6 කොටස

3.4K 683 177
                                    

බස් ස්ටේෂන් එකකට පළවෙනි පාර ආපු කෙයාන් හතර වටේ හැරි හැරි බැලුවේ ඒක හොදට බලාගන්න.. එයා සද්ද නැතුව සහන්ස අය්යාගේ පිටිපස්සෙන් බස් එකට නැග්ගාත් බස් එකේ ඔක්කොම සීට් පිරිලා කියලා දැක්ක සහන්ස ටිකක් නැවතුණා..

'' අපි ඊළග බස් එකේ යමු මල්ලී,. සීට් නැහැනේ.. නැගිටලා තමා යන්න වෙන්නේ...  '' සහන්ස කිව්වේ බස් එකෙන් බහින්න ලෑස්ති වෙලා..

'' තමුසේට මාව කෙල්ලෙක් වගේ පේනවා ද නැගිටලා යන්න බැරි වෙන්න ? '' කෙයාන් කඩාගෙන පනින ගමන් සහන්සවත් තල්ලු කරගෙන බස් එකට නැග්ගේ ඩ්‍රයිවර් අංකල් බස් එක ස්ටාට් කරද්දී.. සහන්ස වචනයක්වත් කියන්නේ නැතුව බෑග් එකත් එල්ලගෙන පිටිපස්සට ආවා.. කොහොමත් බිග් මැච් ඉදපු මල්ලිලා අය්යලා දෙතුන් දෙනෙකුත් බස් එකේ ඉදියා..

අත් දෙකත් පපුවට තියලා බැදගෙන වීරයා වගේ හිටගෙන ඉදපු කෙයාන් බස් එක අද්දපු පාරට වැටෙන්නත් ගියා... කෙයාන් මාරාවේෂ වුනේ සහන්ස ඒකට හිනා වෙනවා දැකපු නිසා.. මිනිස්සු ඉන්න නිසා අමාරුවෙන් කට පියාගත්ත කෙයාන් සහන්සට රවලා එක අතකින් සීට් එකක් අල්ලගත්තේ වැටුණොත් කලින්ටත් වඩා නොන්ඩි නිසා.. වටරවුමෙන් බස් එක හරවනකොටම ඉතින් බස් එක ලෝඩ් වෙලා ඉවරයි... කොච්චර අල්ලගෙන ඉදියාත් ගහන බ්‍රේක් පාරට කෙයාන් විසි වෙලා යන්නේ බස් එකේ ගමන එයාට පොඩ්ඩක්වත් හුරු නැති නිසා.. ඉස්කෝලේ ට්‍රිප් එක ඇරුණාම කොල්ලා බස් එකක ගිහිල්ලාම නැති තරම්...ඒකත් එකටම එහෙම ඩාන්ස් කරන කොට කෙයාන්ට බැලන්ස් නැති වෙලා නෑ,.. ඒත් තමන්ට කොච්චර ඩාන්ස් කරන්න පුළුවන් වුණත් මෙතන ඩාන්ස් කරන්න බෑනේ...

කෙයාන් හිමින් ඔළුව උස්සලා සහන්ස අය්යා දිහා බැලුවේ එයා මොකක් ද කරන්නේ බලන්න.. ෆෝන් එකකුත් නැති ඒ අසරණ ජීවිතය වෙන මොනවා කරන්න ද ? කව්ද මන්දා ආන්ටි කෙනෙක් එක්ක මොනවා ද කතාවක්.. කෙයාන් කට අයිනින් හිනා වෙලා ඒ පැත්තට අර හැරී පොටර්වල වීස්ලි නිවුන්නු දෙන්නාගේ වගේ කන දැම්මේ මොනවා ද කියන්නේ කියලා අහගන්න..

'' නෑ..නැන්දේ මම ඒක කියවලා නැහැනේ.. ඒත් ඒ පොත ලස්සනයි කියලා අහලා තියෙනවා.. '' සහන්ස ලස්සනට හිනා වෙලා ඒ ආන්ටි එක්ක කියවනවා කෙයාන් බලාගෙන ඉදියා.. ඔව් , ඉතින් වෙන මොනවා කියලා බලන්න ද මේ බස් එකේ ලස්සන කෙල්ලෙක්වත් නෑනේ...

_Lost Eyes_Where stories live. Discover now