Part 07 👨‍❤️‍👨

919 166 64
                                    

දගකාර සිතක නැවතුම....
.
.
.
.
.
.
.
.
.
ආහ්හ්...
කවුද යකෝ මගෙ ඔළුවට පත බෑවෙ...
බුදාම්මෝ ඔළුව උඩ මොකෙක් හරි නැගගෙන ඉන්නවා වගේ බරයි...
කෝච්චි පාරක් අයිනෙ ඉන්නවා වගේ සද්ද ගොඩයි...
පැහැදිලි නෑ...
කටහඩවල් ටික ටික පැහැදිලි වේගෙන එනකොට
මම හිමීට ඇස් දෙක ඇරලා බැලුවා...
අම්මා...
ඇල්බාගෙ අම්මා...
හෑ...... මෙන්න බොලේ තාත්තාත් ඉන්නවා...
මගෙ ඇද වටේම කට්ටිය...

ඇයි මට මක් වෙලාද???
උකනෝ... මට මතක මම Bathroom එකට යන්න හදපු සීන් කෝන් එක විතරයි...
විද්‍යුත් පරිපතය බිද වැටිලා වගේ එතනින් එහාට මෙමරිය play වෙන් නෑ...

ඔළුවනම් ලෙසටම ඇනිලා තියෙනවා කොහේ හරි
අම්බානකට රිදෙනවා...
උස්සගෙන ඉන්නත් බෑ වගේ...

නෝටී... මොකද උනේ...""

තාත්තා....
මාස ගානකට පස්සෙ දකින මගෙ තාත්තා...
මම නෝටි එයාගෙ නෝටි...
තාත්තා තමයි මට නෝටි කියලා නම දැම්මෙ...
ඒක උනේ මෙහෙමයි...

අම්මාම්මා...
ඒ කියන්නෙ අම්මාගෙ අම්මා
එක දවසක් මිදුලෙ නණකොළ ගලව ගලව ඉන්නකොට
මම ගිහින් ඇහුවලු ඇයි මේ තණකොළ ගළවන්නෙ කියලා
අම්මම්මා කිවුවාලු කන්න තමයි මේ ගලවන්නෙ,
මේවා හරිම ගුණයි කියලා
ඉතින් මාත්
තණකොළ මිටියක් අරන් ගිහින්
තාත්තාට දික් කරලා කිවුවාලූ
ආ කන්න කියලා....

එදා ඉදන් මම තාත්තාගෙ නෝටි...
ඊටපස්සෙ තාත්තාගෙ විතරක් නෙවෙයි මුළු ගමේම නෝටි...
උප්පැන්න සහතිකේ තිබුන නමත් දැන් මතක නෑ...
හැම එකාම මට කියන්නෙ නෝටි කියලා...

මම තාත්තාට අත් දෙකම දික් කලා...
තාත්තා එක්ක හුරතල් වෙන්න බැරි උනා කාලෙකින්...
තාත්තාත් මාව ඇවිල්ලා තුරුල් කරගත්තා...
මොන තරම් අම්බැට්ටයා උනත්
ගෙදර හැමෝගෙම හුරතලේ මම...
අපේ තාත්තානම් කියන්නෙ මම යක්කුන්ට කොක්කුත් පෙන්නලා කුක්කුත් පොවයි කියලා...
තාත්තා දන්නවා ඉතින් මගෙ නසරාණි වැඩ...
මම තාත්තාගෙ නසරාණි පොඩි එකා... කුරුලු පැට්ටෙක් අම්මාගෙ පිහාටු අස්සෙ
සනීපෙට ගුලි වෙනවා වගේ
මමත් ගොඩ දවසකට පස්සෙ තාත්තාගෙන් ලැබුන උණුහුමට ගුලි උනා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now