සක් 9

1.1K 251 3
                                    

සක් 9

මම මම වෙලා ඉපදෙච්ච එක ගැන වෙනදටත් වඩා මම තරහින් හිතුවා... මේවගේ අසම්මත හැඟීම් තුරුලු කරන් මම ඉපදුනේ නැත්නම් මේ වගේ අපි අතර කතා බහක් ඇති වෙන්නෙ නෑ කියන දේ. සංඛ අයියා කියන විදිහෙ අයියෙක්ගෙයි මල්ලියෙක්ගෙයි කතාබහකින් වැඩි දුරක් නොයා මේ බැඳීම් නතර වෙන්න තිබ්බා... සිද්ද වෙච්ච කිසිම දෙයක් වෙනස් කරන්න පුළුවන් කමක් අපිට නෑ... එන විදිහකට ජීවිතේට මූන දෙනවා...

ෆෝන් එක අතේ තියාගෙනම මට නින්ද ගිහින් තිබුණා. මම ඒක දැනගත්තෙ යන්තම් කියවන කෙඳිරි ගාන සද්දයක් ඇහිලා අහම්බෙන් මට ඇහැරිලා තිබ්බ නිසා. ෆෝන් එක පැත්තකින් තියලා මම නැගුට්ටෙ සංඛ අයියට කරෆ්හරයක්ද කියලා බයෙන්.... මෙහෙ කොහෙද සංඛ අයියෙක්...ඒ දේ හිතට ආවෙත් නිදිමරගාතෙන් නෙතුම් අයියගෙ කාමරේ පැත්තට ගියාමයි.

නෙතුම් අයියා හීනෙන් කියවන ගමන් හිටියෙ. අපැහැදිලි විදිහට ඇහුන නිසා කිව්වෙ මොනවද කියලා තේරුම් ගන්න මට පුළුවන් උනේ නෑ. මම ලයිට් එක දැම්මෙ දෙගිඩියාවෙන්..බැනුම් අහන්න වෙයිද කියලා බයෙන්... ඒත් ඒකෙන් අයියගෙ කියවිල්ලට පොඩිවත් බලපෑමක් උන්නෑ... මට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරිවමයි මම ඇඳ ළඟට ගියෙ. 

" අම්මේ.... මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද... මට තනියෙන් ඉන්න බෑ.... අම්මේ....මම ..."

හරියටම නොතේරුනත් සංඛ අයියා කිව්ව දේවල් එක්ක ගලපපුහාම මම අනුමාන කලේ අම්මගෙයි තාත්තගෙයි ආදරේ පොඩි කාලෙ ඉඳම්ම නොවිඳ තනියෙන් ඉඳලා නෙතුම් අයියා මේ විදිහට හිතින් විඳවනවා ඇති කියලා.
මට සෑහෙන්න දුක හිතුනා...මනුස්සයෙක්ට ආදරයක් නැතුව ජීවත් වෙන්න බෑ...හිතේ මහ මූස්ල ගතියක් ඉතිරි වෙන්නෙ එහෙම උනොත්...හිතේ පෙලීමක් එක්ක මහා අඩුවකින් ජීවිතේ විඳවන්න සලස්වන්නෙ තනිකම කියන ඒ පිලිලෙ... වෙන කෙනෙක්ගෙ ආදරයක් තියා අම්මා තාත්තා ගෙන් ඒ ආදරේ නොලැබෙනවනම් ජීවත් වෙනවට වඩා හොඳා මැරෙන එක. මම නෙතුම් අයියගෙ නලල පිහදැම්මෙ දාඩිය  බිංදු මූනපුරා තිබ්බ නිසා. ගුරුත්වාකර්ෂණයට කඳුලුත් අවනත වෙලා කොට්ටෙ පැත්තට ගලන් ගිහින් තිබ්බා කියලා මං දැක්කෙ තව ළං උනාමයි... මිනිස්සු වැඩියෙන්ම හොයන්නෙ තමන්ට නොලැබිච්ච දේවල්...නෙතුම් අයියත් මම වගේම කෙනෙක් කියලා මම දැන දැනම ඇයි මට ඌට ළං වෙන්න බැරි කියලා එක මොහොතකට හිතුනා. ආදරේ ට ඒ තරම් ආදරේ කරන එකෙක් කවදාවත් මගෙ ආදරේ බාල්දු කරන එකක් නෑ කියලා හිතුනා...ඒත් ඒ වෙද්දි ඇස් පියාගෙන හිටියත් කිසිම අඩුවක් නැතුව සංඛ අයියව මවාගන්න පුළුවන් තරම් මගෙ හිතේ හිටියෙ සංඛ අයියව. අයිතියක් නැති බව ඇත්ත.ඒත් හිත නවතින තැන්වලට නීති දාන්න අපිට බෑ. සංඛ අයියව හිතේ තියන් නෙතුම් අයියට ළංවෙලා එයාට අසාධාරණයක් වෙයිද කියන එක මගෙ හිතේ නලියෑවා. ඒනිසා මමත් ගේ කොල්ලෙක් කියන එක මේ දේවල් පිලිවලක් වෙනකන් නෙතුම් අයියට දැනගන්න තියන්නෙ නෑ කියලා මම හිතුවා. නෙතුම් අයියා හොයන්නෙ එයාට නොලැබුන ආදරේ...අම්මෙක් තාත්තෙක් වගේ මට එයාට ආදරේ කරන්න බැරි උනොත් එයා දැන් ඉන්න තැනිනුත් පල්ලෙහාට වැටෙයිද කියලා මම හිතුවෙ. ජීවිතේ මේ තරම් කල් වැඩකලේ මෝඩයෙක් වගේ...ඔහේ හැඟීම්වලට වහල් උනා...තවත් නම් බෑ...

සක්Where stories live. Discover now