💔 දහහතරවෙනි කොටස 💔

1K 264 79
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

මට නුඹ විතරක් උනාට...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                      
                         තමන් ආදරේ කරන කෙනාගේ පුංචිම පුංචි වෙනසක් පවා කල් තියාම ඉව වැටෙනවා නම් ඒ ගැහැණියක්ම විතරයි.. ගැහැනියකට උප්පත්තියෙන්ම ලැබෙන, මට උරුම ගෑණු ඉවටත් ලගකදි ඉදලා විශීගේ වෙනසක් දැනුනේ මුළු හදවතම පාරලා..

විශී,
විශාක්‍ය ධනූර් මගේ ලගම බැදීම..

අහලා තියෙනවාද,

*කොල්ලෙකුට ආදරය එයාලගේ ජීවිතෙන් කොටසක් විතරයි උනාට කෙල්ලන්ට ආදරය කියන්නේ එයාලගේ මුළු ජීවිතේම..*

ඒක බොරු නෙවෙයි...
විශාක්‍ය ධනූර් බණ්ඩාර, එයා තමයි දැන් සිනෙලි අයර්ෂාගේ හුස්ම ටික..
මගෙ ලෝභකම...
මරලා හරි මගේ කරගන්න දගලන අයිතිය...
මොන දේ බෙදාගත්තත් , බෙදාගන්න දන් දෙන්න හිත හදාගන්න බැරි ලස්සන බලාපොරොත්තුව...

ඉතින් මට පෙන්නන්න බැරි එක පුදුමද?? මගෙ ජීවිතේ ලොකුම තරහකාරයාව.. !! මාව හැමදාම නොමරා මරන අහිංසක දුෂ්ඨයාව.

සිහිලැල් දෙව්රාධ..

අපේ කම්පැනි එකේ ටී බෝයි..

කළුයි...
කෙට්ටුයි...
කැතයි..
නූගත්..
දුප්පත් ..
අම්ම අප්ප නෑ...

හැම අතින්ම මෙ අයර්ෂාට වඩා ගවු ගණනක් පහල අන්ත හිගන කොල්ලෙක්.. ඒත් එකම එක දෙයකින් පොහොසත්...

මටත් වඩා සමහරවිට...

මං බයම ඒකයි ඒ කොල්ලට..

ආදරය... නිකන්ම නිකන් ආදරය නෙවෙයි විශාක්‍ය වෙනුවෙන් තියන ආදරය..
සිහිලැල්ගේ ඇස් වලින් දෝරේ ගලනවා.. නම සිහිලැල් උනාට ඒ ගැඹුරු ඇස් වලින් විහිදෙන්නෙම ආදර ගිණිදැල්.. මගේ තුන් හිතම ගිණිතියන නපුරු ගිණිදැල්..

ඇවිලෙන හිතට දැනෙන, එකම සැනසීම විශාක්‍ය ආදරේ මට.. මට ඒ ආදරය මගේ නමින් සදාකාලිකත්වයේ හිර කරන්න ඕනේ.. විශාක්‍යගේ බළල් ඇස් වලට මායාකාර කලු ඇස් මුණ නොගැහෙන්න මම මොනවද නොකලේ..  කොච්චර සිහිලැල්ට බැන්නද?? කරදර කරාද?? ඌව මේකෙන් අස්කරලම දාන්න කොච්චර කට්ටක් කැවද??

කැතයිද මංWhere stories live. Discover now