11 කොටස

3.2K 663 117
                                    

'' නෑ අම්මේ.. මල්ලී තාම නිදි.. '' සහන්ස අය්යා ආයම්මාට උත්තර දෙන සද්දෙට කෙයාන් හිමින් ඇස් දෙක ඇරියේ... උදේ නෙවේ දවලුත් වෙලා ද මන්දා..

හැරෙන්නැතුව ඔහොමම ඉදපාන් කෙයාන්.. නිදි වගේ හිටපාන්.. කෙයාන් එයාටම කියාගත්තේ ආයේත් ඇස් දෙක පියාගන්න ගමන්.. සහන්ස අය්යාත් පූෂ් තඩියා ළග පාත නැති නිසා ද කොහේ තාම එයාගේ ඔළුව හිමීට අතගානවා කෙයාන්ට දැනුණා..

ඒත් එහෙම කියලා හැමදාම මෙහෙම ඉන්න ද බෑනේ.. මේකේ ඉවරයක් තියෙන්න එපැයි... කෙයාන් ආයේ හිතුවේ අකුණක් ගැහුවා වගේ නැගිටලා ඇද උඩින් වාඩි වෙන ගමන්...

'' නැගිට්ට ද ? ඕන නම් තව ටිකක් නිදාගන්න මල්ලී... '' සහන්ස කිව්වේ කෙයාන් තාම බාගෙට නිදි වගේ නිසා...

'' ඕන්නෑ,. '' සහන්සටත් ගස්සලා උරහිසින් වැටිලා තිබුණ සහන්සගේ කෙහෙම්මල් ටීෂර්ට් එකත් හදාගන්න ගමන් කෙයාන් සහන්සගේ ඇග උඩින්ම ඇදෙන් බිමට පැන්නා.. කෙලින්ම කාමරේ දොරත් ඇරගෙන එළියට දුවගෙන ගියපු කෙයාන් දොරත් වහලා දැම්මේ සහන්ස අන්ද මන්ද වෙලා බලාගෙන ඉදිද්දි...

උදේ පාන්දර මොන යකා ගැහුවා ද ලුක් එකෙන් කෙයාන් දොරත් දාඩාස් ගාලා වහගෙන ගියපු හැටි බලාගෙන ඉදපු සහන්සත් ඇදෙන් බැස්සේ දැන් අට -නවයත් පහු වෙලා නිසා..

ඉස්තෝප්පුව හරහා කෙලින්ම ගෙට පැන්න කෙයාන් කුස්සියටම ගියේ ආයම්මා හොයාගෙන. ආයම්මාට කියන්න ලොකු කේලම් මල්ලක්ම කෙයාන්ට තිබුණා..

'' ආයම්මේ.. '' කෙයාන් කුස්සියට ගිහින් චූටි මැටි බැම්ම උඩින් වාඩි වුනේ කේලාම් ටික එකින් එක කියන්න හිතාගෙන.. සහන්ස ඔය පේන තරම් අහිංසක නෑ කියලා ආයම්මා වුනත් දැනගන්න එපැයි.. හාල් හිපාටුවා...

''ආ.. මෙන්න නැගිටලා.. මොක ද පොඩි මහත්තයා.. බඩගිනි වෙලා ද ? '' ආයම්මා ඇහුවේ එයා ලිපේ හද හද ඉදපු සුවදම සුවද කිරි හොද්ද හැදි ගාන ගමන්..

'' ආයම්මේ අර සහන්ස අය්යා... '' කෙයාන් ලෑස්ති පිට ඔක්කොම කේලාම් ටික දිගඅරින්න හැදුවාත් , සහන්ස අය්යාගේ කිරි බෝතලයකුත් අරගෙන කුස්සියට ආවේ කෙයාන්ගේ කට වහලා දාන ගමන්.. කේලාම් වුනත් අදාළ කෙනා ඉන්න තැන කියන්න බෑනේ.. ඒම වුනාම ඒවා කේලම් වෙන්නෑනේ... අනික තුන් හතර ගුණේකින් වැඩි කරලා කියන්න බැරි නම් ඒවා කේලාම් වෙන්නෙත් නෑනේ..

_Lost Eyes_Where stories live. Discover now