💔 දහතුන්වෙනි කොටස 💔

1K 279 85
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

දුරස්වන්නට...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                               විශාක්‍ය ධනූර් හදිසියේම රට ඇතෑරලා පියාඹන්න හදනවා.. දුක හිතෙන ආරංචිය අරන් ආව මිනැස් දිහා මං බලා උන්නේ ගල් වෙලා.. මං ආදරේ කරනවා කියලා දැනගත්ත එකම එයාට රට දාලා යන්න තරම් හේතුවක් උනාද?? හදවත තත්පරයකට නැවතිලා කල්පනා කලා...

ඒක වෙන්න බැහැ...
ඒක වෙන්න දෙන්නත් බැහැ...
එතකොට කෝ මට,

*බලා සැනසෙන
නෙලා ගනු බැරි
ආදරේ සිහිනේ..*

බැහැ.. විශාක්‍යට යන්න බැහැ.. මං ගිහින් කියන්න ඕන එයාට නවතින්න කියලා.. කියන්න ඕන මේ තරම් කාලයක් හිටියා වගේ මගේ ආදරය හංගගෙන ආගන්තුකයෙක් වගේ ඉන්නම් කියලා.. දුරින් ඉදන්වත් මට එයා දිහා බලන්න එයා මේ පුංචි රටේ ඉන්න ඕනෙ කියලා මම කියන්න ඕනෙ..

විශාක්‍ය සිහිලැල්ව කසාද බදිනවා මම හීනෙකින්වත් දැකලා නෑ.. කොයි තරම් ආදරේ කලත් ඒ හිතට, මම විශාක්‍යව දැක්කේ, ලස්සන සිංහල පෝරුවක් උඩ අයර්ෂා මැඩම්ගේ අත අල්ලන් ඉන්නවා.. ඉතින් මං කියන්න ඕනෙ එයාගේ ජීවිතේට බාධාවක් වෙන්න අදහසක් නෑ කියලා...

කකුල් දෙකට වාරු අරන් දිව්වා හත්වෙනි මහලට.. සති දෙහෙකට කලින් තහනම් උන වීදුරු මාලිගාව   ලගට ගිහින් හොද හුස්මක් උඩට ඇදගත්තේ දුටු තැන මාව මගහරින, දන්නා අදුනනා අයත් නොදන්නවා වගේ හැසිරෙන විශාක්‍ය ධනූර් බණ්ඩාරව අතටම අල්ලගන්න..

දොරට තට්ටු කලේ නැහැ මම.. නැහැදියාවට නෙවෙයි.. විශාක්‍ය මාව දැකලා දොර ලොක් කරගනී කියන බයට.. මට ඕනේ උනේ කෙලින්ම එයා ලගට ගිහින් යන්නෙපා කියන්න විතරයි..

"විශී සර්..."

ඒ මගේ හදවතේ ලෙංගතුකම. මට රාජකාරී මට්ටමින් එහා එයා එක්ක කතා කරන්න තියන උවමනාව..

"විශී... ?? සිහිලැල්ට මම එන්න කිව්වෙ නෑනේ... "

ඒ කටහඩ යාන්ත්‍රිකයි.. තේරෙනවා තවත් හදවතටත් හොරෙන් මගේ ගැන හොයන කෙනෙක් නෑ..

කැතයිද මංWhere stories live. Discover now