Part 03 👨‍❤️‍👨

1K 178 26
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
වොහ්....""

මගෙ කටින් එයාට ඇහෙන්නම ඒක පිටවෙන්න ඇති...
මටනම් මෙලෝක සිහියක් නෑ...
වාව්... ඇත්තටම පට්ට...
පට්ට නෙවෙයි පට්ට පට පට...
මට කෙල්ලෙක්වත් මෙච්චර ලස්සනට
පෙනිලා නෑ...
වාව් අඹපු පිළිමයක් වගේ...
ඇස්...
ඒ ඇස්...
හම්මෝහ් මම පිස්සෙක් උනා කිවුවොත් හරියටම හරි...
පණ පොවපු පිළිමයක්...
ඇහි පිහාටු, හීනි ඇස්, රෝසම රෝස පාට තොල්...
කිරිගරුඬ මූණ...
නලලට වැටිච්ච කොණ්ඩෙ...
කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි විචාරයක් වගේ...
කවියෙක් එහෙම දැක්කොත්නම් උඩ පැන පැන කවි ලියයි...

මගෙ උරිස්සට දාපු තට්ටුවක් එක්ක
මාව බිමට වැටුනා...
වැටුනා කිවුවට මම හිටියෙ පාර මැද්දෙ හිටගෙනම තමයි...
ඇල්බාගෙ තට්ටුවට තමයි මම හොද සිහියට ආවෙ...
සිහිය ඇවිත් වට පිට බලනකොට රෝස කුමාරයා මගෙ ළග හිටියෙ නෑ...
වාව්....
ඒ නමත් මදි මටනම්...
මොකද්ද යකෝ මට උනේ...
එක පාරටම වෙලාව නැවතුනා වගෙයි මටනම් දැනුනෙ...
පපුව ඩෝං ඩෝං ගාලා එක දිගට තඩි බානවා...
ඇල්බානම් ඉන්නවා එකක් කටේ ගහගෙන අනික මට දික් කරගෙන...
ඒකත් අරන් කෑවෙ මේ අමුතු මානසිකත්වයෙන් මිදෙන්න හිතාගෙන...
උගුර කට වේලිලා...

කොයි ලෝකෙද සුනඛයො හිටියෙ...
               මං තොට කී පාරක් කතා කලාද??

ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් යහපත් මානසිකත්වයෙන් නෙවෙයි මම හිටියෙ...
හිතට දැනෙන අමුතු හැගීම් තෝර තෝර පැත්තකින් තියලා,
එකින් එක ලෙහලා බලන ගමන් හිටියෙ...
ලෙහන ලෙහන එක අස්සෙ තව තව ඒවා...

ඇල්බා...""

මගේ කටින් කොයි වගේ වොයිස් එකක් පිට උනාද මන්දා ඇල්බානම් කලබල උනා...

ම්ම්ම්හ්..
           මොකෝ බං උඹට ලෙඩක්ද??

අයිස් එකත් අතින් උදුරලා ගත්තා හිකනලා...

නෑ හිකනලෝ ඕක දීපං...""

හැයි යකෝ සෙඩ්ඩ, මූඩ් fix කරන්න ඇල්බා තමයි හොදම...
මගෙ mood එක හරි ගියාට
මගෙ හිතනම් හෙන වලියක්...
ඒක උඩු සිත සහ යටි සිත අතර ෆැමිලි ප්‍රොබ්ලම් එකක්...
උන් දෙන්නා ඕන මගුලක් කරගත්තාවෙ,
මට මේ පීඩනෙන් මිදෙන්න ඕනෙ...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now