囧- අටවන වෙඩිල්ල -囧

1.2K 195 59
                                    

දේවන්තට සිය අපේක්ෂිත මාරුවීම ඉක්මණින් ලැබුණද ඒ ඔහු සිහිනෙනුදු නොපැතූ ස්ථානයකට විය.

'' බටලන්ද බන්ධනාගාරය ''

හුදෙක් එක් බන්ධනාගාරයක් ලෙස හැදින්වුව ද බටලන් ද බන්ධනාගාරයක් නොව වදකාගාරයක් වූ වග සියලු දෙනාම පාහේ දැනුවත් වූවෝ ය. දේවන්ත දැන් බටලන්ද වෙත පැමිණ දෙසතියක්ම ඉක්මවා ගොසින් තිබුණි. ඉකුත් දෙසතියෙහි සැබෑ යුධ බිමකට වඩා දරුණු බොහෝ දේ දේවන්ත සිය දෑසින්ම දුටුවේ ය. අදුරු මූසල ලේ පුළුටින් නැහැව ගිය බන්ධනාගාරයේ සිදුවන සියලු දේ දේවන්තට දැන් දැන් නවමු අත්දැකීම් නොවී ය.

ඇතැම් විට පෙරමුණේ යැයි පවසන තරුණයන් බටලන්ද වෙත රැගෙන එයි. ඔවුන් ප්‍රශ්න කරන තුරු රදවා තබන්නේ හිස් කළු පැහැති වැස්මකින් ආවරණය කරය. ඒ කිසිවෙකු ඔවුනොවුන් හදුනා ගැනීම වැළැක්වීම පිණිස දියත් කළ උපක්‍රමයක් විය. පෙරමුණේ නායකයන් හෝ ප්‍රාදේ්‍ශීය මෙහෙයුම් කරුවන් පිළිබද ඔත්තු සපයාගත හැකි අයවලුන් අධිආරක්ෂිත කුටිවල සිරකරයි. එසේ අල්ලාගෙන ආ අහිංසක තරුණයන් සමහරක්ට ද හිමි වූයේ අන් කිසිදු තරුණයෙකු පවා දෑසින් නොදුටුව යුතු වූ තරම් භයානක ඉරණමක් විය.

ප්‍රශ්න කිරීම් බාරව සිටි බලධාරින්ගේ ඇතැම් ක්‍රියාවන් යුධ හමුදාව ලෙස උහුලනු නොහැකි වුව ද අණට පිටින් යාමත් , පෙරමුණ විසින් තැන තැන මරාදමන සිය පවුල් සාමාජිකයන් පිළිබද යුධ හමුදා නිළධාරින් තුළ තිබූ වෛරයත් ඔවුන්ව නිහඩ කර දැමී ය. බටලන්ද වධකාගාරය තවත් එක් වදකාගාරයක් පමණක් විය . එයට ද දරුණු ලෙස යුධ හමුදා තරුණයන් නොයෙකුත් වදහිංසාවලට ලක්ව ටයර් සෑයවල් මත දැවුණහ. දිනෙන් දින විනාශ වෙමින් තිබූ මෙකී තරුණ පරපුර වෙනුවෙන් කිසිවෙකු හඩ නොනැගුවාේ ය.

ඇතැම් විට සරල ප්‍රශ්න කිරීම්වලින් පවා ඔවුන් මියයයි. හරකුන් හා කිරිගවයන් හංවඩු ගසන හණ සලකුණු ඔවුන්ගේ සිරුරු පුරා ය. ඔවුන්ගේ හිස් කළු පැහැති රෙදිකඩවලින් ආවරණය කර සිහිසන් වන තුරුම පහර එල්ල කිරීමට ද දේවන්ත ඇතුළු අනෙකුත් නිළධාරින් වෙත අණ නික්මුණි . ඇතැම් තරුණයන් බලධාරින් විසින් අමු අමුවේම දූෂණයට විය . පැමිණ වූ ලිංගික වද හිංසා ද නිමක් නොවී ය. ගුදයෙන් ඇතුළු කරන ලද වීදුරු විස්කි බෝතල් ගුදය තුළම පිපිරී යාමෙන් ඇතැමෙක් මරු වැළද ගත්තේ ය. එකී වද  හිංසා හුදෙක් වදකාගාරයේ  පමණක් නොව ඉන් පිටතද  රතු ත්‍රස්තවාදය විසින් යුධ හමුදා නිළධාරින් මෙන්ම සිවිල් වැසියන් විනාස කරලීමට ද යොදා ගත්තේ  ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now