囧- පස්වන වෙඩිල්ල -囧

1.2K 225 121
                                    

කෙලෙසකවත් පුහුණුව නම් නවකයන් සදහා පහසු නොවී ය. දෙමසක් ගත වුවද ඔවුන් වෙත ආ නවක වදයන්හි ද සීමාවක් නොවී ය. කෙමෙන් කෙමෙන් ඔවුන්ට නොදැනීම ඔවුහු බිහිසුණු සංග්‍රාම පිටියක රුදුරු බව කෙරේ හුරුවෙමින් සිටියෝ ය. ඇතුළු වූ සියයක පමණ පිරිසෙන් පුහුණුව අවසන් කරලීමට ශක්තිමත් වන්නේද සීමිත පිරිසක් වූහ.

සිහිසුන් වනතුරු නාසයෙන් මත්පැන් පෙවීම , හිස අශූචි පිරි කොමඩ් එකක ඔබා ෆ්ලෂ් කිරීම , හිසෙහි ආර්ක්ෂිත හිස්වැසුමක් පළදා පොලුවලින් පහරදීම යනාදී වදහිංසා තවදුරටත් ඔවුන්ට නුපුරුදු දේවල් නොවී ය. ජේෂ්ඨයන්ගේ කැබින් අස්පස් කිරීම , පිළිවෙලට සිටීම , කාලයට අනුව වැඩකිරීම , වගකීම් එකහෙළාම ඉටුකිරීම ඔවුන්ගේ ජීවිතයේම කොටසක් බවට පත්වීමට වැඩිකල් ගතවන්නේ ද නැත. සියල්ල ඔවුන් ජාතිය වෙනුවෙන් නොව ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් කරන කැපකිරීමක් විය.

පෞඪ වසර දෙදහසකුත් පන්සියක ලිඛිත ඉතිහාසයකදී ඒකීය රාජ්‍යයක් වූ , ඉන්දියන් සයුරේ මුතුඇටයට වින කරන , ත්‍රස්තවාදීන් දෙකක් උතුරත් දකුණත් අවුලා දමමින් තිබුණේ ය. ජනතා විමුක්ති පෙරමුණ නැමැති ශිෂ්‍ය බලවේගයන් දේශපාලනීකරණය කරමින් දකුණේ දිවෙන්නා වූ රතු ත්‍රස්තවාදය , පෙරමුණද ගිලගැනීමට වැඩි කල් ගත නොවූයේ ය. හැත්තෑ එක වසරේ අප්‍රියෙල් කැරැල්ල අවසානය , එය මුලින් උපුටා දැමූ වග පාලකයින් සිතා සිටිය ද , පෙර තිබූ ප්‍රතිපත්ති ද සොයාගත නොහැකිව ජනතා විමුක්ති පෙරමුණ නමින් ඔවුන් නැගී සිටින්නට විය.

ආරම්භයේ දී , ප්‍රතිපත්ති උදෙසා සාමකාමී උද්ඝෝෂණයවලින් සීමා වුවද , පසුකාලිනව එය සමූල ඝාතන රැලි දක්වාම ව්‍යාප්ත වූයේ කෙසේ දැයි , අසූ හත වසර වන අදටත් සියලු දෙනාට පැහැදිලි පිළිතුරු නැති පැනයන් විය. ඉතින් මේ රතු ත්‍රස්තවාදයෙන් බැටකෑවේ සිය තාරුණ්‍ය , ජීවිතයම පරදුරවට තබා යුධ හමුදාවට බැදුණු විරුවන් විය. එය එලෙස වග සිතීමේදී තමා කොටුව ඇති උගුලෙහි භයානක කම මෙවන් මදින් මද වටහා ගත්තේ ය.

ඉන්දු - ලංකා ගිවිසුම පිළිබද ජනතාව තුළ වූයේ අප්‍රසාදයකි. හමුදාවන් තුළ වූයේ ද අප්‍රසාදයෙක් වග නාවික හමුදා නිළධාරියාගේ රයිෆලයෙන් පහරදීම සාක්ෂි දැරුවේ ය. ඊලාමය සාම සාකච්ඡා මුලාවෙන් නැවතී තිබුණ ද , කොටි සංවිධානය ඒ කාලය ප්‍රයෝජනයට ගෙන සිය සංවිධාන ශක්තිය වැඩි කරගන්නා වග ද ආයුධ රැස් කරන වග ද දැන දැනත් රජය හා බලධාරින් උන් නිද්‍රාවතක පෙළෙමින් සිටින්නේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now