක් ඇති උනා...."
-"මට තාත්තා කියන වචනෙ හුරු නෑ සර්...ඔම්න.ඔහෙ කියවෙන එකක්.කියන්නම්...කිසිම දෙයක් බලෙන් , එකපාර්ට වෙනස් කරන්න අපිට බෑ..ඒකට ඕන වෙන්නෙ කාලය..."
-"පුතාගෙ පොඩි වයසට සෑහෙන අද්දැකීම් ගොඩක් එක්ක පුතා කතා කරන්නෙ...ඇත්තටම අර වගේ එකෙක් ට හොද නරක කියාදෙන්න අපිට බැරි උනා...පුතා ඒක් කලෙ ඔය පන්ඩිත කම හින්දමද කොහෙද"
-"මම පන්ඩිතද"
-"අපෝ ඔව්....හැබැයි ඒකට මම කැමතී..."
මම යන්තම්.හිනා උනා
-"සර්...නිමන්ත අයියගෙ අනාගතේ ගැන මොනවද හිතන් ඉන්නෙ"
-"ඇයි එහෙම ඇහුවෙ.පුතා..."
-"නෑ...මම කියන්න යන දෙට ඉඩක් හදාගන්න එහෙම ඇහුවෙ"
-"ආ....මිනිහා කර්‍ර කර හිටපු කෝස් එක කම්ප්ලීට් කරලා තිබ්බා... පුතා වෙන්න ඇති මනුසායගෙ ඉංග්‍රීසි ටිකත් හදලා තියෙන්නෙ...ඉතින් අට කිසිම බයක් නෑ...මෙ යකාට කම්පැනි එක බාර දීලා මට පැත්තකට වෙන්න පුලුවන්...අනික කම්පැනි එක ගැන මිනිහට හහොද සෙන්ස් එකක් තියෙනවා...මිනිහා තේ හදහනවනෙ දැන්...ඊටත් වඩා මට අපේ එකාට කම්පැනි එක බාර දෙන්න බය නැති ලොකු හේතුවක් පුතා...පුතා ඌ එක්ක ඉන්න එක සෑහෙන හයියක්..."
-"මට හැමදාම ඉන්න බැරු වෙයි අන්කල්...මම මේ දේවල්.ව්ලින් ඈත් වෙලා ටික කාලෙකට දුර පලාතකට යන්න ඉන්නෙ...අනික මම ඇහුවෙ බිස්නස් ගැන නෙමේ...නිමන්ත අයියගෙ ජීවිතේ ගැන ..සර් හැම දේකටම මුලට දාගන්නෙ බිස්නස්..එම උනාම ගොඩක් දේවල් තව මගෑරෙන්න පුලුවන් සර්"
-"ම්ම්...පුතා කියන් කතාව ඇත්ත...ඒක නෙමේ...ඒත් ඇයි පුතා දුරකට යන්නෙ...ඇයි නිමන්ත ගෙ ජීවිතේ ගැන අහන්නෙ.කිව්වෙ"
-"අක්කයි අයියයි වෙන් වෙලා හිටියට තාම ඩිවෝස් වෙලා නෑ....හැමදාම ඒ දෙන්නට එහෙම ඉන්න බෑ නෙ සර්..ඒ දේවල්.වල කෙලවරක් තියෙන්න් ඕනෙ..ඒ දෙන්නගෙ ජීවිත ඔහොම ඈතට වෙලා තිබ්බා ඇති කියලා සර් හිතන්නෙ නැද්ද...මම කතා කලේ ඒ ගැන"

දේදුණු පාලමWhere stories live. Discover now