💔 දහසයවෙනි කොටස 💔

1K 270 58
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

සංවේදනා...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                                   මම පැනලා ආවා...
එක පුංචි කොල්ලෙකුගේ ආදරේට බයේ විශාක්‍ය ධනූර් පැනලා ආවා.. කතා කරන ඇස් දෙකෙන් වෑහුන මල් කතාව පිලිගන්න බැරුව පැනලා ආව විශාක්‍යගේ රේන්ජ් රෝවර් එක හීන් වැහි පොද කපාගෙන ඉස්සරහට ඇදුනා.. වේගේ වැඩි ඇති.. හිතේ තිබුන කළඹලය, සම්පූර්ණයෙන්ම පැටවුනේ ඇක්සලේටරය උඩට..

කොහොමද ඉතින් දරාගන්නේ ,
මගේ යටිහිත ප්‍රීතිඝෝෂා තියනකොට..
උඩුහිත මට මගේ අයර්ෂාව මතක් කරනකොට...

දෙතැනක නතර වෙන්න දගලන හිත එකතැනක නතර කරගන්න බැරිම තැන මම සුක්කානමෙන් අත් අහකට ගත්තා..  ගියාවේ.. ඔහේ ඇදිලා ගියාවේ.. හුස්ම හිරවෙවී ජීවත් වෙනවාට වඩා ලේසියි උන් දෙන්නගෙන්ම දුරස් වෙන එක.. රිදුම් දෙන පපුවට අතක් තියාගෙන මම ඇස් පියා ගත්තේ සදහටම උන් දෙන්නට සමුදෙන්න..

ඒත්.... ඒ වෙලාවෙ මට ආව එක ෆෝන් කෝල් එකක් මගේ ජීවිතේම වෙනස් කරයි කියල මම හිතුවෙ නෑ...

ඉරණම ....
ඒක හරි අපූරුයි...  කොහොමද ඒ තරම් පොඩි වෙලාවකින් මගේ මුළු ජීවිතේම තීරණය කෙරුවේ..

යසයි..

කට කොණකට ආව සමච්චල් හිනාව එක්ක වාහනේ නවත්තලා මම සුක්කානමට ඔලුව බරකරගත්තා..

යසයි..

ඇස් වලින් නැවතිල්ලක් නැතුව කදුළු ගලාන එද්දී මට එච්චරමයි හිතුනේ...

කොහොමද මට එහෙම උනේ??
ඇයි මට එහෙම උනේ... ??

මං හිතුවේ නෑ.. හැමදේම දාලා යන්න ලෑස්ති උන මට ඕවා හිත හිත දුක් වෙන්න ඕනෙද?..

ඒත් එහෙම නොවුනනම්..
බලාපොරොත්තුවෙ මං හුස්ම අල්ලන් හිටියනම්...

මට මැවිලා පෙනුනේ අහිංසකයෝ දෙන්නෙක්.. අයර්ෂා සිහිලැල්..
මගේ හදවතේ අයිතිකාරයෝ..
උන්ට මොනා වෙයිද??

දැන් හරි.. ඔක්කොම හරි.. හැමදේම හරි..  අඩන්නෙපා විශී.. සතුටු වෙයන්...
දැන් යමු අපි...
විහින් පව් පුරවාගන්නෙ නැතුවම යමු...
මගේ වස්තු කැට දෙකට තවත් දුක් නොදී අයින් වෙලා පයින් යමු..

කැතයිද මංWhere stories live. Discover now