සක් 7

1K 250 4
                                    

සක් 7

" හෙලෝ...ඇයි උඹ කතා නොකරන්නෙ..ඇහෙන් නැද්ද?"

" ආ...ඇහෙනවා ඇහෙනවා..මම එන්නම්..."

" කොහෙද ඉන්නෙ"

" මේ ළඟට ආවා..."

" ළඟට කිව්වෙ...උඹ කිව්වෙ නෑ නෙ ඉස්සෙල්ලා කෝල් කරද්දිවත්...දැන් කොහෙද ඉන්නෙ කියපන්කො ඉතින්.."

" ආ ඔව් ඔව් නැන්දෙ....හරි මම ඇවිල්ලා  යන්න හරි එන්නම්...පරිස්සමින් ඉන්න...හරි නැන්දේ"

මම සංඛ අයියට ඇහෙන්නයි, ඩොක්ටර් ට එතන කතා කරන්න බෑ කියලා අඟවන්නයි නැන්දට කතා කරනවා වගේ කියවලා ෆෝන් එක කට් කලා.
මම අයියා ගාවට ගියෙ කෝල් එක ගැන අහයිද නැද්ද කියලා සැකෙන්..

" අපේ නැන්දා කතා කලේ...කාලෙකින් කතා කලෙත් නෑ නෙ..."

" මම ඇහුවෙ නෑ නෙ උඹෙන්....මොකද කාටද වගේ උත්තර බඳින්නෙ..."

" නෑ ඉතින්...මම නිකන් කිව්වෙ...අපෝ මේයකාගෙ තියන ලයින් එක"

"ම්ම්...මල්ලි.උඹට සල්ලි දුන්නොත් ටැක්සියක යන්න බැයිද..මට වැඩකට යන්න තියේ"

ඉබ්බා දියට දාන්න හැදුවම ඇන්නෑවෙ කිව්වලු...මටත් ඕනවෙලා තිබ්බෙ අයියව මගෑරගන්න ක්‍රමයක්. ඒත් අයියම ඒ දේ ලේසි කලා.

" සල්ලි ඕනෙ නෑ අයියෙ...අයියා දුන්න ඒවම තියේ මගෙ ළඟ. මං යන්නම්...අයියා පරිස්සමින් යන්න..."

" ම්ම්...ආ මේ...උඹ කවද ඉඳන්ද වැඩට යන්නෙ අරූ ගාව...."

" අනේමන්දා ...නිකන් ඉන්න එකේ හෙට උනත් යන්න පුළුවන් .."

" ම්ම්...උඹට ඕනෙනම් එහෙ නවතින්ඩත් පුළුවන් ...ඒකත් බලලා පිලිවලක් කරගනින්කො"

ඒක ඇහුවාම මගෙ මූන මැලවිලා ගිය විදිහ අයියාට හොඳටම තේරුනා කියලා එයාගෙ මූනෙන් මටත් පෙනුනා.

" ම්ම්...මට යන්න කියලනෙ කියන්නෙ...ඒක කෙලිම්ම කියන්න...කමක් නෑ..ඔව් ඉතින් හැමඳාම මට කන්න බොන්න දිදී තියාගන්න ඈ..."

" මේ...මේක පාර නිසා තොට කණේ පාරක් නොගහා ඉන්නෙ මං...තොට ඕන්නම් ඕන කාලයක් ඉඳපන්..මම තෝව උස්සගෙන නෑ නෙ..හැබැයි මං අර හැමදේම කිව්වෙ තෝ ගැනම හිතලා..."

සක්Where stories live. Discover now