14-දඟකාර කෙවින්🕷️

1.3K 244 39
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
" චොකලට් කෑල්ල ද මම එතකොට ඔයාගේ...???"

මගේ බයවුන පාර එයාගේ අත් දෙකෙන් මම බිමට පැන්නා.. පැන්න පාරට මගේ වැලමිටත් වැදුණේ මට කෑගැහෙද්දී යි..

"ඔ....ඔ......ඔ...යා....කොහොමද ??"

මගේ ප්‍රතිචාරයට එයා බඩත් අල්ලන් හිනා වෙලා ඊලග මොහොතේ මාව නැගිට්ටලා වඩා ගත්තා..

" මට භාෂා 7 ක් පුළුවන් ..."

" whaat....?????"

එයා සිංහල වතුර වගේ කතා කරද්දී මට පොලව පලාගෙන යන්න හිතුනා .. ඒ කියන්නේ මේකා මම මුල ඉදලම සිංහලෙන් කිව්ව ඒවා තේරුන් ගත්තා කියන එක ද...
අයියෝ සංසාරේ.... මගේ මූන බෙරිවෙලා ගියා...

" මට හින්දි ,සිංහල , කොරියන් , චයිනීස් , ඉතාලි , ස්පාඤ්ඤ පුළුවන් ... "

" හොදටම පුළුවන් ඉංග්‍රීසි, ඉතාලි දෙක තමා..."

මම කටත් ඇරගෙන එයා කියන ඒවා අහන් හිටියේ එයා මාව පරිස්සමෙන් ඇදෙන් තියන අතරෙයි...

" ඒක තමා කියන්නේ පනින්න පෙර සිතා බලනු කියලා..."

මොකක් මේ යකා ප්‍රස්ථා පිරුළුත් දන්නවද.. ?
මම හිතින් හිතුවා..

"දැන් ඔහොම ඉන්න. ඩොක්ටර් ඒවි..

" හ්ම්ම්ම්.. මම එයාගේ කර වටේ තිබ්බ අත හිමීට අතෑරියා...
එයා මාව පහසු විදියට කොට්ටයක් පිටට තියලා මට උදව් කරා...
සැරෙන් සැරේ එයා මගේ දිහා බල බල හිනා වෙනවා.. මගේ මූන රතු වෙලා කියලා මට දැනිලා තිබුණේ...

" බේබ් ලන්ච් අරන් අපි ගමනක් යමු. "

" කොහේද..??? "

" ඉන්නකෝ.. ගියාම බලන්න.."

අදුරු අතීතය මොහොතින් මොහොත අමතක කරවමින් එයා මාව රැකබලා ගන්න විදියට මගේ හිතට එයාගැන දැනුනේ හරිම පහන් හැඟීමක්..
ඒක ආදරේ ගෞරවය මිශ්‍ර එකක්....

" මොනවා පෙන්වන්න ද දන්නෑ එක්කන් යන්න හදන්නේ..??"

දැන් දැන් මගේ ඇතුලේ ඉන්න සැබෑ ම කෙයාන් පිටතට එන්න පටන් ගන්නවා කියලා මට තේරුණා.. මොකද මම 17 වෙනකන් දගකාර විසේකාර කොල්ලෙක්..
ඒත් මගේ දෛවය මගේ ඇත්තම චරිතය මගෙන් උදුර ගත්තේ කිසිම හිතක් පපුවක් නැතුව..
ඒත් මගේ මින්ට් චොකලට් මාව හොයාගෙන ආවේ දේවදූතයෙක් මගේ ජීවිතයට ආවා වගේ.
ඉතින් දැන් මම පරණ කෙයාන්ට සමුදෙන්න තීරණය කරා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now