💔 දහවෙනි කොටස 💔

1.1K 269 81
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

නුහුරු නුපුරුදු...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                              හිතට හුරු උණුහුමක නුහුරු නුපුරුදු සපර්ශය.. අඩලා, අඩලාම රිදුම් දීපු ඇස් පියන් උස්සලා බැලුවේ මේ ඇත්තමද කියලා....

"වි... වි.. විශ්... සර්..... "

විශ්වාසය නොරැදුන මගේ කටහඩ වෙව්ලුවා.. මේ ඇත්තක් වෙන්න බෑ.. විශාක්‍ය ඇයි මෙ ගොම්මන් කළුවර මැද මාව හොයන් ඇවිත්.. හීන දැන් ඇස් පනාපිට මැවෙන්නත් අරගෙනද???

"සිහිලැල්ව දැකලා ආවේ... "

මං වාඩිවෙලා උන්න පඩිය කොණක විශාක්‍යත් ඉඩක් වෙන්කරගත්තා.. ඒ කියන්නෙ එයා ඇත්තටම මෙතන ඉන්නවා.. ඒත් දැක්කම කතා කරන්න තරම් ලෙංගතුකමක් අපිට තියෙනවද?? පපුවේ කටු කම්බි වගේ ඇනෙනවා හෝරාවකට කලින් කියලා ගිය දේවල්...

"හ්ම්ම්.. "

වෙන මොනවා කියලා කියන්නද?? ලස්සන කුමාරයට හානියක් නොවෙන්න මම මගේ කැත මූණ අත් දෙක අස්සේ හංගගත්තා... ආස උනත් එයා දිහා බලන් ඉන්න, මං දන්නවා දැන්, ඒ අහිංසක ආසාවටවත් ඉඩක් නෑ මේ ලෝකේ..

"සිහිලැල්.. ගෙදර යන්නෙ නැද්ද ?"

විශී අහන්නේ ඇයි... ඒක වැදගත්ද ඔයාට?? ?මං කොහේ හිටියත්.. අඩුම මැරිලම ගියත්?? ඕන්නෑ.. ගෙදර ගිහිල්ලත් අඩන්න බැහැ මට, ඒ දුප්පත් ගෙදර දැනටම මගේ කදුළු වලින් තෙමිලා ඉවරයි.. ඇස් වලට ගිණි රස්නෙට උනන කදුළු මෙතනම ඉවර කරන් යනවා... මං කැ ගැහුවා හිත ඇතුලෙන්..

"හ්ම්ම්... යන්නෝනෙ සර්.. තව ටිකකින්...  "

මං මූණ හංගගෙනමයි මිමිණුවේ... යන්තම් ඔලුව උස්සන්න තිබ්බ ආත්ම ගරුත්වයත් දියවෙලා ගියේ අද දවාලේ, විශීගේ නපුරු වචන වලින්..

"මං හෙට අස්වෙන්නම්.. "

මං කිව්වා, මේ පැය තුනේම අඩ අඩා ගත්තු තීරණේ..

"අහ්හ්... "

විශී පුදුම උනා.. නැත්නන් ඒ වගේ රගපෑවා.. අර තරම් හිත රිද්දුවට පස්සෙත් මං කොහොමද එතන වැඩට යන්නෙ කියලා එයා තේරුම් ගන්න ඕනෙ..

කැතයිද මංWhere stories live. Discover now