囧- පළමු වෙඩිල්ල -囧

3.5K 276 273
                                    

පල්ලම් අතර සැගව ගිය සීතල නගරය, ''දියතලාව '' ගල් අගුරු උණුසුමෙන් හුණුව යන ඒ වේලාව නගරයේ දුම්රිය ස්ථානය කාර්යබහුලම වන අවස්ථාව යැයි පැවසීම සාවද්‍ය නොවනු ඇත.

හිරු සේනා බටහිර ගුවන ආක්‍රමණය කිරීම අරඹා එතරම් කල් ගොසින් වග පෙනෙන්නට නොවූයේ ය. එනමුත් තවමත් සුන්දර දියතලාව උදෑසන සේ ප්‍රබෝධමත් ය. සෞම්‍ය රාත්‍රියක් සේ සිසිලසකින් යුතු ය. වේදිකාවට මොහොතකට පෙර සම්ප්‍රාප්ත වූ දුම්රියෙන් බැසගත් පිරිසෙන් අඩක්ම දැඩි හැඩි තරුණයන් වූ වග බලා සිටින්නෙකුට පහසුවෙන් පැවසිය හැකි කරුණක් විය. ඔවුන් සියලු දෙනාගේ අරමුණ විවිධ වුව ද ගමනාන්තය නම් එකක්ම විය.

1980 දශකයේ අග භාගය වන විට සන්නද්ධ හමුදාවන්හි අවශ්‍යතාවය දැඩි වෙමින් පැවතුණි . 71 වසරේ අප්‍රියෙල් කැරැල්ලෙහි අවසානය සනිටුහන් වුව ද දියෙහි එබූ ලී පතුරක් සේ කෙදිනක හෝ එය යළි ඇවීළී යන වග සියලු දෙනා හොදින්ම දැනුවත් විය. උතුරින් නැගී එමින් තිබූ කොටි ත්‍රස්තවාදයත් , ගිනි පුපුරු ගසමින් අළු යට සැගව තිබූ දකුණේ රතු ත්‍රස්තවාදයත් මැඩලීමෙහි ලා සන්නද්ධ හමුදාවන්හි අවශ්‍යතාවය තීව්‍ර මට්ටමක විය.

වැදගත් පවුල් පසුබිමකට හිමිකම් කී බොහෝ තරුණයන් යුධ හමුදාවට බැදුණේ සිය ආත්ම ආරක්ෂාව බලාපොරොත්තුවෙන් විය. සාමාන්‍ය පවුල්වල තරුණයන් හුදෙක් පිළිගැනීම පිණිස ද දුගී පවුල්වල තරුණයන් හුදෙක් සිය රැකියාව ලෙස ද යුධ හමුදාව තෝරාගත්තේ ය. ඇතැමෙක් හුදෙක් නිළ ඇදුම ඇග ලා ගැනීම පමණක්ම ප්‍රිය කළේ ය. යුධ උණුසුම දිනෙන් දින වර්ධනය වෙද්දී , වැදගත් පවුල්වල තරුණයන්ට කෙතරම් ඇවැසි වුව ද හමුදාවන් වෙත බැදීමට නිවසින් අවසර අහිමි වීම හේතුවෙන් මධ්‍යම පාන්තික තරුණයන්ගේ අවස්ථාවන් තවත් තීව්‍ර වී තිබිණ.

ඉදින් මෙකී විවිධාකාරයේ අරමුණු මතින් හමුදාව වෙත බැදෙන බොහෝමයක් තරුණයන්ගේ අවසන් අරමුණ මාතෘභුමිය හා දේශානුරාගය වගට පත් කිරීමට දියතලාව යුධහමුදා පුහුණු මධ්‍යස්ථානය ප්‍රසිද්ධියක් දරා සිට්යේ ය.

මෙකී සීතල නගරයේ දුම්රිය පළෙන් බැසගත් අවසන් සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ   තරුණයන්ගේ ඉලක්කය පිරි දෑස් යොමුව ඇත්තේ පා ගමනින්ම දිව යා යුතු වූ දියතලාව පුහුණු කදවුර වෙත විය. දුම්රිය පළෙන් බැස ට්‍රන්ක් පෙට්ටි ද හිස මත තබාගෙන දිව යා යුතු කිලෝමීටර් කිහිපය කොළොම්පුරේ , හා දිවයිනේ නොයෙක් නගරවලින් පැමිණී තරුණයෝ සිය ප්‍රාග් වදන් කෝෂයෙන් පුරවා දැමීමට ද අමතක නොකළෝ ය. පරුෂ වචන මුමුණමින් පේළියට ඇදෙන බදවාගැනීම් කණ්ඩායම 22 [ Intake 22 ] හි තරුණයෝ බටහිරින් බැස යන හිරුටත් , කදු මායිම් දගකරන නැවුම් තේ දලුවලටත් රැවීමට අමතක නොකළෝ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now