Part 08 👨‍❤️‍👨

918 165 33
                                    

දගකාර සිතක නැවතුම....
.
.
.
.
.
.
.
.
.
ඇල්බා මාව දාලා ගියෙ නෑ...
මම එයාගෙ බඩ උඩින් ඔළුව තියාගෙන හිටියෙ...
එයා මගෙ ඔළුව අත ගගා හිටියා...
මගෙ කෙස් අස්සෙන් ඒ ඇගිලි තුඩු එහෙ මෙහෙ යනකොට සනීපයි...
මම ඒ බඩ උඩ සනීපෙට ඇස්දෙක පියාගෙන
නින්දත් නොනිදත් අතර හිටියෙ...

මට තේරෙනවා අමුතු විදියට මගෙ ඔළුව ගැස්සෙනවා...
මම වැටුන වෙලාවෙ ඔළුව වැදිච්ච තැන
නළලෙ පැත්තක් ගෙඩි ගැහිලා
තඩිස්සි වෙලා තිබුනෙ...
එතන කවුරු හරි සිනිදුවට අත ගානවා...

නින්දත් නොනිදත් අතර හිටපු මට
එක පාරටම හිතා ගන්න බැරි උනා
මොකද්ද වෙන්නෙ කියලා...
මම ඇස් ඇරලා වටපිට බලනකොට
තමයි දැක්කෙ
ඇල්බා ඔළුවට අතකුත් ගහගෙන අඩනවා...

ජීවිතේ පළවෙනි වතාවට තමයි
මම ඇල්බා අඩනවා දැක්කෙ...
හැමදාම මම අඩනකොට සනසන ඇල්බා
අඩනවා මම කවදාවත් දැකලා තිබුනෙ නෑ...

ඇයි මේ අඩන්නෙ...
මම නැගිටලා ඇල්බාගෙ මූණ දිහා බලන් හිටියා...
එයා මාව ඇදලා අරන්
කිටි කිටියෙ පපුවට තුරුල් කර ගත්තා...
මගෙ හිස් මුදුනෙ මූණ තද කරගෙන
එයා අඩනවා....
පපුව ගැස්සෙනවා
මට තේරෙනවා එයා ඉකි ගහනවා
ඒත් ඇයී
හේතුවක් දන්නෙත් නෑ...
මට හේතුවක් හිතාගන්නත් බෑ...

එයා නුවරඑළියෙ ඉදන් ආපු නිසා
මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද???
අඩන්න තරම් මොකද්ද මෙයාට උන ප්‍රශ්නෙ...
මම කොයි තරම් හොටු පෙරන් අඩලා තිබුනත්,
ඇල්බා මං වගේ නෙවෙයී..
ඇල්බාගෙ ඇස් වලින් කදුලක් ගන්නවා කියලා කියන්නෙ
අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...

මම ඇල්බාගෙ පපුවෙන් ඈත් වෙලා
බඩ දෙපැත්තෙන් කකුල් දෙක දාලා වාඩි උනා...
ඇල්බා කදුළුත් පිහදාන් මගෙ දිහා බලන් ඉන්නවා...
ඒ උනාට ලාවට පපුව ගැස්සෙනවා...
මේ මිනිහට අද මක් වෙලාද මන්දා...
මහ අමුතුයී...

Mood එක fix කරලා ගමු...

කොහෙ හරි යමුකෝ....
මට දැන් කොහේ හරි යන්න ඕනෙ....""

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now