Part 13 👨‍❤️‍👨

865 140 96
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
******* අගෝස්තු නිවාඩුව *******

නෝටී හරිද.....""

තාම නෑ.....""

දාගත්තාද ?????

නෑඈඈඈඈඈඈ.....""

මොකද්ද කරන්නෙ බබා ඔයාට ඔච්චර වෙලාව යනවද???

පොඩ්ඩක් ඉන්නකෝඕඕ....""

අද උදේ එකම යුද්ධයයි
අපේ ගෙදර ඊශ්‍රායලයයි පලස්තීනයයි වගේ...
දැන් ඔයාලා බලනවා ඇති මේ මොකද්ද
මේ එක පරටම කියලා...
අපි දෙන්නා මේ ගමනක් යන්න බඩු ලෑස්ති කරනවා...

එකී මෙකී නොකී ආදරණීය මතක ගොඩක් එක්ක කාලය ගෙවිලා
ගිහින් අගෝස්තු නිවාඩු කාලේ ආවා...
මායි ඇල්බායි ආදරේ කරන දෙන්නෙක් විදියට ගෙවන්න යන පළවෙනි නිවාඩුව...

මායි ඇල්බායි සැන්ටායි රෝසායි හතර දෙනාම අගෝස්තු නිවාඩුට සැන්ටලාගෙ ගෙදර යන්න දාගත්තා...
සැන්ටලාගෙ ගම බන්ඩාරවෙල...
කොළඹ ඉදන් බදුල්ලට උඩරට මැණිකේ
එක්ක තමන් ආදරේ කරන කෙනාගෙ ඇගට හේත්තු වෙලා යන ගමන හරිම සුන්දරයී...

සති මැද දවසක් නිසාද මන්දා සෙනගත් වැඩිය නෑ...
අපි හිටපු පෙට්ටියෙනම් සෙනග හිටියෙම නැති තරම්...

ම කවදාවත් කෝච්චියක ගිහින් නැති නිසා
ඇල්බා තමයි කෝච්චියෙ යන ගමන යෝජනා කලේ...

මම ඉස්සො වඩේ කන්න පෙරේතයී...
ඒක ඇල්බා දන්නවා...
ගෝල්ෆේස් ගියහමත්  එයා මට ඉස්සො වඩේ අරන් දෙනවා...
එයා ඉස්සො වඩේ මල්ලකුත් අරන්
මගෙ අතින් අල්ලගෙන ගිහින් ෆුඩ් බෝර්ඩ් එකේ වාඩි කරව ගත්තා...
අපි දෙන්නා ෆුඩ් බෝර්ඩ් එකේ වාඩිවෙලා
උණු උණුඉස්සො වඩේ කකා
එයාගෙ ඇගට හේත්තු වෙලා
හුළං වැදි වැදි යනමේ ගමන මටනම් අලුත්ම අත්දැකීමක් උනා...

එයාගෙ වඩේ එකේ ඉන්න ඉස්සාවත් ගලවලා මට දෙනවා...
කාලා ඉවර උනහම වතුර බෝතලේ අරන් බොන්න දෙනවා...
කට වටේ පිහදානවා...
සමහරුන්ට බොලදයි කියලා
හිතෙනවා
ඇති ඒත් ඒ වගේ පොඩි පොඩි දේවල්
ඇතුලෙ එයාගෙ ආදරේ මට මහ හුගක් දැනුනා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now