Part 04 👨‍❤️‍👨

1K 182 81
                                    

දගකාර සිතක නැවතුම....
.
.
.
.
.
.
.
පළවෙනි පීරියඩ් දෙකම සිංහල...
මිස් නෑ...
පංතියෙම ඉදන් අපි වගේ
ඉගෙන ගන්න උන්ටනම් ඊට වඩා දෙයක් නෑ ඉතින්...
ඒක නිසා පොතේ මැද පිටුවක් කඩලා රොකට් එකක් හදලා යැවුවා...
සා වෑව්...
ඒක ගිහින් නැවතුනේ මගෙ රෝසා ලග...

තව බලන් ඉන්නෙ මොකටද ඇගේ වැදිලා මගෙ දිහා හැරිලා බලනකම්ම මම සටන අත අරින්න සූදානම් නෑ...
කඩනවා, හදනවා, යවනවා...
වැඩක් නෑ...
වදින්නෙම නෑ,
පිටියට ගිය ගමන්ම දැවී යන බිංදු මෙන්ඩිස් වගේ,
මාවත් දැවී දැවි යනවා...

පිටු 80 CR පොතක භාගයක් ඉවරයී...
බලන් ඉදලා බැරිම තැන ඇල්බා පොත උඩින් අත තිබ්බා...
හැයි යකෝ...

ඕඉ ව#ල් ප#ර#යො...
             තොට අත්තන ඇට මල්ලක් කැවිලද බල්ලො...
           බලහං පන්තිය පුරාම තොගෙ රොකට්...
          තෝ රොකට් යවන්න ඔච්චරටම ආසානම් පලයං නාසා එකට...""

ඇල්බා මට බනිනවා එකසිය ගානට...
මාත් ඉබ්බා කට්ට අස්සෙ රිංගනවා වගේ සේප් එකේ
පොත දාගත්තා ඩෙස් එක අස්සට...
මොනවා කියලා කියන්නද??
මාත් කටයි පු#කයි වහගෙන ඉදියා ඉතින්...
මූ එක්ක බෑ ආතල් එකක්වත් ගන්න
සැක් පාප මිත්‍රයෝ...

ඩ්‍රාස් ගලා පුටුවත් පස්සට දාලා නැගිටලා මගේ දිහා බැලුවා,

වර යන්න...""
          
ඒ පාර් කොහේ යන්නද දන් නෑ...
අල්ලං දෙසන්නද දන් නෑ හදන්නෙ...
කන් දෙක උල් කරන් අහන් ඉන්න තමයි ඉතින් තියෙන්නේ...
ඊළඟට තිබුනෙ සංගීත කොහොමත් සංගීත කාමරේට යන්න ඕන නිසා
පොතත් අරන් මාත් හාල් ගැරඩියෙක් වගේ උගෙ පස්සෙන්ම ඇදුනා...
ඇල්බාට මල පැන්නහම වෙසමුණියා පරාදයී...
ඒ උනාට හිතුවා වගේ අතුරු ආබාධයක් උනේ නෑ...

ඌ ගිටාර් දෙකකුත් අරන් එනකොට
මම පුටු දෙකක් අරන් ඇවිත්
සංගීත කාමරේ ඉස්සරහින් තිබුන ඇකේශියා ගහ ඉස්සරහින් තියලා
වාඩි උනා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now