Part 12 👨‍❤️‍👨

950 159 83
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
හුටනෝ අලි පැඩ පැඩ කිවුවාලු...
මොකද්ද යකෝ මේ පෙරලිය....
Art එකේ පඩි පෙල දිගේ එකම පැණි ගගයි....
ඊළඟට ඉස්පිරිතාලෙ නවතින්න වෙන්නෙ
පැණි ගොඩේ ලිස්සලා වැටිලා බෙල්ල කැඩිලා තමයි...
යකෝ මුන් දෙන්නාගෙ ප්‍රේමයෙන් මේ රංජිට දැන් පැනි පිටවේ කිවුවලු...

ඇල්බායි මායි washroom ගිහින් එනකොට පඩිපෙලේ එකට පෙම් පෙරළියක්...
අතිනුත් අල්ලගෙන...
යකෝ මේවා දකින මේ දෑශ කුමටද??

අපි දෙන්නාව දැක්කා විතරයි
රෝසානම් ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්තා...
මූ මේ ඇඹරෙන විදියට තව ටික වෙලාවක් ඇඹරුනොත් එහෙම
අනිත් ස්පෙයා පාර්ට්ස් ගැන තියෙන ආසාව අතෑරගන්න වෙනවා...
ඒ තරම් ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ...

මම බැලුවෙ ඇල්බාගෙ මූණ දිහා...
ප්‍රශ්නයක් නෑ ගැටලුවක් කරගන්න එපා කියන මූඩ් එකේ තමයි හිටියෙ....
කොම්ෆියුස් වෙච්ච පාරෙ
සැර වැඩි කමටද මන්දා කට ගිහින් කන ගාවට,
කන වැටිලා කට ඇතුලට...
බ්‍රේක් නැති මැස්සෙක් ගියොත් කෙලින්ම නවතින්නෙ උණ්ඩුකපුච්චිය ඇතුලෙ...

මේ විගඩම් බලන මට පුප පොලේ ගහගෙන මැරෙනවා සැපයි...
සැන්ටාත් ගෑණි වගේ ඇඹරි ඇඹරි සොකරි නැටුවට
අපි නැති දවස් ටිකේ වැඩේ ගොඩ දාගෙන...

වාහ් කොල්ලො වාහ්....""
 
මම අපි හතර දෙනාට විතරක් ඇහෙන්න
එහෙම කියනකොට
තනි අතින් අත්පුඩිය ගහන්න බැරි නිසා
ඇල්බා එක අතක් මගෙ පැත්තට දික් කලා
මමත් එයාගෙ උදව්වෙන්
සද්දෙ පිටවෙන් නැති අත්පුඩියක් ගහලා
අලුත් ජෝඩුවට සුබ පතලා හිනා උනා...
ඒ තමයි මගෙ බොක්කා...

නෝටි මල්ලෙ...
දැන් කොහොමද???

හරී සනීපයි මේහ් පේන් නැද්ද
එක අතක් සෙල් දාලා තියෙන්නේ...
ඇස් දෙක කටේ දාගෙන සූප්පු කර කර
මේ උට්ටා මගෙන් අහනවා...
හරියට නිකම් අලියට පැගුනාට පස්සෙ
ගූ ගියාද මල්ලි කියලා අහපු එකාගෙ නෑයෙක්ද කොහෙද මූ...
මම සැන්ටාට හිතින් බැන බැන
දත් තිස් දෙකම විලිස්සගෙන හිටියා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now