~=අම්බර 2=~

531 114 113
                                    

මධුවිතෙන් හා අල්ලාප සල්ලාපයෙන් පිරී තිබූ අවන්හලේහි තරුණියන් දහසක් තමන් වෙත මුකුළු පාමින් සිනාසෙනු දුටුව ද වාග්ෂසගේ ස්ථිර දෙනෙත් තවමත් නොසැලී හිස් අවකාශය වෙත යොමුව තිබුණේ ය. දිවාකළ දුටු තරුණයා ඔහුගේ ද සිත ප්‍රථම වතාවට සසල කර තිබුණේ ය. ඒ අන් කරුණක් නිසා නොව සිය මළණුවන්ගේ එකම සතුට වූ සසධාර් ඔහු නම් , යන හැගීම ඔහුගේ සිතෙහි සැරසැරූ බැවිනි.

වෙනිවැල් පැහැයට හුරු වූ ඔපදැමූ සේ වූ සම , කඩමාළු සළුවලින් ආවරණය වූ ශක්තිමත් දේහය , තියුණු උරෝස්ථියන් සමගින් නැගුණු පුළුල් උරහිස් ද වීණාවේ ගැටුණු දිගු ඇගිලි ද වාග්ෂසගේ තියුණු දෙනෙත් හසු කරගෙන තිබුණි. සසධාර් සෙනෙවිගේ මුහුණුවර දුටු එකම පුද්ගලා සිය මලණුවන් නම් එකී කඩවසම් මුහුණට ආයුධාන සම්පූර්ණයෙන්ම උමතු වීම පුදුමයක් නොවන වග හේ සිතී ය. නමුත් මුහුණුවර දැකීමට පෙර සිටම දාහත් හැවිරිදි ආයුධානට සසධාර් සෙනෙවිගෙන් තොර ලොවක් නොතිබූ වග වාග්ෂසට සිහිපත් විය.

පුද්ගලයෙකු දෙස පිටින් පෙනෙන කරුණු අනුව ඔහු පිළිබදව පැවසීමට වාග්ෂස තුළ වූයේ විශේෂ හැකියාවකි. සිය සොහොයුරාගේ ප්‍රේමය සසධාර් අය්යණ්ඩි ඔහු නම් මේ වන විට ඔහු විසි අට හැවිරිදි විය යුතු විය. නමුත් මෙකී තරුණයා ඔවුන්ට වඩා ලාබාල වග පැවසීමට වාග්ෂසට දෙවරක් සිතීමට අවැසි නොවී ය. ඔහුගේ ගෙලෙන් පිටතට පැන තිබූ දටිකයෙහි වූ කැපුම් ගණන වාග්ෂස ඇසිල්ලකින් ගැන්නේ ය. ඔහු විසි දෙහැවිරිදි වග පැවසීම වාග්ෂසට අපහසු නොවී ය. නමුත් ආයුධාන සිය දිවිය මත දිවුරා ඔහු සසධාර්ම වග පැවසීම වාග්ෂසගේ සිතිවිලි පැටලැවී ය.

'' මධුවිත පානය කළ යුතු ගැටලුවක්.. '' තමාටම මුමුණාගත් වාග්ෂස සන්සුන් ලීලාවෙන් දෑත් ද පිටුපසට කර බැදගෙන ලීයෙන් තැනූ පියගැට පෙළ බැස පහළට පැමිණියේ තරුණියන්ගේ විලාපයන් උච්ච කරමිනි.

අනෙක් පසින් ආයුධානගේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සිය තේජවන්ත ලෝහ ආරක්ෂක සෙනෙවි ඇදුම් කට්ටලය ඉවත් කළ ආයුධාන රත් පැහැ වංශවත් සළුවලින් මකුරවත ඉදිරියේ සිට ගත්තේ තමාගේ ප්‍රතිබිම්බය දෙස බලමිනි . පුළුල් උරහිස් , ශක්තිමත් බාහු යුග්මය හා ආරෝහ පරිණාහ දේහයෙන් යුතු වූ ආයුධාන සැබවින්ම කඩවසම් විය. සිය සොයුරා සේ නොව බාහු හා පපුව මතින් පිහිටි අසිපත් කැළැල් රාශියකටම හිමිකම් කී ආයුධාන සිය මෑත් කළ වස්ත්‍ර අතරින් පෙනුණු කැළැල් පිරි උඩුකය දෙස බලා සිටියේ ය. ශක්තිමත් පපුවට හරහා බද අසළටම වැටී තිබූ ස්වස්ථික අර්ධයේ තරමක් දරුණු පෙනුමක් ගත් , සුවවී ඇති අසිපත් කැළැල දෙස බලා සිටි ආයුධාන එය හරහා බොහෝකලකින් සිය හස්තය ආදරණීය ලෙස රැගෙන ගියේ ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now