භීෂගේ දිනපොතේ පිටුවක්

167 35 8
                                    

ශ්වාසත් ගිම් නිවන වාලුකාවක,
රාඥය දුටෙම් ඇසළ උයලුයෙක, දෘෂ්ටික්ෂේපයෙන් ද
පරික්ෂීණව ගිය කල්හි ,
සුලලිත අගුල් දිවක සරින්
කම්පිතයෙම් මා.

මුවග රැදුන සුවිභාව හසරැල්ල,
දෙපා පොඩියට කොයි පාදාත්‍රණ ? රසාංජනයකි බාලාර්ක මඩුලෙක ...
මණීනූපරයන් නැත ගුල්පයෙග..
නුඹ මගේ නොවේ ද ?
ඇසළ කුසුමි ?

චන්ද්‍ර මරිවි හේමන්ත රැයක,
කොදු පලස මත නග්න රුව,
තුෂරබරිත මගේ තුවර උවන,
මුහුර්තය අප සිත්ම නිවන..
නුඹ මගේමයි සොදුරි..
ඇසළ රෑ කුමරි..

අනාගතය කෙසේ වේදැයි නොදැන , දහනව හැවිරිදි භීෂ විසින් ඔහුගේ දින තල්පතෙහි කුරුටු කෑ කවියකි. සංවේදි පුවතක තවත් එක් සොදුරු පරිදසුනකි. ඛාදී, ඇය දහනව හැවිරිදිවත්ම සිය පියා වු ම්‍යාන මුනිගේ නමට ලියවෙන වග නොදැන උන් භීෂගේ සොදුරු සිතුවිලියි , සියල්ල අහිමිව යන දෙස , තමාට හිමි නොවන සියල්ලක් දෙස භීෂ උපේක්ෂාවෙන් බැලීමට පෙර සමයක ලියූවකි , ඛාදී හා එක්ව අසපුවෙන් පලාගොස් සිගිත්තිය සීහශාලී ද සමගින් කුඩා ගෙපැළක ගත කිරීමට මැවූ සිහින බොදව යන වග නොදන ලියූවකි , අදුරු ස්තාලයක සිය දඩබ්බර සිත සොරාගත් ඇය හා දැවීමට සිදුවන වග නොදැන ලියූවකි , සිය බිළිදයගේ කිරිකවඩිත් මුතු පබළුත් සිහින වන වග නොදැන අනාගතය පිළිබද මහමෙරක් බලාපොරොත්තු ඇතැතිව ලියූවකි. භීෂ - ඛාදී ප්‍රේමයට අගුල්පත් තැබෙන්නේ භීෂ දහනව හැවිරිදිවත් , පහළොස් හැවිරිදි වියේදිත් විය. ( මන්දාකිණී ) -

[ඉහත සියල්ල හුදෙක් ඒක්කාරී බව යවාගැනීම පිණිස රචනා කරන ලද බව කරුණාවෙන් සලකන්න. ]

Ledge_D

කවි ටික ඔක්කොම මම දැම්මා නේ ද ? දාන්න අමතක වෙලා නම් කරුණා කරලා මතක් කරන්න හොදද ]

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now