24 කොටස

3K 610 130
                                    

මුහුදේ තරම් රැලි නෑ තමා නුවර වැවේ.. ඒත් ඒ එන රැළිත් ආපහු යන්නේ , නිකන් ජීවිතේට බලාපොරොත්තුව ඇවිත් ආපහු යනවා වගේ..

දවසක් ? දෙකක් ? සතියක් දෙකක් ? නෑ තවත් හිස් මාස ගාණක් යනකම් කෙයාන්ට සහන්ස ගැන කිසිම දෙයක් දැනගන්න ලැබුණේ නෑ,. කොල්ලා අද පසුතැවෙනවා එදා වැවරවුම ගාවදී එයා බයික් එකෙන් වැටුණ එකට.. එදා එහෙම දෙයක් වුණේ නැත්තම්.. අද එයා සහන්සගේ අත් දෙකට මැදි වෙලා ඉන්න තිබ්බා..

එදා ඒ දේවල් එහෙම වුණේ ඇයි , අවුරුදු තුනකට කලින් මේ දේවල් වුණේ ඇයි කව්රු නිසා ද කියලා හොයලාම කෙයාන්ට මහන්සියි.

කෙයාන්ගේ මූණ වැහෙන්නම සුදු පාට හූඩි එකක්.. සේපාලිකා මල් මිට මලසුන ඉස්සරහා වෙනදා වගේම තියපු කෙයාන් හැමදාමත් වගේ එයාගේ ඉල්ලීම , බුදු සාධුට කිව්වා.. කලින් සේපාලිකා මල්වල සුවද හොරෙන් බලපු එකට එයා බුදු සාධුගෙන් සමාවත් ඉල්ලුවා..

එයාට ඇති ලස්සන චොකලට් දෙන කෙල්ලෙක් දැන්.. මම මොකට ද... ඒත් එහෙම බෑ මගේ දේපළ ඒ..... ඒත් භුක්තියටම සින්න වෙලා යයි ද මන්දා.. හාල් හිපාටුවා... කෙයාන් තනියම කියව කියව යන්නේ වැව රවුමේ හැම බංකුවක් පිරෙන්නම ඉන්න කපල්ස්වලට රව රව...

වෙනදා වගේ නෙවේ ගොඩක්ම පාලුයි මුළු නුවරම... ඔව් වැස්ස... හිමින් වැටෙනවා , වැවරවුමේ රැළිත් වැහි බිංදුවලට අවනත වෙලා ලස්සන රවුම් රවුම් රැළි මැව්වා...

කෙයාන් හිස් බැල්මකින් වැව රවුමේ වළාකුළු බැම්ම උඩින් වාඩි වුණේ වැස්ස වෙලාවේ වුණත් එතන නිස්කලංක නිසා.. වළාකුළු බැම්ම උඩ වාඩි වෙන එක පව් සිද්ධ වෙන වැඩක් කියලා කෙයාන් අහලා තිබ්බට වැව රවුම වළාකුළු බැම්ම එහෙම නෑ.. හැමදාම එයාගෙන් පොප්කෝන් කාපු මාළු යාළුවෝ ටික එතන ඉදියාත් කෙයාන් ගාව නම් පොප්කෝන් තිබුණේ නෑ..

කෙයාන් ඔහේ වැස්සී තෙමි තෙමීම වැව දිහා බලාගනෙ ඉදියා.. සතීශ් කීපාරක් කෝල් කළාත් කෙයාන් ෆෝන් එක අාන්ස්වර් කරන්න කරදර වුණේ නෑ,. සමහර විට චූටිට ක්ලාස් ඇති.. හරි ඉතින් එයා ඕන ද , දැන් චූටිටත් ඉන්නවානේ මහ ලොකු අයිතිකාරයෙක්.. පොඩ්ඩ ඇත්තන් ඇගට ගොඩ වෙන.. කෙයාන් ෆෝන් එකට රැව්වා..

_Lost Eyes_Where stories live. Discover now