12- නුඹ මගේ සැනසීමයි 🦋

1.1K 189 55
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
" සංකූ......"

" ම්ම්ම්ම්????"

" ඔයාට අක්කාගෙන් අවුලක් නැද්ද මෙහෙ ඉන්න එක..??"

එයා මං දිහා එක පාරන තියුණු බැල්මක් දැම්මා...

" අම්බෝ.. බය හිතෙනවනේ ඔහොම බැලුවම...

අරුන් එලවලු කපමින් සිටි පිහිය ද අතැතිව කෙයාන් ලගට එන්නට විය. කෙයාන් අරුන්ගේ දෑස් දෙසම බලා සිටියේය...

" මට ඔයා යන්න දෙනවද කෙයාන්... අක්කා අකමැති උනොත්...?"

අරුන් අහපු ප්‍රශ්නය හමුවේ කෙයාන් නිරුත්තර විය...

"කියන්න බබා.. අරුන් කෙයාන්ගේ නිකට ඔසවමින් දෑස් තුළට එබුණි..

කෙයාන්ගේ දෑස් මත කඳුළු පටලයක් දිලිසෙනු අරුන් දුටුවේය...

" බබා...හ්...". අරුන් සෙමින් කෙයාන්ගේ මුහුණට බර වූ අතර කෙයාන්ගෙ කොපුලකට තම දෙතොල් තද කරන්නට විය...

" ඒත් සංකූ ඔයාගේ බබාලා දෙන්නා..??? මම ආස නෑ පවුලක් වෙන් කරන්න. අනික බබාලට අම්මයි තාත්තයි වෙන් උනාම ඒක එයාලගේ Personality එකට සෑහෙන්න බලපානවා. ඒ නිසා මගේ ආත්මාර්ථකාමීකමට මට ඔයාව ලබාගන්න බෑ සංකූ.. ඔයා තාත්තෙක් නේ.."

කෙයාන් සියල්ල පවසන විට කෙයාන්ගේ හැඬුම් ඉකියක් බවට හැරී තිබුණි. කෙයාන් මෙතෙක් කලක් සිරගත කොට තිබුණු සිතුවිලි අරුන් ඉදිරියේ පිට කරන්නට විය...
අරුන් ඉක්මනින් කෙයාන්ව තම තුරුළට ගත් අතර එය වඩාත් තදින් සිදු කරන්නට විය...

'" සංකූ...ප්ලීස් මට වරදකාරී හැඟීමකින් ජීවිත කාලෙම ඉන්න බෑ සංකූ... මට තේරෙන්නෑ.. මට ඔයාවත් ඕනි. ඒත් මම අසරණයි..."

කෙයාන්ගේ කඳුළු හමුවේ අරුන් අසරණ වූවේය...
.
.
.
.

Arun POV......
.
..
.
මම හීනෙකින්වත් හිතුවේ නෑ අවුරුදු ගානක් ගිහින් එයා මේ තරම් පරිණත කොල්ලෙක් වෙලා කියලා.. ඇත්තටම එයාගේ වචන සාධාරණයි..
මම තාත්තෙක්.. ඒක වැරදීමක් උනත් ඒක දැන් නිවැරදි කරන්න මට බෑ..
ඒ මගේ ලේ...
ඒත් මට මගේ ජීවිතය තියෙන්නේ මගේ පුංචි කුමාරයා ලග...
මං තාත්තෙක් බව ඇත්ත. නමුත් මමත් ආදරේ විදින්න ආස ඇට මස් ලේ නහර තියන මනුස්සයෙක්.
මම මගේ ආදරේ අතාරින්නවත් පරිත්‍යාග කරන්නවත් පරිණත නෑ..
මම කොහොමද මගේ කුමාරයාව අමතක කරන්නේ. ඊට වඩා හොදයි මම මැරිලා යනවා..
මේ අවුරුදු 3 ට එයා මගේ සතුට මගේ ජීවිතය මගේ හැමදේම උනා. එයාට තරම් මාව තේරුම් අරන් මට ආදරේ කරන්න වෙන කිසිම කෙනෙක්ට බෑ...
ඒ තරම් මගේ කොල්ලා පොඩි උනාට පරිණතයි වගේම අහිසකයි...
ඒත් මම මගේ මැණිකට අසාධාරණයක් කරන්නේ නෑ.. මගේ දරුවන්ට කරන්නත් බෑ...
ඒ නිසා මම මගේ මැණික ලගත් ඉන්නවා. බබාලා ලගත් ඉන්නවා...
මගේ කල්පනාවෙන් මම මිදුනේ එයා මගේ තුරුලෙන් මිදුනාත් සමගමයි..

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now