ඉස්තෝප්පු කාමරේට ගියපු කෙයාන් එයාගේ ෆෝන් එක පවර් බෑන් එක ගලවලා ගත්තේ අනිත් එළියේ තිබුණ චූටි ප්ලග්ස් ටිකත් බෑග් එකට ඔබන ගමන්.. එයාට කොච්චර කේන්ති ද කියනවා නම් එයාට යන්න වෙන තැනක් නෑ කියලාත් මතක නැති තරම්.. අනාථ නිවාසෙකට යනවා මෙහේ නම් ඉන්න බෑ.. කෙයාන් හිතුවේ වොච් එක , බෑන්ගල් එක වගේ එයාගේ බෑග් එකේ තිබුණ අතළොස්සක් බඩු ටික ආයේ ඔබාගන්න ගමන්.. සහන්ස අය්යාත් දොර ඇරගෙන ඇතුළට එනවා කෙයාන් දැක්කත් එයා බෑග් එකේ ෂිපර් එකත් වහලා පිපිරි පිපිරී ඒ පැත්ත හැරුණේ සහන්සව පිච්චිලා යන්න රවන ගමන්..
'' මේ මොක ද ? කොහේ යන්න ද ? '' සහන්ස පූස් තඩියාව බිමින් තියන ගමන් ඇහුවේ මොකා ද එකා වගේ බෑග් එක කරේ දාගත්ත කෙයාන්ගෙන්..
'' තමුසේට මොකද කොහේ ගියාත්.. මම යනවා... '' කෙයාන් කෑගැහුවේ සහන්සගේ මේසේටත් පයින් පාරක් ගහන ගමන්.. උෟව්වා. කකුලත් රිදෙනවා.. ෂික්.. දුස්ට මේසේ.. මේසේත් සහන්සට සපෝට්.... කෙයාන් මේසේටත් හිතින් බැන්නා..
'' ඉන්න ළමයෝ... මොක ද උනේ මේ ? '' සහන්ස අය්යා ආයේත් ඇහුවේ කෙයාන්ට යන්න බැරි වෙන්න දොර හරස් වෙන්න , මහා බාධක කොරල් පරේ වගේ හිටගනිමින්.
'' ෂට් අප් ! තමුසේට මොක ද ? මට පළවෙනි පාරට කෙනෙක් ගැන මෙහෙම හැගීමක් ආවේ.. තමුසේට ඒක විහිළුවක්නේ.. කවදාහරි තමුන්ට මේ වගේ දෙයක් හිතුනම තේරේවි.. අනික...... '' කෙයාන් අඩ අඩම කියලා ඉවර වෙන්නත් කලින් අතේ තිබුණ ෆෝන් එකත් රින්ග් වුණේ කෙයාන්ව තවත් යක්ෂාවේෂ කරලා..
'' හලෝ මොන &^&8 ද කෝල් කරන්නේ මේ වෙලාවේ !!! '' කෙයාන් නම්බර් එක බලන්නේ නැතුවම කෑගැහුවේ මොකා ආවාත් හැම එකම එයාගේ කේන්තියට යට නිසා..
'' ආ... කෙයාන් මල්ලී.. '' කෙයාන් ෆෝන් එක කනින් අයින් කරලා බැලුවේ නම්බරේ දිහා.. ෂික්.. මගුල මමනේ ගොන්ස් වගේ බලන් නැතුව ඉස්සුවේ..මෙච්චරයි අඩුවට තිබුණේ... සහන්ස ප්‍රශ්නාර්ථ බැල්මකින් බලාගෙන ඉන්නවා කියලා තේරුණ කෙයාන් බෑග් එක එහෙමම ඇද උඩින් අත ඇරලා මිදුල පැත්තට ගියේ සහන්සවත් පැත්තකට තල්ලු කරගෙන...
'' තමුසේ මොක ද දැන් ? '' කෙයාන් තාමත් පිපිරෙන කේන්තියෙන් ඇහුවේ ෆෝන් එක තියන්න කලින් පවුලේ මොනවා ද වෙන්නේ කියලා දැනගන්නත් ඕන නිසා..
YOU ARE READING
_Lost Eyes_
Short Story𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහා...