囧- දහතුන්වන වෙඩිල්ල -囧

1.3K 212 134
                                    

ගත වන තත්පරයක් තත්පරයක් පාසා දේවන්ත නොසන්සුන් වෙයි. මෙවන් සිටිය යුතු වූයේ දියතලාව කදවුර තුළ ආරක්ෂිතව විය. ඔහු යක්කලමුල්ලට අනුයුක්ත වූ අයුරු තමා නොදැන සිටියේ කෙලෙසකදැයි දේවන්ත නොදත්තේ ය. නුවිදු එය තමාට දන්වා එවා ඇත. තමා ඒ ලියමන හිතාමතා මගහැරියේ මෙවන් අමතක කරලීමේ අපේක්ෂාවෙනි . හිමාලි ද මෙවන් යක්කලට අනුයුක්ත වග  දනියි . අනෙකක් තමා දේවන්තගේ මව්පියන් ඇතුළු සියල්ලෝම එය දනියි. !! මෙහි මෙවන් යක්කලමුල්ල වෙත අනුයුක්ත වූ වග නොදන්නා එකම පුද්ගලයා තමා විය !!!!!!!! .

සිය දෑත් වෙව්ලනු දේවන්තට දැනෙයි. දිවියෙහි කිසිදු දිනෙක නොමැති තරමින් අසරණකමක් හා පසුතැවීම දැනට ද ඔහුව වෙලාගෙන ඇත්තේ ය. ' දේව්... '' හිමාලිගේ නහයෙන් හැඩීම දැන් දැන් දේවන්තව යක්ෂාවේෂ කරවයි. ඔහු හිමාලිව මගහරිමින් නැගී සිටියේ සිය හමුදා නිළ අැදුම සොයමිනි. තමා සිදු කළ මෝඩකම් එකින් එක දැන් දැන් දේවන්තගේ සිත තුළ අකුණු ගසයි.

'' අය්යේ මං ආදරෙයි.. '' මෙවන් දෑස්වල කදුළු පුරවාගෙන පවසනු දේවන්තට මැවී පෙනුණි . ඔහු තමාගේ දෙතොල් දෙස වියැකුණු දෑසින් බලා සිට අනතුරුව තමාගේ කොපුල පමණක් සිපගත් අයුරු දේවන්තට සිහිපත් විය. දේවන්තගේ හදවත බරව ගොසිනි. සිය දෙපය ද වාරු නොමැතිව යන කල්හි දේවන්ත බිත්තිය දිගේ රූරා ගොසින් බිමින් ඇණ තියාගත්තේ ය. හිමාලි ද මව්පියන් ද තමා දෙසට හෙලන බැල්ම දේවන්ත තවත් අසරණ කළේ ය. සිත පුතුගේ මෙවැනි හැසිරීම් වටහා ගත නොහැකි තැන දේවන්තගේ පියා හඩ අවදි කලේ ය.

''දැන් මොනවා කරන්න ද පුතා ? '' සිය පියාගේ හඩ දේවන්තව තව තවත් අපායට ඇද දැමී ය.
දැන් කුමක් සිදු කරන්න ද ? සියල්ල ඔහුට වැළැක්විය හැකිව තිබුණි. එසේ නම් මෙවන් තවමත් අව්‍යාජ ලෙස සිනාවෙමින් තමා අසළ ය. ගෙවී ගිය අැසිල්ලෙහි තමාට අවැසි එකම දේ දේවන්ත වටහා ගත්තේ ය.

'' අප්පච්චි මං බාර වෙනවා.. '' දේවන්ත පැවසුවේ හිමාලිගේ දෑස් මගඅරිමිනි. සිය දෙමව්පියන් ද පපුව මතට අත තබාගනු දැකීම දේවන්තගේ මුවින් කුඩා ඉකියක් පිට කළ ද ඔහු ඉක්මනින් එය ගිල ගත්තේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now