23 කොටස

2.8K 606 135
                                    

ඒ ඇස් දෙක මාව අදුරගත්තේ නෑ...

බයිසකලේ ගියර් එක ඇගේ උපරිම වේගේ දාලා අඹරපු කෙයාන් හිතුවේ නැති විදියට බ්රේක් ලූස් වෙලා ගියේ හිතාගන්න බැරී විදියට බයික් එක ඉස්සරහට විසි වෙලා යද්දී.. බයික් එක ඇගට උඩින් විසිවෙලා මහ හඩින් වැටෙද්දී කෙයාන් පාර මැද ඇදගෙන වැටුණේ එහා පැත්තෙන් ආපු වාහනය කෙයාන්ගේ ඇගේ වැදෙන නොවැදෙන ගානට නතර වෙද්දී.... තාමත් වෙව්ලන ඇස් පිහාටු අතර පෙනුණ වේගයෙන් කැරකැවෙන බයික් එකේ රෝදේත් එහෙමම තියෙද්දී කෙයාන් අමාරුවෙන් එහා පැත්ත හැරුණා..

වෙනදා වගේම ලොකු හිස්තැනක් විතරයි.. කෙයාන් එහෙමම පාර මැද හාන්සි වුණේ තුවාල වුණු වැලමිට අල්ලගෙන... කිසිම මනුස්සයෙක් එයාට ළං වුණේ නෑ.. ඔව් ඇක්සිඩන්ට් එකකදී මෙතනට කව්රුත් ළං වෙන්නෑ.. මිනිස්සු බයයි ඒ තරම්ම කට උත්තරයකට.. අවුරුදු ගානකට පස්සේ කදුළු එක්කම හිනාවක් කෙයාන්ගේ මූණේ ඇදිලා ගිහින් තිබුණා...

සහන්ස එයා ඉන්නවා... එයා මේ ළගම ඉන්නවා... වෙන කොහේවත් නෙවේ නුවරම ඉන්නවා... ඒ ඇරෙන්න වෙන කිසිම කෙයාන්ගේ ඔළුව ආවේ නෑ.. බුදු සාධුට එයාව ඇහිලා.. ජීසස් එයාව අහලා...

ආා... අදුරගන්න බැරි වෙන එක අහන්න දෙයක් ද , කෙයාන් ඉදියාට වඩා ගොඩක්ම වෙනස්.. කෙට්ටුවට ඉදිය කොල්ලා උසට ගැළපෙන මහතක් වෙනකම් ලොකු වෙලා... කලින් අතටවත් ඇහවුනේ නැති කොණ්ඩේ වෙනුවාට අගල් දෙකක් විතර දිගට තිබුණ කොණ්ඩේ බෙල්ල ගාවට කට් එකකට කපලා තිබ්බා.. කෙයාන් වැලමිටත් අල්ලගෙන නැගිට්ටේ පාරේ මිනිස්සු එයාට බැන බැන යන එක සතපහකට ගණන් නොගෙන.. චුට්ටක් කොර ගහ ගහම බයික් එක කෙලින් කරපු කෙයාන් බයික් එකේ අයිනකට කළේ පාරේ ඉඩ හදලා දෙන ගමන්..

ෆෝන් එකේ අන්තිම කෝල් එකට දෙපාරක් හිතන්නේ නැතුව කෝල් බැක් කරපු කෙයාන් නොඉවසිල්ලෙන් ඒක කනේ තියාගත්තා.. 

'' කෙයාන් !! උබ කොහේ ද ? '' සතීශ්ගේ ගෝරනාඩුව.. රෑ වෙලාත් ගෙදර ආවේ නැති නිසා.. ඇයි සතීශ් නැත්තන් චූටිත් ගෙදර තනියම..

'' බං.. අහපන්... මට... මට.... මට හිතාගන්න බෑ... එයා මෙහේ.. මෙහේමයි.. නුවර... මම එයාව දැක්කා... සතීශ් මම අය්යාව දැක්කා... වැවරවුම ගාව.... උබ අහගෙන ද ? මේ පාර මම දැක්කා.... '' කෙයාන් වචනත් පටල පටල කිව්වේ සතුටට අත් දෙකත් වෙව්ලද්දී,

_Lost Eyes_Where stories live. Discover now