囧- අවසන් වෙඩිල්ල -囧

1.5K 235 194
                                    

දියතලාව හමුදා කදවුරෙන් දේවන්ත වෙත ලැබුණේ උණුසුම් පිළිගැනීමක් විය. ජවිපේ කලබල කාරේ සේම ඊලාම් යුද්ධයේද වැදගත් මෙහෙයක් ඉටු කළ නිළධරයෙකු ලෙස ඔහු කෙරේ වූයේ දැඩි ගෞර්වයක් විය.

බෙදුම්වාදී ත්‍රස්තයන්ගෙන් ලක්මව නිදහස්ව අට වසරක්ම නිදහසේ ගෙවී ගොස් තිබුණි . උතුරේ අඩියක් අඩියක් ගානේ වළලා තිබූ මරාන්තික බිම්බොම්බ එකින් එක ගොඩ දමද්දී , තැන තැන තිබූ මාර්ග බාධක එකින් එක ඉවත් වෙද්දී රට මදින් මදින් නැගී සිටීම ඇරඹූයේ ය. යුධ ජයග්‍රහණය ඇතැමෙකුගේ සතුට වෙද්දී , තම පුතා , සැමියා , පියාණන් ගෙදර පැමිණෙන තුරු දහසක් දෙනා බලාපොරොත්තු පිරි දෑසින් මග බලා සිටියෝ ය.

අතැමෙක්ගේ සිරුර පවා අහිමි වූ තැන ආදරණීයයන් හට හිමි වූයේ දියවන්නා වටරවුමෙහි වූ දස දහස් ගණනක් නම් අතරේ කෙටුණු තම ආදරණීය යුධ විරුවාගේ නම පමණි. එකී නම් ඔස්සේ ඔවුන් දෑගිලි යැව්වේ නොමැකී ගිය තරම් දාරක සෙනෙහසිනි. සියල්ලටම වඩා යුධ විරුවන්ට වේදනාකාරීම දෙය නම් , තමාගේ සොයුරු විරුවන් රුහිරු වගුරවා එවැනි කැපකිරීම් මධ්‍යයේ නිදහස් කර ගත් ශ්‍රී ලංකා භූමිය , එහි පාලකයන් කියා ගන්නා අයවලුන්ගේ පෞද්ගලික දේපළක් සේ විකුණා දැමීම විය.

රටේ සෑම බිම් අගලක් වෙනුවෙන්ම එක් රණවිරුවෙකු ගණනේ දිවි පිදුවේ ය. ඒ සෑම රණවිරෙකුගේම ආදරණීයයන්ගේ සිතට සැනසීමක් කොහින් සොයන්න ද ? රටේ දහසක් තරුණ පිරිස මිය ගියෝ ය. තම පුතණුවන් රට වෙනුවෙන් හඩමින් හමුදාවට බැදීමට අවසර ඉල්ලූ විට ඇතැම් මා පියන් දැඩි දාරක ස්නේහය නිසාම සිය පුතුන් හා කතා කිරීම පවා පැහැර හැරියේ ය. දසමසක් කුස තුල හොවා , මොළකැටි අත පය තවා අසීරුවෙන් උස් මතක් කර දරුවන් දෑත් දෙපා නොමැතිව රෝද පුටුවෙන්, මිනී පෙට්ටියෙන්  නිවස කරා ආ අයුරු ඒ මාපියන්ට ගෙන ආවේ උහුලනු හැකි වේදනාවක් නොවී ය.

ඉදින් , ඒ වේදනාව පිළිබද මදකුදු තැකීමක් නොමැති , එදින එකිනෙකා මරාගත් 88 / 89 කැරලිකරුවන් අද , එවකට රාජ්‍යය හෙබූ පක්ෂය සමග එක මේසයක හිද වාඩිව ඩීල් දමයි. දහස් ගණනක් තරුණයන් , මිය ගිය 88/89 කාලයේ ඔවුන් හෙබවූ සමාජවාදී ප්‍රතිපත්තින් අද දින ධනවාදී ප්‍රතිපත්තින් හා ගැළපුනේ කෙසේදැයි ඒ අසරණ හදවත්වලට තවමත් තෝරා බේරාගැනීමට නොහැකි තරමින් විය. තවත් පිරිසක් , රටේ තරුණයන්ගේ මිනී මතින් ගොඩ නැගුනු නිදහස තම දේශපාලන පාඨ බවට පත් කරගනියි.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now