08- අපේ අහිංසක ආදරේ🦋

956 190 23
                                    

My Unconditional LoVe..🦋
.
.
.
.
.
.
.
උඩ සිංදුවත් අහලාම  කතාව කියවන්න....

පෙර දින අරුන්ගේ තුරුළට වී හෂානි නිසා කෙයාන් වැලපුනත් අරුන්ගේ රැකවරණය හමුවේ කෙයාන්ගේ හිතට සැනසීමක් ලැබුණේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පෙර දින අරුන්ගේ තුරුළට වී හෂානි නිසා කෙයාන් වැලපුනත් අරුන්ගේ රැකවරණය හමුවේ කෙයාන්ගේ හිතට සැනසීමක් ලැබුණේය...
එය ද සිහිකරමින් කෙයාන් පසු දා උදෑසනම ගිටාරය රැගෙන මිදුලේ ඇති බංකුව උඩ හැරිබැරි ගැසී ගීතයේ පදවැල් මුමුනන්නට විය...

" චූටි පුතා....."

කෙයාන් නැවත මවගේ ආදරණීය චූටි පුතා විය...
තවමත් වයස 24ක පසුවන කෙයාන්ගේ ජීවිතය පරිණත වූවත් වයසින් පරිණතව තිබුණේ නැත...
නියමිත වයසට විය යුතු දේවල් ඉතා ම වේලාසනින් සිදු වීම නිසා කෙයාන්ගේ ජීවිතය ඛේදනාත්මක ඉරණමක් පසු කරන්නට විය..
ඔහුට වයසට වඩා ජීවිත අත්දැකීම් රැබීම එක් අතකට කටුකය..
තවත් අතකට මිහිරිය...

අයෙකුට ජීවිතයේ එක් වරක් වැරදුණු පසුව බිහිවන මිනිසා වඩාත් ශක්තිමත් දරාගැනීමෙන් යුක්ත අයෙකු වන්නේය.ඔහු රැවටීමට අසමත් කිරීමට වඩාත් අපහසු වන්නේ ය...
කෙයාන් ද හෂානි නිසා බොහෝ දුක් වින්දද අරුන් නිසා හිතට යම්කිසි සහනයක් ලබා ගෙන තිබුණි....

කෙයාන්ගේ ඇඟිලි සියුම් ලෙස ගිටාරයේ තත් අතර ගමන් කල අතර සුපුරුදු පරිදි එය පසෙකින් රෙකෝඩ් විය.
ඔහුගේ දැහැන්ගත මනස බිඳුණේ මවගේ හඩත් සමගය...

" ඔව් අම්මා.....??"

" පුතා කාලා ඉන්නවද..??"

" මං චුට්ටකින් එන්නම් අම්මා .. "

අද දින පුර පසොලොස්වක වූ නිසා කෙයාන් සියලු රැකියාවලින් නිදහස් විය.
නමුත් හිතේ පුංචි දුකක් තිබුණේ අරුන්ව දැකගැනීමට අද දින නොහැකිවන නිසාවෙනි...
කෙයාන් නැවත සිංදුවේ පදවැල් ගයමින් ගිටාරය වාදනය කරන්නට වූ අතර අවසානයේ එය අවසන් කර රෙකෝඩින් එක ද සේව් කරගත්තේය..
පසුව සෙමින් නැගිට නිවස තුළට ගියේ ය..
ඒ අතර කෙයාන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවේය....

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now