A/N

812 144 74
                                    

අභිමෙවන්....

ඉක්මනට ඉවර උනා තමා ඒත් මං කිවිය යුතු ගොඩක් දේවල් කියන්න උත්සහ කළා...

දේවන්තට එයාගේ ජීවිතේ සැනසීමක් ලැබුනේ නැහැ.. මෙවන්ගේ අන්තිම මොහොත ඒ තරම් දරුණුයි. ඒත් ඒ කාලේ කතා ඇත්ත...

කතාව දෝලනය උනේ 88/89 භීෂණ කාලයත් එක්ක.. කිසිම දේශපාලන පක්ෂයකට අර ඇදීමක් නම් නැහැ මේ කතාවේ.. ඒත් හැම පක්ෂයකටම මං කිවිය යුතු දේ නොකිව්වා කියලා මං හිතන්නෑ. මං කිව්වා... රට පාලනය කරන මිනිස්සු දැනගන්න ඕන , එයාලට අමතක උන දේවල් , ඒ උදවියට ජන්දේ දෙන අයට අමතක උණ දේවල් මං කිව්වා...

( උපුටා ගන්නා ඡායාරූප අන්තර්ජාලයෙනි )

( උපුටා ගන්නා ඡායාරූප අන්තර්ජාලයෙනි )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔය තියෙන්නේ ටයර් සෑයක්... ඕවාල පිච්චුනේ මේ කුණු එහෙම නෙවේ... අපේ රටේ හුස්ම ගත්තු කොල්ලෝ - කෙල්ලෝ... සමාජවාදයට කියලා රැවටිලා ජීවිතේ විනාස උන අය..

හමුදාව - සාමාන්‍ය කොල්ලෝ දෙගොල්ලොම සමානව මැරුනා... වැඩිපුරම කොල්ලෝ මැරුනේ.. අදටත් ලංකාවේ ජනගහනයෙන් 54%ක් ගෑනු අය වෙන්න හේතුව මේ යුද්ධ කාලේ , 88/ 89 කාලේ වුණ මරණ... හිතලා බලන්න කොච්චරක් ද කියලා...

සොයා දියව් මට සරණක්
මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී - උතුරේ දී
මරා දැමූයේ...
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..

සොයා දියව්..

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now