7 කොටස

3.4K 701 152
                                    

ඩැඩී ?

කොහෙත්ම යුවනි ආන්ටිව නම් තමන්ගේ ගෙදර මේ විදියට දකින්න කෙයාන් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ.. යුවනි ආන්ටි කියන්නේ කෙයාන්ගේ ඩැඩීගේ ප්‍රයිවට් සෙකට්‍රි. දැන් ප්‍රයිවට් සෙකට්‍රිගේ වැඩ මොන වගේද කියලා තාත්තාගේ අත යුවනි ආන්ටිගේ ඉණ වටේ එතිලා තිබුණ විදියෙන් කෙයාන් හිතාගත්තා.. අනික යුවනි ආන්ටිගේ බඩ පේන්න නොතිබුණත් එයා ඇදගෙන ඉදියේ ප්‍රෙග්නන්ට් ලේඩිස්ලා අදින ඩ්‍රෙස්ස් කියලා කෙයාන් එක පාරින්ම අදුරගත්තා..

'' කෙයාන් පුතා.... ගෙදර ආවා ද ? කොහේද ගියේ පුතා ? '' තාත්තා හිනා වෙවීම කෙයාන්ගෙන් ඇහුවේ එයාව ළගට ගන්න ගමන්.. වෙනදා නම් තාත්තා එයාව මෙහෙම ළගට ගන්නට කෙයාන් ගොඩක් ආසයි.. මොකද අවුරුද්දටම දෙතුන්පාරයි එයා ඩැඩීව දකින්නෙත්.. ඩැඩී මෙහේ ගෙදර එන්නෙත් කලාතුරකින්...

'' බිග් මැච් ඩැඩී.. ඔයාට ඒක අමතක වුනා ද ? '' කෙයාන් මවාගත්ත හිනාවකින් ඇහුවේ ඩැඩීගෙන් ඈත් වෙලා ෂූස් දෙක ගලවන ගමන්..

'' ආහ්.. බිග්මැච් ද ? ඉතින් මොකද උනේ ? ''

'' ඩැඩී කියන්න ආපු එක කෙලින්ම කියන්න.. මම මුකුත් කියන්නේ නැ.. '' කෙයාන් වචනවලින් දමලා ගැහුවේ යුවනි ආන්ටි දිහා බලන ගමන්.. එයාගේ වචනවලින් තාත්තා ටිකක් නිශ්ශබ්ද වෙනවා කෙයාන් දැක්කා..

'' මේකයි පුතා.. යුවනි ආන්ටියි මායි.. ''

'' පේනවා ඩැඩා. '' කෙයාන් කටකොනකින් හිනා වෙලා කිව්වේ අත් දෙකත් බැදගෙන බිත්තියට හේත්තුවෙන ගමන්..

'' පුතා ලබන සතියේ UK යමු ද ? '' අවසානයේ කෙයාන්ගේ ඩැඩී ඇහුවේ කෙයාන්ගේ මුහුණේ තිබුණ නොන්ඩි හිනාව වැඩි කරන ගමන්.

'' UK ගියත් මෙහේ ඉදියාත් මට වෙනසක් නෑනේ ඩැඩී,. අඩුම තරමේ මෙහේ මට ආදරේ අය ඉන්නවානේ.. '' කෙයාන් අනුකම්පාවක් නැතුවම වචනවලින් දමලා ගැහුවා..

'' එත් පුතා.. ඔයාව තනියම තියලා... ''

'' මෙච්චර කල් මම ඉදියේ තනියම තමා ඩැඩී,. අඩුම තරමේ ආයම්මා , ඩ්‍රයිවර් අංකල් , කියෝ මාව බලාගත්තා !!! '' කෙයාන් කේන්තියෙන් කෑගැහුවේ යුවනි ආන්ටි දිහා බලන්නේ නැතුව..

_Lost Eyes_Where stories live. Discover now