දේදුණු පාලම 13

1K 219 17
                                    

දේදුණු පාලම 13

සර් හම්බෙලා මට බෝඩිමට යන්න ඕන කමක් තිබ්බෙ නෑ....අයියගෙන් කෝල් එක දිගට ආවා...මම ආන්සර් කලේ නෑ.....එක දිගට කෝල් ගන්නවා... ඊට පස්සෙ..මැසේජ් එකක් දාලා තිබ්බා
-"මල්ලි....වැඩට එන් නැතුව කොහෙද ගියෙ...අසනීපයක්ද..කෝල් එකක් ගනින්කො හුත්තො"
මම රිප්ලයි කලේ නෑ....කරන්න පුලුවන්වට කලා නෙමේ...කරන්න දෙයක් නැති නිසා එහෙම කලා...මම බීච් එක පැත්තට ගියා...  කොටයක් උඩට වෙලා ඉදගෙන හවස ඉර බැහැගෙන යන විදිහ බලාගෙන හිටියා....උදේට පායලා හැම තැනම ලස්ස්න කරපු ඉර ඒ ලස්සන අරගෙන ඈත අනන්තෙට්න් නොපෙනී යනවා..හරියට නිමන්ත අයියා වගේ...නොහිතපු වෙලාවක මගෙ ජීවිතේට ඇවිත් මගෙ ජීවිතේට ලස්සනම.අතකයන් ගොඩක් එකතු කරලා...දැන් ඒ සතුට මගෙන් අරන් ඇතට යන්න හදනවා......මට මේ දේවල්.අමතක කරන්න බැරි උනත් අර ඉස්සර වගේ බොරුවට හරි හිනාවෙලා ඉන්න ඕන් උනා....මම ඉස්සො වඩේ අරගත්තා....පැතලියට හදපු ඉස්සො වඩේ එක්ක ලූනු සලාද...උනු උනුවෙන්....ඒත් ඒ රසට බැරි උනා මගෙ හිත නිවන්න...ඒ දේ උනත් කලේ මාව තව පාරපු එක...කලින් දවසක නිමන්ත අයියා එක්ක බීච් එකට ඇවිත් ඉස්සො වඩේ කාපු විදිහ මට මතක් උනා...
-"අපෝ...බලපන්...හත් දවසක් බඩගින්නෙ හිටියා වගේ කන කැත...පෙරේතයා"
-"අනේ මේ අයියෙ...කන්න ගියාම පොශ් වෙවී ඉදලා වැඩක් නෑ..කන්න් ඕනෙ...ඔයාට වැඩී වගේ නම්.ඔයාගෙ අනික් වඩේත් මට දෙන්න..කියවන් නැතුව"
-"ආ ..මේ...අත තියන්නෑ....පෙරේතයා...මුගෙ ඇගේ හැටියටද යකෝ වැඩ...හීමිජ්ජා වගේ හිටියට කන කෑම"
-"අපෝ තමුසෙගෙ ඇස් වහ වැදිලා මම කෙට්ටු වෙයිද දන්නෙත් නෑ..තූ තූ...හැම මගුලටම ඒම නැ..මම ආස වඩේ කන්නයි බඩ ඉරිගු කන්නයි...අනික කොහොමත් ඔයාට වඩා පොඩි උනාට මගෙ හැම වැඩක්ම ඔයාට වඩා වැඩී හරිද"
-"තෝ මට චැලේන්ජ් කරනවද?"
-"ඒකත් නරක නෑ....ඔයා ගානෙ වඩේ ගන්නවනම් කවුද බලමු වැඉයෙන් වඩේ කන්නෙ..මොකෝ.කියන්නෙ"
-"උබත් කපටිම නෑ.....ආ ඉදපන්කො..."
අයියා වඩේ මුදලාලි ලගට ගිහින් වඩේ දහයක් ඉල්ලනවා මම බලාගෙන....අම්මෝ...දැන් ඉතින් කිව්වා වගේම කාපන්කො...ඉස්සො වඩේ පහට වඩා කාගන්න පුලුවන් උනොත් මන් දිනුම්....ටිකකින් අයියා ප්ලේට් එකකුත් ඉල්ලගෙනම උනුවෙන් ඉස්සො වඩේ අරන් ආවා...වඩේ පහ ගානෙ දෙකට බෙදුවා....මම කෙල ගිල ගිල බඩේ ඉඩ හදා ගත්තා....මන් වගේ වඩේ පෙරේතයෙක්.එක්ක එයා කොහෙ හැරෙන්න්ද...එයා හතරවෙනි වඩේ කනකොට මගෙ පස්වෙනි එක ඉවර කරලා එයාගෙ අන්තිම වඩෙත් මම හොරකම්.කරලා ඉවරයි...
-"ආ...දැන් මොකෝ.කියන්නෙ...පරාජය බාර ගන්නවද.."
-"තෝ නම් මහ.....මගෙ වඩෙත් කෑවා...."
-"එහෙම තමා...."
එදා.කවදාවට්ත් අමතක නොවෙන දවසක්...මට ගෑස්ට්‍රික් වැඩි වෙලා ඉන්නකොට අයියා  බැන බැන බේත් ගෙනත් දුන්නා එදා....ඒවගේ ලස්ස්න දවස් ආයෙ කවදාවත් මගෙ ජීවිතේට එන එකක් නෑ.........එදා පෙරේත කමට වඩේ කෑවට මට අද එක වඩයක් වත් කාගන්න බැරි උනා....ඉතුරු ටික එතන හිටිය බලු කුක්කෙක්ට දුන්නා....එයා ඒක කටින් අර්‍රන් ගිහින් ර්‍යාගෙ පැටියා ර්ක්ක කෑවා....
-"බලපන් බල්ලො...උඹටත් උබගෙම කියලා එකෙක් ඉන්නවා...ඌ එක්ක බෙදාගෙන වඩයක් හරි කන්න....මට නැති උනාට...."
මුහුද දිහා බලන් කල්පනා කලේ නිමන්ත අයියට මාව එපා කරන්නෙ කොහොමද කියලා...කෝල් ගන්නෙ නැතුව්  හිටියම..බොරුවට රන්ඩු උනහම විතරක් එයාට මාව එපා වෙන එකක්.නෑ......මම මොනවා කරන්නද..එයාගෙ හිතේ ඉන්ද්‍රචාප කියලා ඉන්න හොද මනුස්සයව මරලා දාන්නෙ.කොහොමද මම...මේව කල්පනා කරන අස්සෙ මට දේවක සර් ගෙන් කෝල්.එකක් ආවා...ඔෆිස් වැඩකට නෙමේ...ඌට මෝල තද උනාම කෝල්.කර කර ඇනගන්න අහගෙන එනවා...මම ඉතින් උඩින් පල්ලෙන් කතා කරලා කට් කරනවා...ඒ වෙලෙත් මම කෝල් එක කට් ආන්සර් නොකල රින්ග් වෙන්න දුන්නා....මගෙ රිගින් ටෝන් එක අහගෙන ඔහෙ හිටියා...
මම ආසම සින්දුවක් දාලා තිබ්බෙ....
-"  සාගරේ  තරම් ආදරේ අරන්..සරා සිහිනයේ නැවතිලා...පිරූ මතකයෙන් සිනා මල්.හොයන් සිතු සේ මා හැගුම්.පූදලා....නුරා මල් හැගුම් ඇහැරලා...සදා ජීවිතේ නුඹ වෙලා......"
කෝල් එක කට් උනා....දේවක සර් ගෙ ඒ කෝල් එකත් එක්ක මගෙ හිතට මහ එපාකරපු හිතුවිල්ලක් ආවා....ඒ දෙයින් නිමන්ත අයියට මාව එපා වෙලාම යයි......මම දේවක සර් ට කෝල් බැක් කලා...
-"හෙලෝ සර්..කෝල්.කලාද"
-"කෝල් කලාද අහන්නෙ..කෝල්.කලා බන්...උබ අද හාෆ් ඩේ දාලා ගිහින්නෙ...ඒකයි බැලුවෙ"
-"මම හිතුවා ඔෆීශියල් දේකට කියලා"
-"ඔව් ඉතින් උබට මම එක්ක ඔෆීශියල් හැරුනාම වෙන කිසි ඇයි හොදැයියක් නෑ නේ....ජීවිතේ ඒකාකාරි වුනාම හරි බෝරින් බන්...උබට එප වෙන් නැද්ද ඔහොම ඉදලා...මම කියන දේ උබට තේරෙනවනෙ...උබ නොතේරුනා වගේ හිටියට..."
-".ම්....හොදට තේරෙනවා...අයියට මගෙන් මොනවද ඕනෙ.කියලා..."
-"ශා..සර් අයියා උනා....අයියා කියන කෑල්ල සුදූ කියලා වෙනස් උනත් අවුලක් නෑ..."
-"කොයිතරම් කාලෙකටද"
-"ඇත්තටම කිව්වොත් මම ආස නෑ කඩයක් දාගෙන ඒකෙන් කකා ඉන්න...මම ආස එක එක කඩවල් වලින් එක එක කෑම කන්න..."
-"ම්ම්ම් මගෙ කෑම රස හිටීද දන් නෑ..."

දේදුණු පාලමWhere stories live. Discover now