💔 පළමු කොටස 💔

1.8K 330 133
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

ඔබත් මමත්....

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔


ඒක පුංචි බයිසිකලයක්... ලස්සනයි.. හුරුබුහුටියි.. බයිසිකල් ෂොප් එකේ වීදුරුවෙන් ඒ දිහා බලන් ඉන්න දරුවෝ දෙන්නත් එහෙමයි.. හුරුබුහුටියි.. හුරතල්..

ඒත් ඒ දෙන්නා සමානද??

එක්කෙනෙක් ආවෙ ලොකු කාර් එකක... එයාගෙ අප්පච්චි එක්ක...
අනිත් කෙනා පයින්... ඒකත් තනියම... අතේ පුංචි සල්ලි කැටයක් එක්ක...
ඔව් එයා හිගන්නෙක්..
ඒත් මං එයාට කියන්නේ, වීදියට සින්න වුන වීදි දරුවෙක්..
දුප්පත් , ඒත් හීන දකින දරුවෙක්..
අර ලස්සන බයිසිකලේ, ඒ එයාගෙ හීනේ...
පුංචි ඇස් දිලිසෙන විදියට හිතා ගන්න අමාරු නෑ... ඒත් ඒ හීනේ එයාට ගොඩාක් දුර හීනයක්.. කැටයට එකතු වෙන රුපියලේ දෙකේ කාසි හොදටම මදි ඒ කොල්ලගේ හීනෙ දිනාගන්න...

"ඕයි මොකද්ද කරන්නෙ පාර මැද්දෙ හිටගෙන "

කෑ ගැහුවේ පාරටම ජීවිතේ දියවුණු මැදිවියේ පිරිමියෙක්.. වෙන කාටවත් නෙවෙයි... මට... වෙලාව උදේ නවයට විතර ඇති..
මේ මුළු කොළඹම කළඹල වෙන වෙලාව... ඇත්ත... අර මනුස්සයගේ කේන්තිය සාධාරණයි.. අවුවත් හෙමිහිට සැර කරගෙන එන වෙලාවෙ මං වගේ එකෙක් පෙමන්ට් එක මැද්දෙ හිටගෙන අර පුංචි දරුවගේ හීන බිදෙන හැටි බලන් ඉන්න එක වැරදියි..

බයිසිකලේ ලැබෙන්නේ අප්පච්ච් එක්ක ආව පෝසත් දරුවට.. ඒක අපි කවුරුත් දන්නවා.. ඒත් මං තාම බලන් ඉන්නවා අර පුංචි වීදි දරුවා දිහා.. පෝසත් බබාට හිතුනොත් එයාගෙ බයිසිකලෙ අර දරුවට දෙන්න.. දෙයිද එයා... මිනිස්සු ඒ තරම් හොදයිද... ??

"සිහිලැල්.. මෙච්චර වෙලා යනවද ඕයි තමුසෙට කැපුචිනෝ එකක් අරන් එන්න... "

පුංචි ෆෝන් එකට ආව කේන්තිය පිපිරුණු කෝල් එක නිසා මං හොදටම පරක්කුයි කියලා මගේ මෝඩ මොලේට තේරුම් ගියා... කතා කලේ අයර්ෂා මැඩම්.. අපේ ලොකු සර්ගේ සෙකට්‍රි... සර්ටත් වඩා මැඩම්ගේ රැස් වැඩි.. ඒ හින්ද වෙන්නැති කම්පැණියෙන් දෙන කොෆී එක එපා කියලා ටවුමේ බෲව්ඩ් අවේක්නින්ග් කොෆී ෂොප් එකෙන්ම ස්පෙෂල් කැපුචිනෝ ගෙන්නන් බොන්නේ..

කැතයිද මංWhere stories live. Discover now