囧- දෙවන වෙඩිල්ල -囧

1.3K 241 232
                                    

'' වට් ඉස් ගොයින් ඔන් හියර් ? ''

අහස දෙදරනවා වගේ ඇසුණු හඩට ජේෂ්ඨ නිළධාරින්ගේ පහරදීම නැවතී ගියේ ය.

'' ස-ර්...''

සියලු දෙනා පසෙකට වූයේ දෑත් ද පිටුපසට බැද සිටි තරමක් ඉහළ නිළධාරියාට ඉඩ දෙමිනි.

'' මෙයාලා මට ගහනෝ... '' මෙවන් දෙවරක් නොසිතා පැමිණිලි කළේ ය. ලොව සියලු දෙනාට නීතිය එක විය යුතු වග ඔහු දැඩිව විශ්වාස කළ අතර මෙලෙස පහරදීම මහ පොළොව නුහුලුන අපරාධයක් විය.

තමා පවසන සෑම වදනකටම නිළධාරීන් සියලු දෙනා කෝපාන්විත වන්නේ මන්දැයි මෙවන්ට වටහා ගත නොහැකි කරුණක් විය. ඉක්මනින් තරහා යාම වයසට යාමට අනුලෝවම සමානුපාතිකවන කරුණක් ද විය.

'' මුගේ කට ! හූ ඉස් දිස් ? '' පැමිණී ජේෂ්ඨ නිළධාරියාගේ වෙඩි හඩ සේම වූ හඩ විමසුවේ ය.

'' සර්... එම් . වී... ''

'' මෙවන්... මම මෙවන්.. මෙවන් දි-සා-නා-ය-ක.. නයිස් ටූ මිටී යූ... එතකොට ඔයා කව් ද සර් ? '' මෙවන් මිත්‍රශීලි ලෙස විමසුවේ ය. තමා ද ඉංග්‍රීසි දන්නා වග පෙන්විය යුතු විය. යුධ හමුදාව තුළ නීති රීති පිළිබද කොතෙක් දැන සිටිය ද මෙවන්ගේ කට නම් නොවැසුණේ ය. තමාගේ පැනය හමුවේ ඉහළ නිළධාරියා දණ්ඩෙන් පහර කෑ නාගයෙකු සේ කෝපාන්විත වනු මෙවන් දුටුවේ ය.

'' ෂට් අප්.. තමුසේ ද මේ ? '' ඔහු ප්‍රශ්න කළේ දැඩි කෝපයෙනි. සාමාන්‍ය දැනුමක් තිබෙන කිසිවෙකුත් ජේෂ්ඨ හමුදා නිළධාරින් ඉදියේ හ්ම් හඩ හෝ නොනගන වග යුධ හමුදාවෙන් පිට ද ඕනැම අයෙකු දන්නා කරුණක් විය.

'' ආ.. ඔයා මාව දන්නවා ද ? මම ප්‍රසිද්ධයි නේ ? ඔව්නේ.. අපේ අප්පච්චී වඩමාරච්චී මෙහෙයුමේ දී මළේ....පව් අප්පච්චී... මොනවා කරන්න ද හැමෝම මැරෙනවානේ... '' මෙවන් නැවතීමකින් තොරව පවසාගෙන ගියේ , අනෙක් නිළධාරින් කිහිප දෙනාගේම අකුණු ගසන බැලුම් හා , විශ්වාස කළ නොහැකි බැලුම් තමා වෙත යොමු වෙද්දී යි. නිසැකවම ඔවුන් විස්මයට පත් විය යුතු විය. ඔවුන් මෙතරම් වෙලා පහර දුන්නේ කාට ද යනුවෙන් වැටහී යාමෙන් ඔවුන් භීතියට පත්ව ඇතැයි මෙවන් අනුමාන කළේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now