➪01

4.2K 414 61
                                    

අවුරුදු විසිඑකක් වයසැති පාක් ජිමින් තරුණයා එයාගෙ හොදම යාලුවා වෙච්චි කිම් ටේහ්‍යුන්ග්ගෙ කරට අතත් දාගෙන ආවෙ දේශන තියෙන ශාලාවට..වෙලාව උදේ අටට කිට්ටු කරලා තිබ්බ නිසා එයාලා හැමදාමත් වගේ වාඩි වෙන පිටුපස පේළියට ගිහිං වාඩි වුනා..තවත් විනාඩි දහයකින් පළමු දේශනය ආරම්භ වීමට නියමිතව තිබුණා..

"එහ් ටේ...මොකද අර කෙල්ලො ඇබරි ඇබරි දොර දිහා බලාගෙන ඉන්නෙ..?"

ජිමින් එයාගෙ එක ඇහිබැමක් උස්සලා තමන්ට එහා පැත්තෙන් වාඩි වෙලා දේශනයට සූදානම් වෙන ටේහ්‍යුන්ගෙන් ඇහුවා..

"ඇයි උබ දන්නැද්ද...අපේ ලෙක්චරර් මාරු කරලා කියලා...අලුත් කෙනා තරුණයි ලු...ඒක නිසා වෙන්නැති කෙල්ලො ඇබරි ඇබරි බලාගෙන ඉන්නේ...."

"ඔහ්... එහෙමත් එකක්ද...කවුරු ආවත් ප්‍රොෆෙසර් ලැංටින්ට වඩා හොඳ කෙනෙක් වෙනවනම් හොදයි... නැත්තං අපිට වෙන්නේ නිදිකිරන්න තමයි..."

ජිමින් ඈනුමක් යවන ගමන් අත් ඔරලෝසුව දිහා බලාගෙන කිව්වා..ඒත් එක්කම මුලු ශාලාවම නිශ්ශබ්ද වුණු නිසා ජිමින් ඔලුව ඔසවලා ඒ දිහා බැලුවා..

ටයිල් කරන ලද ශාලාවෙ පොළව මතින් නැගෙන සපත්තු අඩි සද්දය තියුණු උනා..ශාලාවෙ හිටිය හැමෝගෙම ඇස් නතර උනේ කලු පැහැති ෂර්ට් එකකින්, ට්‍රව්සර් එකකින් වගේම,බ්ලේසර් එකකින් සැරසිලා හිටිය තරුණ කතිකාචාර්යවරයා ළග..තරමක් දිගට වැවිලා තිබුණ කොන්ඩයට පෝනිටේල් එකක් දාලා හිටියා වගේම ඔහුගේ වම් කන සිදුරු කර රිදී කරාබුවක් පැළද සිටියා..

"පෆෙක්ට්......!!"

පිටුපස පේළියෙ හිටියා වුනත් තමුන්ගෙ සම්පූර්ණ අවධානය යොදවා තරුණ කතිකාචාර්යවරයා දෙස බලාගෙන හිටිය පාක් ජිමින්ගෙ කටින් එකවරම පිට වුනා..

ජිමින්ගෙ වචනත් එක්ක ටේහ්‍යුන්ග් ජිමින් දෙස හැරී බලා නැවතත් තමාගෙ අවධානය ශාලාව ඉදිරිපිට සිටගෙන සිටින තරුණ කතිකාචාර්යවරයට දුන්නා..

"ගුඩ් මෝනින් එව්රිවන්...අම් යුවර් නිව් ප්‍රොෆෙසර් ,ජොන්......"

තරුණ කතිකාචාර්යවරයා මුලු ශාලාව පුරාම ඇස් යවන ගමන් මද සිනහවක් තොල් අග රදවගෙන කිව්වා..

කතිකාචාර්යවරයා තමන්ගෙ පාඩම ගැන ළමයින්ට පැහැදිලි කරලා දෙන අතරෙ ජිමින්ගෙ ඇස් නම් නැවතිලා තිබ්බෙ කතිකාචාර්යවරයෙගෙ පිරුණු ශරීරයෙ..ඇගටම ඇලිලා තියෙන කලිසමෙන් පේන පිරුණු කලවා වල එයාගෙ ඇස් නැවතිලා තිබ්බා..

"වාව්...ඒවා මට අල්ලන්න තිබ්බ නම්....."

කතිකාචාර්යවරයා ශාලාවෙ එහාට මෙහාට ගමන් කරද්දී පිරිපුන්ව හොදින් කැපී පෙනෙන කලවා දිහා බලාගෙන ජිමින් කල්පනා කලා..

"ඒ ජිමිනෝ...නෝට් එක ලියාගත්තද.....?"

තරුණ කතිකාචාර්යවරයගෙ පිරුණු ශරීරය හිතින් වින්දනය කරමින් හිටිය පාක් ජිමින් ගැස්සිලා තමන්ගෙ යාලුවා දිහා බැලුවෙ තමන්ගෙ බඩට ලැබුණු අත් පහර නිසා..

"ආව්...ඇයි ගැහුවෙ....?"

ජිමින් ඇස් දෙක පුංචි කරලා තමන්ගෙ වැඩේට බාධා කරපු කරදරකාර ටේහ්‍යුන්ග් දිහා බලලා මූණ හකුලවමින් ඇහුවා..

"උබ මේ ලෝකෙ නෙමෙයි ද ඉන්නෙ...මං උබෙන් ප්‍රශ්නයක් ඇහුවා..."

"අහ්...මම වෙන කල්පනාවක හිටියේ...මොනා ගැනද උබ ඇහුවෙ....?"

"නෝට් එක....?"
ඒත් එක්කම ජිමින් ටේහ්‍යුන්ගෙ පොත දිහා බලලා තමන්ගෙ පොත දිහා බැලුවා..එයාට නෝට් එක ලියා ගන්න බැරිවෙලා..

"හරි මම නෝට් ටික දෙන්නම්... හැබැයි උබ දැන් ඉදන්වත් අවධානයෙන් ඉදපම්....."

ටේහ්‍යුන්ග් කියද්දි ජිමින් ඔලුව වැනුවා..එයා ආයෙමත් ප්‍රොෆෙසර් ජොන් දිහා බලද්දි එයාගෙ ඇස් සෘජුවම ජිමින්ගෙ දිහාවට යොමු වෙලා තිබ්බා..

හිත ඇතුලෙන් අමුතු බයක් දැනෙද්දි ජිමින් වැරැද්දක් කරලා අහුවෙච්ච බලු පැටියෙක් වගේ ඇස් බිමට හරවගත්තා..

ප්‍රොෆෙසර් ජොන් ජිමින් දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආයෙමත් තමන්ගෙ දේශනය පටන් ගත්තා..එයා විටින් විට ජිමින් දිහා බැලුවම ජිමින් එයාගෙ අවධානෙ වෙනස් කරගන්නවා වගේම මූණ රතු කරගන්න දිහා කතිකාචාර්යවරයා බලාගෙන හිටියෙ හිතේ චකිතයක් ඇති වෙද්දි...

එයාට හොඳටම විශ්වාසයි ඒ ළමයා නෝට් එක ලියාගත්තෙ නැති බව.....

"තමුන්....!! ලෙක්චර් එක ඉවර වෙලා මාව හම්බවෙලා යන්න....."

ප්‍රොෆෙසර් ජොන් ජිමින් දිහාට ඇගිල්ලක් දික් කරගෙන තද විදිහට කියද්දි ජිමින් ඔලුව වැනුවා..

ටේහ්‍යුන්ග් නම් ජිමින් දිහා බැලුවෙ මූ නම් ඉල්ලගෙන කන්නෙ කියලා හිතන ගමන්...



_☀︎_

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now