17 කොටස

3.1K 646 156
                                    

'' සහන්ස අය්යේ.. , ඔයාට ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කිව්වා.. ''

ඩියුටි ඔක්කොම ඉවර කරලා බෑග් එකත් දාගෙන එළියට පැන්න සහන්ස නැවතුනේ මල්ලි කෙනෙක් ගෙනාපු පණිවිඩේ නිසා.. කෙයාන්ව බලන්න පරක්කු වුණත් සහන්ස බෑග් එකත් තියලා ආයේ යුනිෆෝම් එකත් පිළිවෙලක් කරගෙන ඔෆිස් එක පැත්තට ගෑටුවේ , ඉස්කෝලෙත් ඉවර වෙලා තියෙද්දී ප්‍රින්සිපල් සර් මොකට එන්න කියනවා ද කියලා හිතාගන්න බැරුව..

'' එක්ස්කියුස් මී සර්  '' සහන්ස විනීතව කිව්වේ ඔෆිස් රූම් එක ඉස්සරහා හිටගෙන. සමහර විට මොකක් හරි ඉවෙන්ට් එකක් ද දන්නෑ,. ඒත් ඇයි එයා තනියම.. හෙඩ්වත් ගෙන්නන්න එපැයි..

'' සහන්ස පුතා .. ඇතුළට එන්න'' ප්‍රින්සිපල් සර් කිව්වේ ටිකක් සද්දේ අඩු කරලා.. තරහා ගිහින් පාටකුත් පේන්න නැති නිසා සහන්ස බය නැතුව ඔෆිස් එක ඇතුළට ගියා.. එයාගේ ක්ලාස් ටීචර්ත් ඉන්නවා සහන්ස බලාගෙන ඉදියා..

'' මේකයි පුතා.. කලබල වෙන්න එපා.. '' සර් කියනවා සහන්ස අහගෙන.. එයාටත් කලින් සර්ලානේ කලබල වෙලා තියෙන්නේ..

'' ඔයාගේ ශිෂ්‍යත්වේ අවලංගු කරලා පුතා.. '' ප්‍රින්සිපල් සර් කෙදිරුවේ සහන්සට ෆයිල්ස් වගයක් දික් කරලා. 

'' ඒ කිව්වේ සර් ? '' සහන්ස බය නැතුව ඇහුවේ ෆයිල්ස් ටිකත් අතට ගන්න ගමන්.. එහෙම කොහොම ද ස්කොලර්ෂිප් එකක් කැන්සල් කරන්නේ.. ඒලෙවල්වලට තව මාස කීය ද !

'' ඔයාට තව දුරටත් ස්කොලර්ෂිප් එකක අවශ්‍යතාවයක් නෑ කියලා පැමිණිල්ලක් ලැබිලා .. ඒක නිසා අවලංගු කරලා '' ප්‍රින්සිපල් සර් පැහැදිලි කළා..

'' එහෙම වෙන්නේ කොහොම ද සර් ? මගෙන් කව්රුත් කිසිම දෙයක් ඇහුවේ නෑ... අනික , එහෙම ඕන නැති වෙන්න ලොටරි එකක් ඇදුනෙත් නෑනේ.. මම තාමත් ටියුෂන් පේ කරන්නේ මගේ සල්ලිවලින්.. '' සහන්ස කේන්තියටත් එක්කම කියාගෙන ගියේ ඉන්නේ ප්‍රින්සිපල් සර්ගේ රූම් එකේ කියලාත් අමතක වෙලා..

'' කලබල වෙන්න එපා දරුවෝ... අපිට බලපෑම් කරන්න බෑ... ඔයාට පුළුවන් නම්... '' ප්‍රින්සිපල් සර් කියන්න ගියපු එක නැවැත්තුවා..

_Lost Eyes_Where stories live. Discover now