04. ඊලඟ එක්කෙනා

1K 300 47
                                    

"මම මේ ඇත්තටමයි කියන්නේ සුද්දා. ඔයා මොකක්හරි දෙයක් උවමනාවෙන් කරන්න ගත්තහම බලන්ඉන්න ආස හිතෙනවා..."

ඈශ් කිව්වේ කාමරේ මැද තිබුන බෝඩ්එකදිහා උනන්දුවෙන් බලනගමන්.

මම මුකුත් කිව්වේ නැහැ.

"මොකක්ද මේ පලවෙනි ඇන්වසරිඑක දවසේ රණ්ඩුවකියලා ලියලා තියෙන්නේ..?" අළු කුමාරයා බෝඩ්එකේ තිබුන ස්ටිකී නෝට්එකක් දිහාවට ඇඟිල්ල දික්කළා.

"ඒක හෙන දිගකතාවක්... දැන් කියන්න වෙලාව නැහැ... පස්සේ කියන්නම්."

"මම ඉතිං නිකමට ඇහුවේ... දැනගන්නම නෙමෙයි!" නොන්ඩියට හිනාවපාලා අළු කුමාරයා ආයෙම පොත් මෙසේ උඩවාඩි වුණා.

 දැනගන්නම නෙමෙයි!" නොන්ඩියට හිනාවපාලා අළු කුමාරයා ආයෙම පොත් මෙසේ උඩවාඩි වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඇදගෙන හිටිය ඇදුම උදේ ඇඳගෙනහිටිය ඇඳුමට වඩාවෙනස්. උදේ කැශුවල්දාගෙන ගියාට ඇවිත් තිබුණේ ලොකු උත්සවයකටයන්න ගැලපෙන කලිසමකුයි අත්දිග ෂර්ට්එකකුයි. ෂර්ට්එක නම් වැලමිට වෙනකල් නවලා. නිකන් තරු හෝටලේක සේවකයෙන් වගේ.

අළු කුමාරයාගේ හැසිරීම වෙලාවකට මට ගෙනාවේ ලොකු හිසරදයක්.

"ඈශ් දැකලා තියෙනවද එකටඅලවන්න හදපු බිඳිච්ච භාජන?"

"නපුරු කලට... අමතකකල නොහැකිනම් ඉතිං... බිඳෙන බඳුන්.... ලලලා.... සුරකිම්ද ආ...දරෙන්!!"

එකඅතක් පපුව උඩතියාගෙන අනිත් අත පැත්තකට දික්කරගත්ත අළු කුමාරයා පුන්සිරි සොයිසාගේ සිංදුවේ අමතක වෙච්ච වචනවලට බොරු කෑලිදදා කියනහැටි විනාඩියක් විතර බලාගෙන ඉඳලා බැරිමතැන ඇඳට ගිහිල්ලා හතරගාතෙදාල වැතිරුණ මම කොට්ටයක් අරගෙන මුණවහගත්තා.

වෙලාව එකොළහයි පනස් නවයයි.

"විසිරුන කෑලි එකතුකරලා කොච්චර හොදට අලවන්න හැදුණත් බිඳිච්ච ඉරිපාරවල් එහෙම්මම ඉතුරවෙනවා... මට හිතෙනවා අපිදෙන්න අතරෙ සම්බන්ධය දවස්ගාණකට කලින් බිඳිලා ගියාට... ගොඩකාලෙකට කලින් ඉරිතලන්න පටන්අරගෙන තිබ්බේ..."

මැදියමට පෙරWhere stories live. Discover now