20 කොටස

3.2K 630 59
                                    

'' ඇහැරිලා ද ? දැන් අඩුයි නේද ? '' සහන්ස ඇහුවේ කෙයාන් ඇස් දෙක ඇරගෙන මොකා ද වගේ සිවිලිම බලාගෙන ඉදපු කෙයාන්ගෙන්..

'' හ්ම්.. '' කෙයාන් මිමිණුවේ ආපහු හැරිලා සහන්ස අය්යාගේ ඇග වටේ අතයි කකුලයි දාලා එයාව බදාගෙන.. එයා මොකක් හරි ලොකු බරපතළ දෙයක් කියන්න යනවා කියලා තේරුන සහනසත් කෙයාන්ගේ පැත්ත හැරුනේ ඇස් දෙක පුංචි කරලා එයා දිහා බලන ගමන්..

'' රස - සුවදායි... '' කෙයාන් කිව්වේ එයාට මේ වෙලාවේ උද්ගත වෙලා තිබුණ බරපතලම තත්වේ.. ඇයි ඉතින් ආයම්මාගේ රම්පේ දාපු කෑම සුවද කාමරේටම දැනුණා.. සහන්ස හිනා වෙලා කෙයාන්ගේ ඔළුව ඇවිස්සුවේ මේ පිස්සු කොල්ලා බඩගිනියි කියලා කියපු විදියට..

'' බන්ඩි ගෙඩිය උල් වෙනකම් කමු.. හරි ද ? '' සහන්ස කිව්වේ බාගේට නිදිමතේම එයාගේ හේත්තු වුණ කෙයාන්ට.. හිමින් කෙයාන්ගේ නළලයි කම්මුලයි ඉඹබු සහන්ස හිතලාම එයාගේ තොල් මග හැරියේ තාමත් තුවාල වෙලා තිබුණ තොල් දැවිල්ල ගනිවි කියලා.. කොහොමත් ආයේ ඊයේ වුන එකක්වත් කෙයාන්ට මතක වෙනවාට සහන්ස පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ,.

'' ඒයි... ලොකු අය්යේ...දොර අරිනවාකෝ..'' දොරට තඩිබාන චූටිගේ සද්දේට කෙයාන් ඔළුව උස්සලා බැලුවා..

'' මොක ද ඕපාදූප හොයන්න ආවා ද ? පස්සේ එනවා... යනවා දැන් පොතක් බලාගන්නවා.. '' සහන්ස නංගිට සැර කළේ කෙයාන් සහන්ස දිහා අපරාදකාරයෙක් වගේ බැල්මක් දාද්දී.. ඇයි අර අසරණ පැංචි මොනවා කරන්න ද ? එයාටත් ගෑස් දාන නපුරු අය්යා...

'' අරිනවා කහකුරුල්ලො ... ඔයාව බලන්න එන්න පිස්සු කියලා හිතුවා ද ? අම්මා කිවා පොඩි අය්යා ලෙඩවෙලා කියලා... මොනවා ද ඔය දොර වහගෙන කරන්නේ.. අරිනවා..මටත් බලන්නෝනි... නැත්තන් අම්මාට කියනවා..'' පැංචි ගෝරනාඩු කළේ කෙයාන්ගේ මූණේ පුංචි හිනාවක් ඇදිලා යද්දී,. ඇයි හිනා යන්නැද්ද සහන්ස අය්යාත් ගැස්සිලා යන්න පැංචි දාන සද්දවලට...

'' ඔහොම ඉන්නවා චූටි ආච්චී, '' කෙයාන්ගේ මූණේ ඇදුණ හිනාව දැකපු සහන්ස මුමුණ මුමුණ ඇදෙන් බැස්සේ කෙයාන්ව ඇද උඩ පරිස්සමට තියලා..

'' පැංචි.. උස ගිහින් ද කොහේ.. '' කෙයාන් වීරයා වගේ කිව්වේ පැංචි ගස්සගෙන ඇවිත් සහන්සගේ පුටුව උඩ කකුල් දෙකත් උඩට අරගෙන ගාණක් නැතුව වාඩි වෙද්දී,..

_Lost Eyes_Where stories live. Discover now