~=අම්බර 1 =~

1K 144 163
                                    

පෞරාණික හෙළයේ කිසිවෙකුත් නොදන්නා කලෙක , අගනගර වූ ආලකපුරට මදක් ඔබ්බන් පිහිටි යා වූ මනරම් '' විලාඨ '' නගර මධ්‍යයෙහි පැතිර යමින් තිබුණේ මධුර වෙණ නදකි.

තරුණ තරුණියන් ද මෙකී වීණා වාදනයට ප්‍රිය වීමට හේතුව වනාහී අන්කවරෙකු නොව එහි කඩවසම් වාදකයාම විය. උත්තුංග දේහදාරී මනා කඩවසම් සිරුර ද , පහසුවෙන් එකී කුලයේ පුරුෂයෙකුට නොපිහිටන්නා වූ රත්‍රන් පැහැති සම ද ඔහු වෙත ගෙන ආවේ කඩවසම් බවකි. දැඩි වේදනාවන් රැසකින් පසු ඔහුගේ වත්මන් තත්වය පිළිඹිබු කරන්නා වූ ගිලී ඇති රත් පැහැ දෙනෙත් ද , මුහුණෙහි අවිධිමත්ව වැඩුණු රැවුල් කොට ද ඔහුගේ කඩවසම්බවට බාධාවක් නොවී ය.

'' හේ... සුනඛයා.. තා තවමත් ඔතැන් සිට කුමක් සිදු කරන්නේ ? ශේෂ ආහාර අනවශ්‍ය ද ?  ''

ගෝරනාඩුව නික්මුණේ අන් තැනකින් නොව තරුණයා වීණා වයමින් සිටි ස්ථානය වූ අවන්හල ඉදිරිපිට දී ය. මෙකී තරුණයා සිය පාරිභෝගිකයන් පැහැර ගැනීම කෙරේ අවන්හල් හිමිකරු උරණ වී ඇති සෙයකි. තමාට සිය දිවා ආහාරය ලෙස ශේෂ ආහාර හෝ ලැබෙන අවන්හලේ හිමිකරු උරණ කරගැනීමට අවශ්‍ය නොවූ තරුණයා සිය කුඩා වීණාව වාදනය ඉක්මනින් නවතා දැමුවේ වීථිය මධ්‍යයේ අසුන්ගෙන සිටි ස්ථානයෙන් නැගී සිටිමිනි.

ඔහුගේ ප්‍රමෝදපුල්ල දර්ශන මාත්‍රයකට වුවද පොර බැදි තරුණියන් රැසට විනීතව ආචාර කළ තරුණයා සිය කුඩා වීණාව පිටෙහි එල්ලා ගනිමින් අවන්හල දෙසට පියමැන්නේ වෙයි.

'' ආා...අම්බරුවෝ..'' අවන්හල් සේවකයන්ගේ උසුළුවිසුළු සදහා ද තරුණයා දැක්වූයේ උදාසීන ප්‍රතිචාරයක් විය.

සැබවින්ම මෙකී තරුණයා තමා කව්රුන් ද යන වග හෝ නොදැන සිටි තමාව නාදුනන්නෙකු විය. නැති නම් සිය උපතේ සිට තමා විසි වසර එළඹෙන තුරු ගත කළ ආකාරය නොදැන සිටි තරුණයෙක් විය. ඔහුට අනුව තමා උපත ලැබුවේ මීට සය මසකට පෙර වීදියේ විය. එයත් ළදරුවෙකු ලෙස නොව තරුණයෙකු ලෙස විය !!!. වෙනත් අයුරකින් පවසනවා නම් , ඔහු අදුරේ සිට දෙනෙත් විවර කරන විට ඔහු වීදියේ වැටී සිටි තරුණයෙක් විය.

තමා ප්‍රථමයෙන් දෑස් විවර කරන විට , සූර්යයා මුදුන් වී තිබූ ගුවන් ගැබ සිය දෙනෙතට හසුවූ බැව් ඔහුගේ මතකයේ තිබුණි. ඉදින් හේ වනාහී අන්කවරෙකු හෝ නොව '' අම්බර '' විය. සිය පපුතුර රැදී තිබූ දටිකයේ ඇති කැපුම් ගණනින් තමාගේ වයස විසි දෙකක් වූ වග ඔහු සොයාගත්ත ද තමා එකී විසි දෙවසර ගත කළේ කෙසේ දැයි, අංශු මාත්‍රයක මතකයක් ඔහුට නොවී ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now