03- නුඹ මට හිමි නැත 🦋

1.1K 211 57
                                    

My Unconditional Love
.
.
.
.
.
.
""අනේ සර් ඔයා මැරි කරලා . ඔයාට ලස්සන පවුලක් තියනවා.. මම සර්ට ආදරෙයි තමයි.. ඒත් සර් අපි අපේ ආදරේ මෙහෙමම හිතේ තියාගමු.. මට එන්න බෑ සර් මට සමාවෙන්න. "

මම හිමීට සර්ගෙන් ඈත් උනේ සර් හොද ෆැමලි ලයිෆ් එකක් ගත කරන බබාලා දෙන්නෙක්ගේ තාත්තෙක් නිසා..
මම නම් හරියට ගෑනියෙක්වත් සලකන්නේ නැති කිසිම දෙයක් නැති කොල්ලෙක් වුනු නිසා මට ඕනි එකක්..
ඒත් මම එයාට ආදරෙයි නම් ඇත්තටම මට බෑ එයාට හානියක් කරන්න...
මං ඒ වෙලාවෙම තීරණයක් ගත්තා...

" මට ඇත්තටම සමාවෙන්න සර්...."

මම එයාගෙන් ඈත් උනේ මගේ ඇගෙන් කොටසක් ගලෝලා අයින් කරන තරම් වේදනාවකින්..
ඒත් මම මගේ හිත හයිය කරගත්තා...

" අනේ ඇයි කෙයාන්...???"

" මට සමාවෙන්න සර්.. "
මම එයා එක්ක සම්බන්ධයක් ඇති කරගෙන මගේ ප්‍රශ්නත් කෙයාන් සර්ටත් දාන්න බෑ..
මොකද මගේ සැනසීම නිසා හොදට ඉන්න පවුලකට ප්‍රශ්නයක් ඇති කරන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ....

එදා එහෙමම සර් මුකුත් ම නොකියා මූනත් කළු කරගෙනම යන්න ගියා...

මම මගේ බඩුත් අරගෙන ස්කූටර් එකේ ගෙදර නොයා ගියේ පානදුරේ බීච් එකට..
වෙලාව හවස 6.00 ට වගේ ඇති .
මම යද්දි 6.30විතර උනා..
හෙල්මට් එකත් අතර අරන් මම බීච් එකට ගියේ මගේ හිත ටිකක් හරි සැහැල්ලු කරගන්න කියලා හිතාගෙනමයි...

තාමත් පවුල් පිටින් ඇවිත් පොඩ්ඩොත් එක්ක කට්ටිය සෙල්ලම් කරනවා...
මට ඒක දැකලා තවත් දුක හිතුනේ අරුන් සර්ගේ ෆැමලි එක මතක් වෙලා...

මම ටිකක් වෙලා එහෙමම හිටියා...
ඈත මුහුද තාමත් ගිලෙන හිරුගේ ආලෝකය ධරනවා.

" මගේ ජීවිතේ මොන තරම් පිස්සුවක් ද..? හෂානි නිකමටවත් මම වැඩ ද නැද්ද කියලාවත් බලන්න උත්සහා කලේ නෑ...
මම මගේ ජීවිතේ තනිවෙලා පුදුම විදියට දරාගන්නවා..
ඉස්කොලේ යන කාලේ මට හිටපු යාලුවො සේරම මම හෂානි නිසා අතෑරියා..
එයා කිව්වේ මට ඉන්න ඕනි එකම යාලුවා එයා විතරයි කියලා..
ඒත් ඒකින් මට උනේ තනිවෙන්න විතරයි...
සේරම වේදනාවන් මම ඈත ක්ෂිතිජය දිහා බලාගෙන දිය කරලා දැම්මා..

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now