18- පුදුමය 🕷️

935 178 68
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.

" Location වැටෙන්නේ අතෑරපු Building එකකට මම තැන දන්නවා ඉක්මනින් කරලා මේ මගුල හරවගන්නවා..."

මම ඉක්මනින් Driver ට දුන්නා.
මං දන්නවා කාටවත් මගේ කේන්තිය ඉදිරියේ සන්සුන් වෙලා ඉන්න බෑ කියලා. උන් තුන්දෙනාම මට බය වුනා..

" ඉක්මනින් ..................!!!!!!!"

කොහොමහරි පැයක් යන ගමන අපි මිනිත්තු 20 කින් අවසන් කලා.

"අපි යමු... "
මම මගේ පිස්ටල් එකයි කිනිස්සයි අරන් එකක් සාක්කුවටයි අනෙක බූට් සපත්තුව අස්සටයි දා ගත්තා..

" කොහොමහරි මගේ කෙවින් පරිස්සම් කරගන්න ඕනි.. "
මම දෙන්නටම කිව්වා..

" හරි බොස්.. අපි උපරිමේ කරන්නම්."

" මාත් උන් දෙන්නා එක්ක යන්න ඉස්සර උනා."

" බොස්....උන් මං දිහා බැලුවේ සාමාන්‍යයෙන් මම පෙරමුණට යන්නේ නැති නිසා. මම සේරම කරගන්නේ ගෝලයෝ දාලා විශේෂම දෙයක් උනොත් විතරක් යනවා.

කැ ගහල ඇඩුවෙ නැති උනත් මම පන බයේ හිටියේ මගේ කොල්ලට ආයේ කරදරයක් වේවි දෝ කියලා..
ඒත් මම දුර්වල වෙලා බෑ. කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.

" යමල්ලා......."

" බෙදිලා යමු. ඔයාලා පිටිපස්සෙන් එන්න. මම ජනේලෙන් පනිනවා.

" අහ්...????"

" කිව්වම කරනවා පස්සේ පුදුම වෙනවා. "

" හරි සර් කමක් නෑ එහෙනම්. "

තට්ටු දෙකේ පාලු ගරා වැටුණු Building එකේ උඩු මහලෙ ද පහල මාලයේ ද කියලා හොයාගන්න ගැටලුවක් නොවුනේ කළු ඇදගත්ත මිනිහෙක් උඩුමහලේ ඉන්නවා මම දැකපු නිසා.
ගොඩක් අපරාදකාරයො උඩුමහල් තෝරගන්න හේතුවක් තමයි කාටත් ඉක්මනින් ලං වෙන්න පොඩි වෙලාවක් හරි යන එක..
අනික අහු උනොත් එක්කො බිමට පැන මියයාම නැතිනම් උඩින් උඩින්ම පැන දිවීම....
මම ගොඩනැගිලි බිමේ තිබ්බ අඹ ගහකට මුවා වෙලා මගේ මාස්ටර් ප්ලෑන් එක ගැන හිතුවා...
මම නිකන්ම මාෆියාවකට බැඳිලා රඟපෑවා විතරක් නෙවෙයි.
කුන්ග්ෆු සටන් ශිල්ප පවා ඉගෙන ගත්තා...

මම බැල්කනි එකේ යකඩ වැට දිගේ හිමීට සද්ද ඇහෙන්නේ නැති වෙන්න උඩට බඩ ගෑවා..
පස්සේ ජනේලෙන් මෙහාට මුවා වෙලා ඇතුලේ වෙන දේවල්වලට කන පොඩ්ඩක් දැම්මා.
මගේ දෙන්නා දෙපැත්තට මුර කරනවා ඇති.

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now